ලොකු පුතා බලන්නට ඇවිත් අවුරුදු 7ක්ම මම හිරේ..නිදහස හරිම සුන්දරයි මහත්තයෝ..මම යන්නම්..
නිදහස් දිනය වෙනුවෙන් නිදහස ලැබූ සිරකරුවෙකු පිළිබඳව ලියවුණු බව පැවසෙන සටහනක් ෆේස්බුක් ඔස්සේ කාගේත් අවදානයට යොමුව තිබෙනවා.
කොළඹ මේසන් වැඩ කළ ලොකුපුතා අනතුරට ලක්වූ බව වාර්තා වීමත් සමග ඔහු බලන්නට පැමිණි පියා දුම්රියේ ටිකට් නොගැනීම නිසා නීතියේ රැහැනට හසුව තිබෙනවා.
එය ගෙවන්නට මුදල් නොමැති කමින් වසර ගණනාවක් එම පියා සිරගතව සිටි බව එහි සඳහන්.
‘ලොකු පුතා
කොළඹ මේසන් වැඩ කරේ
ලොකු පුතාගේ නෝනා ඵ්යාව දාලා ගිහින්
දරුවො ටික මමයි මගේ නෝනයි
බලාගත්තේ…
මීට අවුරුදු හතකට විතර පෙර
පණිවිඩයක් ආවා
ලොකුපුතා වැඩ කරන තැන
පලංචියෙන් වැටිලා කියලා..
මම ඇඳන් හිටපු ඇදුම පිටින්
දුවලා ඇවිත් ඵන කොච්චියට නැග්ගේ
ඉක්මනට කොල්ලට මොකද උනේ කියලා බලන්න කොළඹ ඵන්න..
මගේ අතේ සල්ලි නෑ නේද කියලා දන්නේ
කෝච්චියට නැගලා මගක් යනකොට
මගේ කරුමෙටම කෝච්චියේ ටිකැට් චෙක් කොරන මහත්තුරු ඇවිත් ටිකට් ඉල්ලුවා ..
ටිකට් නැති නිසා මාව ඊ්ලග ස්ටේෂන් ඵකට බාර දුන්නා
මම විස්තරේ කොච්චර කීවත්
කවුරුත් ඇහුවේ නෑ
පස්සේ මාව උසාවි දැම්මා
දඩේකුත් ගැහුවා ..
රුපියල් 2500ක්ද කොහේද
අතේ සතපහක් නැති
මම කෝම දඩ ගෙවන්නද
ඊට පස්සේ මාව
හිරේට දැම්මා..
අවුරුදු 7ක්ම මම හිරේ
ගෙදර ගෑනි ලොකුපුතාට
මොනවා වෙලාද දන්නේ නෑ
මේ නිදහස් දිනේට මාව ඵලියට දැම්මා..
නිදහස හරිම සුන්දරයි මහත්තයෝ....
ඵහෙනම් මම යන්නම්..




