පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න
ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක දැක දාලා එන්න පුලුවන්ද බං. ඉතින් පෙට්ටියක් හොයාගෙන දාගෙන අරන් ආවා. මීට මාස හත අටකට කලිනුත් මං මේ වගේම පූස් පැටියෙක් පාරෙ ඉඳලා අරන් ගිහින් ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මා එයාට ගෙයක් හොයලා දෙන්න කියලා. එයත් තවම අපේ ගෙදර. ලොකු පූසිට අහු උනාම ඌව මරන් කන්න හදනවා. අමාරුවෙන් දෙන්න වෙන වෙනම තියාගෙන හදන්නෙ. එලියට ගන්නෙත් මාරුවෙන් මාරුවට, පොඩි එක්කෙනාට ගෙයක් හම්බෙනකන්.
ඒ අස්සෙ තමයි ඉතින් මේ දෙන්නවත් සෙට් උනේ. මීට මාසෙකට විතර කලින් අපේ ලොකු පූසි කාමරෙන් එලියට පැනලා පොඩි පූසි පස්සෙ එලවගෙන ගියා අපෙ ආච්චිවත් පෙරලගෙන. එදයින් පස්සෙ උකුල් ඇටේ කැඩිලා ආච්චි එකතැන් වෙලා ඉන්නෙ. ඕවා අස්සෙ තමයි අහක බලන් යන්න බැරි කමට මං මේ දෙන්නවත් ගෙදර ගෙනිච්චෙ. ඒත් ගෙදර අය නම් ඒ හැටි මනාපයක් නෑ. දැනටම පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ. අද පල්වෙනි වෝනිං එක ආවා ආපහු හිටපු තැනටම ගිහින් දාන්න කියලා. මං ගෙදර නැති වෙලාවක ගිහින් දායිද දන්නෙත් නෑ බං
.
ගෙදර තත්වෙත් එක්ක මට මේ දෙන්නව තියාගන්න බෑ කොල්ලනේ. අනේ ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් මුන් දෙන්නව ගන්න. මං ඉන්නෙ ගම්පහ. ඒත් දුර කෙනෙක් උනත් කමක් නෑ. ට්‍රාන්ස්පෝර්ට් දෙන්න කැමති අයියා කෙනෙක් ඉන්නවා. ගාල්ල, මාතර, නුවර, රත්නපුර, කුරුනෑගල කොහෙ උනත් කමක් නෑ කතා කරන්න. බෙහෙත් විදලා ගෙදරටම ගෙනත් දෙන්නම් අවුලක් නෑ. මුන් ගෑනුද පිරිමිද කියලත් තාම හරියට කියන්න දන්නෙ නෑ. ඒත් ගෑනු ලමයි නම් surgery කරන කාලෙක සල්ලිත් හොයලා දෙන්නම්. ප්ලීස් ගන්න පුලුවන් කෙනෙක් ඉක්මනට කතා කරන්න. තව ලොකු කාලයක් තියෙන එකක් නෑ බං මේ අසරණයො දෙන්නට
ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක දැක දාලා එන්න පුලුවන්ද බං. ඉතින් පෙට්ටියක් හොයාගෙන දාගෙන අරන් ආවා. මීට මාස හත අටකට කලිනුත් මං මේ වගේම පූස් පැටියෙක් පාරෙ ඉඳලා අරන් ගිහින් ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මා එයාට ගෙයක් හොයලා දෙන්න කියලා. එයත් තවම අපේ ගෙදර. ලොකු පූසිට අහු උනාම ඌව මරන් කන්න හදනවා. අමාරුවෙන් දෙන්න වෙන වෙනම තියාගෙන හදන්නෙ. එලියට ගන්නෙත් මාරුවෙන් මාරුවට, පොඩි එක්කෙනාට ගෙයක් හම්බෙනකන්.
ඒ අස්සෙ තමයි ඉතින් මේ දෙන්නවත් සෙට් උනේ. මීට මාසෙකට විතර කලින් අපේ ලොකු පූසි කාමරෙන් එලියට පැනලා පොඩි පූසි පස්සෙ එලවගෙන ගියා අපෙ ආච්චිවත් පෙරලගෙන. එදයින් පස්සෙ උකුල් ඇටේ කැඩිලා ආච්චි එකතැන් වෙලා ඉන්නෙ. ඕවා අස්සෙ තමයි අහක බලන් යන්න බැරි කමට මං මේ දෙන්නවත් ගෙදර ගෙනිච්චෙ. ඒත් ගෙදර අය නම් ඒ හැටි මනාපයක් නෑ. දැනටම පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ. අද පල්වෙනි වෝනිං එක ආවා ආපහු හිටපු තැනටම ගිහින් දාන්න කියලා. මං ගෙදර නැති වෙලාවක ගිහින් දායිද දන්නෙත් නෑ බං
. ගෙදර තත්වෙත් එක්ක මට මේ දෙන්නව තියාගන්න බෑ කොල්ලනේ. අනේ ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් මුන් දෙන්නව ගන්න. මං ඉන්නෙ ගම්පහ. ඒත් දුර කෙනෙක් උනත් කමක් නෑ. ට්‍රාන්ස්පෝර්ට් දෙන්න කැමති අයියා කෙනෙක් ඉන්නවා. ගාල්ල, මාතර, නුවර, රත්නපුර, කුරුනෑගල කොහෙ උනත් කමක් නෑ කතා කරන්න. බෙහෙත් විදලා ගෙදරටම ගෙනත් දෙන්නම් අවුලක් නෑ. මුන් ගෑනුද පිරිමිද කියලත් තාම හරියට කියන්න දන්නෙ නෑ. ඒත් ගෑනු ලමයි නම් surgery කරන කාලෙක සල්ලිත් හොයලා දෙන්නම්. ප්ලීස් ගන්න පුලුවන් කෙනෙක් ඉක්මනට කතා කරන්න. තව ලොකු කාලයක් තියෙන එකක් නෑ බං මේ අසරණයො දෙන්නට

Last edited: