පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක දැක දාලා එන්න පුලුවන්ද බං. ඉතින් පෙට්ටියක් හොයාගෙන දාගෙන අරන් ආවා. මීට මාස හත අටකට කලිනුත් මං මේ වගේම පූස් පැටියෙක් පාරෙ ඉඳලා අරන් ගිහින් ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මා එයාට ගෙයක් හොයලා දෙන්න කියලා. එයත් තවම අපේ ගෙදර. ලොකු පූසිට අහු උනාම ඌව මරන් කන්න හදනවා. අමාරුවෙන් දෙන්න වෙන වෙනම තියාගෙන හදන්නෙ. එලියට ගන්නෙත් මාරුවෙන් මාරුවට, පොඩි එක්කෙනාට ගෙයක් හම්බෙනකන්.
    ඒ අස්සෙ තමයි ඉතින් මේ දෙන්නවත් සෙට් උනේ. මීට මාසෙකට විතර කලින් අපේ ලොකු පූසි කාමරෙන් එලියට පැනලා පොඩි පූසි පස්සෙ එලවගෙන ගියා අපෙ ආච්චිවත් පෙරලගෙන. එදයින් පස්සෙ උකුල් ඇටේ කැඩිලා ආච්චි එකතැන් වෙලා ඉන්නෙ. ඕවා අස්සෙ තමයි අහක බලන් යන්න බැරි කමට මං මේ දෙන්නවත් ගෙදර ගෙනිච්චෙ. ඒත් ගෙදර අය නම් ඒ හැටි මනාපයක් නෑ. දැනටම පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ. අද පල්වෙනි වෝනිං එක ආවා ආපහු හිටපු තැනටම ගිහින් දාන්න කියලා. මං ගෙදර නැති වෙලාවක ගිහින් දායිද දන්නෙත් නෑ බං :(.

    ගෙදර තත්වෙත් එක්ක මට මේ දෙන්නව තියාගන්න බෑ කොල්ලනේ. අනේ ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් මුන් දෙන්නව ගන්න. මං ඉන්නෙ ගම්පහ. ඒත් දුර කෙනෙක් උනත් කමක් නෑ. ට්‍රාන්ස්පෝර්ට් දෙන්න කැමති අයියා කෙනෙක් ඉන්නවා. ගාල්ල, මාතර, නුවර, රත්නපුර, කුරුනෑගල කොහෙ උනත් කමක් නෑ කතා කරන්න. බෙහෙත් විදලා ගෙදරටම ගෙනත් දෙන්නම් අවුලක් නෑ. මුන් ගෑනුද පිරිමිද කියලත් තාම හරියට කියන්න දන්නෙ නෑ. ඒත් ගෑනු ලමයි නම් surgery කරන කාලෙක සල්ලිත් හොයලා දෙන්නම්. ප්ලීස් ගන්න පුලුවන් කෙනෙක් ඉක්මනට කතා කරන්න. තව ලොකු කාලයක් තියෙන එකක් නෑ බං මේ අසරණයො දෙන්නට :no:


    7968BkI.jpg
    7QCNl0d.jpg
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,714
    16,931
    113
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    mokatada ban pusanta gewal hoyanne? puso wadi unama parisaraye jiwath wena parisarayata godak wadagath wena anik jiwi wishesha wala pawathmata loku tharjanayak wenawa. eka kawuruth hithanne nathi deyak :yes:

    dan ithin hangeembara wela mata baninna enna epa. man kiwwe aththa :oo:


    https://abcbirds.org/threat/cats-and-other-invasives/

    https://wildlife.org/wp-content/uploads/2017/05/FactSheet-FeralCats_FINAL-1.pdf

    https://www.inverse.com/article/22080-pet-cat-invasive-species
    ඔව් ඔව්, ඇත්ත කතාව. සමහරවිට ඔහොම කල්පනා කරපු පරිසර හිතවාදියෙක් වෙන්න ඇති මුන් දෙන්නව පාරට ගෙනත් දාන්න ඇත්තෙ :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    mokatada ban pusanta gewal hoyanne? puso wadi unama parisaraye jiwath wena parisarayata godak wadagath wena anik jiwi wishesha wala pawathmata loku tharjanayak wenawa. eka kawuruth hithanne nathi deyak :yes:

    dan ithin hangeembara wela mata baninna enna epa. man kiwwe aththa :oo:


    https://abcbirds.org/threat/cats-and-other-invasives/

    https://wildlife.org/wp-content/uploads/2017/05/FactSheet-FeralCats_FINAL-1.pdf

    https://www.inverse.com/article/22080-pet-cat-invasive-species

    උබල වගේ මිනිස්සු කියන ජාතියේ උන් පරිසරයට, ගස් කොලන් වලට සහ අනික් සත්තුන්ට තර්ජනයක්.. :yes:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ape gedara pirila:(
    එහෙමද? අවුලක් නෑ බන්. මෙයාලා ගන්න කැමති වෙන
    අදුරන කෙනෙක් වත් නැති වෙයිද හොයා ගන්න
    :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    මේක දැක්කම මම පොඩි කාලෙ කියපු සින්දුවක් මතක් වුණා..:love::love:

    පූස් පැටව් දෙන්නා..අම්මා ළඟට පැන්නා..
    ඥාව් ඥාව් ගෑවා.. අම්මා කිරි දුන්නා..
    සුදු පැටියා වාගෙ..පුළුන්ගොඩක් වාගේ..
    එහේ මෙහේ පනිමින්.. අම්මා වටේ කැරකේ..

    පව් බන්. කොච්චර අසරණද මේ සත්තු. ඒත් ඉතින් සොබාදහම තමයි. :no:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හෙනයා;25166896 said:
    උබල වගේ මිනිස්සු කියන ජාතියේ උන් පරිසරයට, ගස් කොලන් වලට සහ අනික් සත්තුන්ට තර්ජනයක්.. :yes:
    :rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kelloda kolloda meyala?
    aachchita kohomada dan
    hospitl eken beheth krala aduwak naththan palle kale ayurwede nawaththapan
    ethana leddu sanipa wenwa saahenna :yes:
     
    Last edited: