welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එක සති ගානකට කලින් දැම්මෙ පිටරට ඉන්න ලන්කාවෙ මනුස්සයන්ට පිහිට වෙන්න හිතෙ දුක නැති කරන්න පකෙ අමනුෂ්‍ය යක්ශයොන්ට නෙමෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2020 මාර්තු 2 මිලානෝ සිට ..අළුත්ම ආරංචි ඉතාලියෙන් කොරෝනා virus ඉතාලියේ රෝගීන් 1700 ක්. 83 සුවට.
    ඉතාලියේ මිලානෝ නුවර සිට අදත් ඔබ අමතන්නේ ඉතාම සිත් කාන්සියෙන් ..ලෝකයා ඉතාලිය මග හරිද්දී අපි තවමත් කොරෝනා වයිරසයේ මුල් භාගයේ වෙසෙන රටක විදේශකයන්ගේ ආගන්තුකයන් බවට පත්වී ඇත.ඊයේ ඇමෙරිකාව ,ඊශ්‍රායලය, තුර්කිය සහ තවත් අරාබි රටවල් ඉතාලියට පැමිණීම තහංචි පැනවූ වූ අයුරු මාධ්‍ය වලින් දැක බලා ගත්තේ හිතේ දෙගෙඩියාව තද කර ගනිමින්ය .
    ඔබ පැල්පතක සිටින විට සහ ලැව් ගින්නක් අනතුරුදායක ලෙස ළඟා වනවා ඔබ දුටුවහොත්, සමහර විට ඔබ සියල්ල අතහැර දමා පලා යා යුතුය. . එලෙසම, අපි “යම් දෙයකට අපව අතහැර දැමීම” යන ප්‍රකාශය භාවිතා කරන විට, අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ අපගේ නිෂේධනයන්, බිය සහ පැකිලීම් අතහැර දමා ඇති බවයි. සාමාන්‍යයෙන් අත්හැරීම ධනාත්මක අර්ථයක් නැත.“ විශේෂයෙන් සෞඛ්‍යය හා ආබාධිතභාවය කිසි විටෙකත් පුද්ගලයෙකු හෝ රටක් බැහැර කිරීමට සාධාරණ හේතුවක් නොවේය .ආබාධිතභාවය, ලෙඩ දුක් වේදනා සියල්ලට ප්‍රථම ප්‍රථමාධාරය අනෙකාට ඇති ආදරය විය යුතුය අතහැර දැමීම, බැහැර කිරීම, අහිමිවීමේ සීමාවය ”"සමාජයක හෝ රටක වර්තමානය ඉතත කරුණු මත බිඳ වැටෙන විට, එය මොහොතකට ජීවත්වන වැසියාට තද පීඩනයක් වුවත් තවත් අසල අසල් වැසි හෝ මිතුරු දම් රැඳී රටකින්ආත්මාර්ථකාමීත්වය තුලින් නොදෙන ධෛර්ය ගැන කෙසේ සටහන් කල යුතුද ?තම දුෂණ දේශපාලන බල ලෝභයෙන් කුරිරු වූ දේශපාලකයන් සිටින ලෝකයක සහයෝගීතාව සහ පරෝපකාරය සහ ආගන්තුක සත්කාරය මුළු ලෝකයටම කියා දුන් ජාතිය ඉතාලි බව මා මෙහි ගතකල කාලයේ සාධක කොතෙකුත් ඇත. ලෝක ඉතිහාසයේත් එය රන් අකුරෙන් ලියා තැබූ අවස්ථාද එමටය අවසන් වශයෙන් ලෝකයා ඉදිරියේ තනිවම නැගිටින්නට ඉතාලිය පුදුරු වූ පළමු අවස්තාව මෙයද නොවන බව කිව යුතුමය..
    අද විස්තර
    ඊයේ ඉතාලි රජය කොරෝනා වයිරසය මැඩලීම සඳහා ඉතාලිය කොටස් තුකට බේදා වෙන් කළා .ආපදා සහ වයිරසය සඳහා මිලියන් 4 ක් වෙන් කල අතර රතු, කහ ,ශුන්‍ය ප්‍රාන්ත වර්ගීකරණයකට භාජනය කළා.
    රතු කලාපයට (Lombardia i නගර සභා di Bertonico, Casalpusterlengo, Castelgerundo, Castiglione D'Adda, Codogno, Fombio, Maleo, San Fiorano, Somaglia, Terranova dei Passerini; in Veneto il comune di Vò) කහ කලාපය (L'Emilia Romagna, la Lombardia, il Veneto, le province di Pesaro e Urbino, Savona), සමස්ත ජාතික භූමිය අන්‍ය ශුද්‍ය වශයෙන් හදුන්වන අතර .රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මේවාය.මේ තීරණ මාර්තු 8 දක්වා වලංගු බවට දැනුවත් කළා.
    රතු කලාපය ..වෛරසය මිඩංගු කිරීමේ පියවර වනුයේ: නගර පදිංචි සිටින සියලුම පුද්ගලයින් ඉවත්වීම තහනම් කිරීම; ඇතුල් වීම තහනම් කිරීම,සියලු සිදුවීම් හා මුලපිරීම් අත්හිටුවීම, පාසල් වසා දැමීම, අධ්‍යාපන චාරිකා අත්හිටුවීම, කෞතුකාගාර සහ වෙනත් සංස්කෘතික ආයතන වසා දැමීම, රජයේ කාර්යාලවල ක්‍රියාකාරකම් අත්හිටුවීම (අත්‍යවශ්‍ය සේවා හැර) ,ආයතන සහ කර්මාන්ත ශාලා බංකොලොත් භාවය සහ නීති ක්‍රියා පටිපාටි අත්හිටුවීම, මහජන උපයෝගීතා බැහැර කිරීමත් සමඟ සියලු වාණිජ කටයුතු වසා දැමීම, ප්‍රවාහන සේවා අත්හිටුවීම, අත්‍යවශ්‍ය සේවා සපයන සමාගම් හැර සමාගම්වල ක්‍රියාකාරකම් අත්හිටුවීම.
    කහ කලාපය ...මෙම බලප්‍රදේශවල ක්‍රීඩා ඉසව් සහ තරඟ අත්හිටුවා ඇති අතර චාරිකා විනෝද ගමන් බිමන් ද අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, නියෝගය සංවෘත සීමා පිටුපස තරඟ පැවැත්වීමට ඉඩ දෙයි. සංස්කෘතික, විනෝදාත්මක, ක්‍රීඩා සහ ආගමික සිදුවීම් (සිනමා ශාලා, සිනමාහල්, ඩිස්කෝ ආදිය) ඇතුළුව සියලුම “සාමාන්‍ය නොවන” සිදුවීම් ද අත්හිටුවා ඇත. මිනිසුන් එක්රැස් වීම වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙන් පූජනීය ස්ථාන විවෘත කිරීම කොන්දේසි සහිත වේ. සියලුම ශ්‍රේණිවල පාසල් වසා තබනු ඇත. කෝටා පාලන ක්‍රමයක් සහතික කිරීමේ කොන්දේසිය මත කෞතුකාගාර විවෘත වේ. මහජන තරඟ අත්හිටුවා ඇත. බාර් සහ ආපනශාලා පාරිභෝගිකයින්ට සේවය කරන්නේ ආසනයක් පමණක් වන අතර පාරිභෝගිකයින්ට මීටරයක් ​​දුරින් සිටිය යුතුය යන කොන්දේසිය මත සේවාවන් ඉටු කිරීමට හැකි වේ. රෝහල් පහසුකම් සඳහා අමුත්තන්ට ප්‍රවේශ වීම සීමා කරනු ඇත. සෞඛ්‍ය හා තාක්ෂණික නිලධාරීන්ගේ සාමාන්‍ය නිවාඩු අත්හිටුවා ඇත. බර්ගමෝ, ලෝඩි, පියසෙන්සා සහ ක්‍රෙමෝනා යන පළාත්වල විශාල සාප්පු මධ්‍යස්ථාන සති අන්තයේ වසා දැමීමට අපේක්ෂා කෙරේ. ලොම්බාර්ඩි සහ පියසෙන්සා පළාතේ ජිම් වසා තබනු ඇත.
    ශුන්‍ය මුළු ජාතික භුමිය ..
    මුළු ජාතික භූමියම වයිරසය වැළැක්වීමේ පියවර සියලුම පාසල්වල පිළිවෙලට හා ශ්‍රේණියේ පළ කරනු ලැබේ. අත් සනීපාරක්ෂාව සඳහා විෂබීජ නාශක විසඳුම් රාජ්‍ය පරිපාලන ගොඩනැගිලිවල සහ මහජනයාට විවෘතව ඇති පරිශ්‍රයන්හි ලබා දෙනු ඇත. නගරාධිපතිවරු ව්‍යාපාරික ස්ථානවල තොරතුරු බෙදා හැරීම ප්‍රවර්ධනය කරනු ඇත. පොදු ප්‍රවාහන සමාගම් අසාමාන්‍ය සනීපාරක්ෂක පියවර ගනු ඇත. තරඟකාරී ක්‍රියා පටිපාටිවලදී අපේක්ෂකයින් අතර සම්බන්ධතා අඩු කිරීමට පියවර ගනු ලැබේ. පෙබරවාරි 14 සිට චීනයෙන් හෝ ඉතාලි රතු කලාපයෙන් ආපසු පැමිණි ඕනෑම අයෙකු ඔවුන්ගේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියට දැනුම් දිය යුතුය. දුරකථන ආකෘති පත්‍ර පහසුකම් සපයයි. සියලුම අධ්‍යාපන චාරිකා මාර්තු 15 දක්වා අත්හිටුවා ඇත.
    රටේ අනිත් නගරවල සියලු දෙනා මේ පිළිබඳව දැනුවත් කිරීම වෙබ් පිටු සහ සන්නිවේදන වලින් කරගෙන යනවා.මේ අතර ඉතාලි රජය lombardia ..Emiliya සහ Veneto ප්‍රාන්තවල යලිත් පාසල් වැසීමට තීරණය කළා
    කොරෝනා වයිරස්, පුද්ගලයින්1694 ක් අද වෛරසය සඳහා ධනාත්මක වී ඇති අතර රෝගීන් 1577 ක් සඳහා ඉතාලිය පුරා සොයා ගෙනඇති අතර මියගිය34 දෙනෙකු සහ 83 දෙනෙකු නිත්‍ය සුවය ලබා ඇත."රෝහල්ගතව සිටින පුද්ගලයින් 38% ක්" රෝගී පුද්ගලයින්ගෙන් 15% ක් සහ දැඩි සත්කාර ඒකකයේ 20% ක් "යැයි කොරොන වයිරස් හදිසි අවස්ථා පිළිබඳ ප්‍රධාන කොමසාරිස් ඇන්ජලෝ බෝරෙලි සිවිල් ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසුවා .කොරොන වයිරස් රෝගීන්ගෙන් 62% ක් නිවසේ හුදකලාව සිටන බවත් කියා සිටියා.
    ඉතාලියේ සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී, ජාතික සිවිල් ආරක්ෂණ සේවයේ සංරචක සහ මෙහෙයුම් ව්‍යුහයන්ගේ මැදිහත්වීම් සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා මෙහෙයුම් කමිටුවේ කටයුතු අඛණ්ඩව අදත් සිදුවූ වූ අතර ජාතික භූමිය තුළ කොරොන වයිරස් පැතිරීම හා සම්බන්ධ සෞඛ්‍ය අධීක්ෂණයේ වාර්තාවයි මේ .
    ඒ ප්‍රාන්ත විස්තරාත්මකව: Lombardia (milano) හි කොරොන වයිරස් රෝගීන් 914 ක්,Veneto 263 ක්,Emila Romagna 285 ක්,Liguria හි25 ක්, Piemonte 49 ක්,Toscana හි 13 ක්,Marche 25 ක්,Sisily 9 ක්, Campania 17 ක්, Lazio හි 6 ක් ,Puglia හි 3 ක්, Abruzzo 5 ක්, Calabria 1 ක් සහ බොල්සානෝ හි ස්වාධීන පළාතේ 1 ක්.
    රෝගීන් 639 දෙනෙකු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති අතර 140 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින අතර 798 දෙනෙකු නිවාස හුදකලාව සිටිති. පුද්ගලයින් 83 දෙනෙකු සුවය ලබා ඇත.34 දෙනෙකු මියගොස් ඇත, කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාව සනාථ කළ හැක්කේ සෞඛ්‍ය ආයතනය මරණයට සැබෑ හේතුව තහවුරු කිරීමෙන් පසුව පමණි.මේ අතර සියලු රෝහල් වල දැඩි ප්‍රස්නයක් වී ඇති වෛද්‍යවරුන් හා හෙදි අඩුවට විශ්‍රාමික වෛද්‍යවරුන් හා හෙදියන් බඳවා ගන්නා ලෙසත් තත්වය බරපතල වූ විටකදී පුද්ගලික ආරෝග්‍ය ශාලා වෛද්‍යවරුන් හා හෙදියන් ගේ සහය ලබා ගන්නට ඉදිරියේ පියවර ගන්නා බව .. ලොම්බාර්ඩ් සුභසාධන මන්ත්‍රී ජියුලියෝ ගාලේරා මහතා ඊයේ සවස මාධ්‍ය ට ප්‍රකාශ කළා.
    මේ අතර සිරියාව සහ තුර්කිය අතර ඇති වූ යුදමය වාතාවරණයෙන් සිරියාවේ 13000 ජන කොටස් ග්රිසීයේ දේශ සිමාවේ පීඩිත වී සිටින අයුරු සැටි පුවත් පත් සහ tv මාධ්‍ය වාර්තා කළා ග්‍රීසිය විශේෂ හමුදාවක් දේශසීමාවල යොදා ඇති අයුරු අපට පෙනී ගියා .නොයෙක් අපහසුතාවන් මැද පවුල් තම දරුවන් සමග යුරෝපය කෙසේ හෝ පැමිණෙන්නට බලාපොරොත්තු වී සිටිනවා.onu ලෝක සංවිධානය අද මේ ප්‍රශ්නය පිලිබදව සාකච්චාවක් සඳහා තුර්කිය සහ සිරියාව ඇරයුම් කර තිබෙනවා.
    අවසන් වශයෙන් අදට ඉතාලියේ හෝ මිලානෝ lombardia අනිත් පලාත්වල අප ශ්‍රීලාංකිකයන් වයිරසයට ගොදුරු වී නැහැ.කෙසේ වෙතත් ගමනාගමනයත් ආයතන සහ කාර්යාල අද යථා තත්වයට සුළුවෙන් හෝ ආරම්භ වුනා. වියාපාර සහ ආයතන net සහ link හරහා Smart Work (නිවසේ රැඳෙමින්) සේවයේ යෙදෙනවා .විශේෂයෙන් ගුවන් තොටුපවල් සහ ප්‍රධාන දුම්රිය පළවල් ජනයාගෙන් පිරී ඇති බවක් පෙනෙන්නට නැහැ.මෙහෙ පාසල් සියල්ල මාර්තු 8 තෙක් යලිත් වසා දැම්මා .
    හෙට විස්තර වලින් හමු වෙමු ..සියල්ලන්ටම නිරෝගී සැප අත් වේවා ( සියලු දත්ත කාලයට අනුව වෙනස් විය හැකියි ) ....පනා ....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25193350 said:


    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(
    තා

    තාම ලන්කාවෙ ඉන්නෙ මෙ රොගියා විතරයි fake නිව්ස් බලන්න එපා :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!


    හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් ඉල්ලා සිටී. රෝගය පැතිරීම වැලක්වීම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු ලෙසත්, ආර්ථික බිඳවැටීමෙන් පීඩාවට පත්වන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කරන ලෙසත් කම්කරු පන්තිය ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතු ය.

    අන්තරාය අතිශයෝක්තියෙන් දැක්වීම අනවශ්‍ය ය. ලොව පුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 100,000ට ආසන්න වෙමින් තිබෙන අතර මරන ගනන 3,000 කට ආසන්න ය. ආසාදිතයින්ගෙන් බහුතරය චීනයේ සිටින නමුත් වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතී. ඉතාලියේ රෝගීන් සිය ගනනක් (වාර්තා වූ මරන 14 ක්), ඉරානය (මරන 26) හා දකුනු කොරියාව (මරන 13) ද ඇතුලුව රටවල් 47 කින් ආසාදිත පුද්ගලයින් ව හඳුනාගෙන ඇත.

    පෙබරවාරි 27දා ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදය එම රටවල පලමු ආසාදනය වීම් වාර්තා කලේ, එය බෝ වූ ආකාරය පිලිබඳ පැහදිලි ප්‍රභවයක් නොමැති ව වන අතර, එමගින් පෙන්නුම් කරන්නේ රෝගය පැතිරුනු මධ්‍යස්ථානවලට සංචාරය නො කල පුද්ගලයින් වෙත එය පැතිරීමට පටන් ගෙන ඇති බව යි. මේ අතර ඉරානයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇති ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි ය. රෝග ලක්ෂන තිබෙන බව පෙන්නුම් කල එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා නිරෝධායනය සඳහා ගොස් ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ (උ්‍යධ) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රෙයෙසස් පෙබරවාරි 27දා කියා සිටියේ ඕනෑම රටකට රෝගයෙන් පහර නො වදිනු ඇත යි විශ්වාස කිරීම “මාරාන්තික වැරැද්දක්” වනු ඇති බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකා ඉරා ලෝන්ගිනි පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහා හදිසි පියවර නො මැතිව, අවසානයේ එය ලෝකයේ තුනෙන් දෙකකට ආසාදනය විය හැකි බවත් එයින් මිලියන සිය ගනනක් මරනයට පත්වනු ඇති බවත් ය.

    වෛරසයෙන් ඇති වන ආර්ථික හානිය 2008 මූල්‍ය අර්බුදයේ පරිමාව ඉක්මවා යා හැකිය. 2008 මූල්‍ය අර්බුදය විසින් ඇවිලවූ අවපාතය ගෝලීය දල දේශීය නිෂ්පාදිතය සියයට 0.5 කින් පහත වැටීමට මග පෑදූ අතර පුද්ගලයන් කෝටි ගනනකගේ රැකියා විනාශ කලේ ය.

    අර්බුදය සම්බන්ධයෙන් පාලක ප්‍රභූව හා ඔවුන් පාලනය කරන ආන්ඩුවල ප්‍රතිචාරය, අකාර්යක්ෂමතාව සාපරාධී මට්ටමේ උදාසීනත්වය සමඟ ඒකාබද්ධ කරයි. මෙය එක්සත් ජනපදය තරම් වෙනත් කිසි තැනක පැහැදිලි ව දක්නට නො ලැබේ.

    සංගත හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ධනය මත කොරෝනා වෛරසයේ බලපෑම පිලිබඳ ව සියල්ලටම වඩා සැලකිලිමත් වූ ජනාධිපති ට්‍රම්ප්, අන්තරාය අවතක්සේරු කිරීමට හා සූදානම් වීමේ මට්ටම තරයේ අධිතක්සේරු කිරීමට උත්සාහ කර ඇත. “කුමක් සිදු වුවත්, අපි මුලුමනින්ම සූදානම්” යැයි ඔහු පෙබරවාරි 26දා පැවසී ය.

    ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද ආන්ඩුව රෝගයේ විශාල පැතිරීමක් සඳහා මුලුමනින් ම නො සූදානම් ය. වෛරසය ක්‍රමානුකූල ව පරීක්ෂා කිරීමට ක්‍රමික සැලැස්මක් පවා නොමැත. සම්භවය අප්‍රකට වූ එක්සත් ජනපදයෙන් වාර්තා වූ පලමු ආසාදිතයා වන කැලිෆෝනියාවේ පුද්ගලයාට රෝග ලක්ෂන පලමුවරට පෙන්වීමෙන් පසු දින ගනනක් යන තෙක් පරීක්ෂනයක් ලබා දී නො තිබුනි.

    සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ශ්වසන මුහුනු ආවරන ඇතුලු මූලික සෞඛ්‍ය උපකරනවල දැඩි හිඟයක් පවතී. ආන්ඩුව සතුව ඇත්තේ මිලියන 30 ක් පමනක් වන අතර, මිලියන 300 ක් අවශ්‍ය වන බවට ගනන් බලා තිබේ.

    ට්‍රම්ප් පරිපාලනය, කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා ආන්ඩුවේ පරිපාලකයා ලෙස, උප ජනාධිපති මයික් පෙන්ස් පත් කර ඇත. ඉන්දියානා ප්‍රාන්තයේ ආන්ඩුකාරවරයා ව සිටිය දී, ඔහුගේ අකාර්යක්ෂමතාව හා ප්‍රතිගාමී ආගමික දෘෂ්ටිවාදය, එච්අයිවී පැතිර යාමකට හේතු විය. මෙම පත්වීමෙහි මූලික පරමාර්ථය වන්නේ, පරිපාලනයේ ප්‍රතිචාරයට පටහැනි වන්නා වූ අනතුරු ඇගවීම් කරන ඕනෑම නිලධාරියෙකුගේ කට වසා දැමීමට යි.

    කම්කරු පන්තිය පුලුල් හා හදිසි පියවර ඉල්ලා සිටිමින් ඒ සඳහා සටන් වැදිය යුතු ය. මෙම අර්බුදය ඉල්ලා සිටින්නේ:

    1. ගෝලීය බලමුලු ගැන්වීමක්

    කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්‍රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ.

    විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය. ඉරානයට පනවා ඇති වර්ගයේ ආර්ථික සම්බාධක හා සියලු ම වෙලඳ යුද ක්‍රියාමාර්ග වහා ම ඉවත් කල යුතු ය. කිසිම මිනිසෙකුට ඔවුන්ගේ ජාතික හෝ ජනවාර්ගික සම්භවය හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප නො කල යුතු ය.

    යුරෝපයේ හා එක්සත් ජනපදයේ ප්‍රධාන ධනවාදී බලවතුන් විසින් පිහිටුවා ඇති සංක්‍රමනික හා සරනාගත කඳවුරුවල රඳවා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව කෙරෙහි හදිසි අවධානය යොමු කල යුතු ය. මෙම කඳවුරු වෛරසය පැතිරීමේ ප්‍රධාන අවදානම් ප්‍රදේශ වනු ඇත. දැනට එවැනි කඳවුරුවල සිටින සියලු දෙනාට ම ආරක්ෂිත නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දිය යුතු ය.

    සංචාරය කරමින් සිටින්නන් හෝ ආසාදිතයින් සඳහා නිරෝධායන ක්‍රියාත්මක කල යුතු තැන් වල, එය කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන්නා වූ හා පුද්ගලික ගෞරවය ආරක්ෂා කරන්නා වූ ආකාරයට ය.

    2. සෞඛ්‍ය සේවා හා ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් සම්පත් වෙන් කිරීම

    වෛරසය ආසාදනය වූ සියලු දෙනා සඳහා ඉහල ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීම සඳහා ඩොලර් බිලියන සිය ගනනක් වහා ම වෙන් කල යුතු ය. පැතිරීම් ඇති තැන්වල ප්‍රතිකාර සමායෝජනය කිරීමට සෞඛ්‍ය ආරක්ෂන විශේෂඥයින් හා විද්‍යාඥයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර කන්ඩායමක් එක්රැස් කල යුතු ය.

    එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය ඩොලර් බිලියන 2 ක් ප්‍රමානවත් ද (ධවල මන්දිරයේ ස්ථාවරය) නැතහොත් ඩොලර් බිලියන 8 ක් අවශ්‍ය ද (ඩිමොක්‍රටිකයන්ගේ ස්ථාවරය) පිලිබඳව “විවාදයක” නිරතව සිටී. ගෝලීය අර්බුදයේ පරිමාව සමග සසඳන විට මෙම සංඛ්‍යා දෙකම නියෝජනය කරන්නේ මහා ජල බඳුනට ජලය බිංදුවක් එකතු කිරීමකි.

    ට්‍රම්ප් පරිපාලනය, එය කොරෝනා වෛරසයට වෙන් කිරීමට යෝජනා කරනාවට වඩා පස් ගුනයකට වැඩි මුදලක් (ඩොලර් බිලියන 11ක්) එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ ප්‍රතිගාමී තාප්පය සඳහා වියදම් කර ඇත. එක්සත් ජනපද යුද යාන්ත්‍රනයට මුදල් යෙදවීම සඳහා සෑම දිනක ම ඩොලර් බිලියන 3 ක් පමන වැය කරනු ලබයි.

    සෞඛ්‍ය රැකවරනය හා ප්‍රතිකාර සම්බන්ධ ප්‍රතිපාදන සැපයීම රක්ෂන, ඖෂධ හා සෞඛ්‍ය සේවා සමාගම් මගින් නියාමනය කල නො හැක. අනාගතයේ සොයාගන්නා ඕනෑම එන්නතක් ඇතුලු ප්‍රතිකාර, ගාස්තු රහිත ව, සමාන පදනමක් මත, සෑම කෙනෙකුට ම ලබා දිය යුතු ය.

    කොරෝනා වෛරසය හා අනෙකුත් හදිසි සෞඛ්‍ය අවස්ථා විසින් මතු කරනු ලබන හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යෝධ සෞඛ්‍ය සේවා සමාගම්, ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරන මහජන උපයෝගිතා බවට පත් කරනු ලැබිය යුතු ය.

    3. ආර්ථික ප්‍රතිවිපාකවලින් බලපෑමට ලක්වූ සියලු දෙනා සඳහා සෘජු මූල්‍ය ආධාර සහ ආදායම් වන්දි

    කොරෝනා වෛරසයේ ක්ෂනික බලපෑම හා එහි පුලුල් ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් මිලියන ගනනක් කම්කරුවෝ වැඩ පැය ගනන අඩු කිරීමකට හෝ රැකියා අහිමිවීමකට මුහුන දෙති. ඔවුන්ගේ අහිමිවීම් වෙනුවෙන් ඔවුන්ට පූර්න වන්දි ගෙවිය යුතු ය.

    එවැනි හදිසි ප්‍රතිචාරයක් සඳහා මුදල් නොමැති බවට ආන්ඩු හා ධනේශ්වර ප්‍රභූන් තර්ක කරනු ඇත. මෙය බොරුවකි! මිලිටරි වියදම් සඳහා ධනේශ්වර ආන්ඩු විසින් වියදම් කරනු ලබන මුදල ඩොලර් ට්‍රිලියන ගනනකි. එක්සත් ජනපදයේ පමනක් වාර්ෂික මිලිටරි අයවැය ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි ය. එපමනක් නො ව, එක්සත් ජනපද මහබැංකුව විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන ධනේශ්වර ආන්ඩු, කොටස්වල වෙලඳපොල වටිනාකම් ඉහල නැංවීම සඳහා සැබවින් ම අසීමිත මුදල් ප්‍රමානයක් වෙන් කර ඇත. 2008 මූල්‍ය කඩාවැටීමෙන් සති කිහිපයක් ඇතුලත, එක්සත් ජනපද ආන්ඩුව එක රැයකින් ජාතික නය දෙගුනයක් කලේ, කොටස් වෙලඳපොල සඳහා ද්‍රවශීලතාව සැපයීමට හා දූෂිත ආයෝජකයින්ට ඇප ලබා දීම සඳහා ය.

    එපමනක් නො ව, අතිවිශාල මුදල් ප්‍රමානයක් පාලනය කරනු ලබන්නේ ලෝක ජනගහනයෙන් ඉතා කුඩා වූ ප්‍රතිශතයක් විසිනි. පසුගිය වසරේ පමනක්, ඩොලර් ට්‍රිලියන 1.2 ක ඉහල යාමකින් පසු, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 6 කට ආසන්න ය. හදිසි තත්ත්වය විසින් ඉල්ලනු ලබන ප්‍රමානයට ආන්ඩු විසින් කතිපයාධිකාරීන්ගේ ධනය මත හදිසි බදු පැනවිය යුතු යැයි කම්කරුවන් ඉල්ලා සිටිය යුතු ය.

    ධනේශ්වර ආන්ඩු මෙම හදිසි පියවර ක්‍රියාත්මක කල යුතු යැයි ඉල්ලා සිටීමේ දී, ජාත්‍යන්තර කම්කරු පන්තිය තම මූලික අරමුන වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම අත් නො හරියි. ඊට වෙනස් ව, හදිසි ක්‍රියාමාර්ග සඳහා වන අරගලය කම්කරු පන්තියේ සවිඥානකත්වය ඉහල නංවමින් හා ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධය වර්ධනය කරමින් එහි දේශපාලන ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත.

    වත්මන් අර්බුදය යලි වතාවක් ප්‍රදර්ශනය කරන්නේ ධනවාදය යල්පැනගිය ආර්ථික පද්ධතියක් මෙන් ම මානව ප්‍රගතියට ද බාධාවක් බව යි. මෙම වසංගතය හා ගෝලීය උනුසුම් විමේ විනාසකාරී ගම්‍යයන් විසින් මතු කෙරෙන අනතුර සනාත කරන්නේ ධ
    නේශ්වර පද්ධතිය ලෝක සමාජවාදයට ඉඩ දිය යුතු බව යි.

    https://www.wsws.org/si/articles/2020/03/02/pers-m02.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    Italy death toll rises to 79
    The number of people who have died in Italy's coronavirus outbreak has risen to 79 from 52, the country's civil protection agency says.

    The total number of people who have tested positive for the virus is now 2,502, up from Monday's figure of 2,036.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    84571653_3528983347176089_4808468852855799808_o.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් සුබ ආරන්චියක් මට දැන ගන්න ලාබුනා

    අර බ්රෙසියා ඉන්න ගැනි ඉන්නෙ චිවිලියෙ කියල බ්‍රෙසියා වල ඉන්න ලොකුම ඉස්පිරිතාලෙ

    උබලා විඩ්‍ යො එක බලද්දි එ ගැනි කියනවා එකි වැඩ කරපු සිශොරා එ කියන්නෙ වැඩ කරපු නොනාත් කොරොනා හාදිලා කියලා එක බොරුවක් කියලා මෙ දැන් බ්‍රෙසියා වල ඉන්න මගෙ හිතවතෙක් කියුවා එහෙම එකි වාඩ කරපු තැන ගෙනෙක් එ හොස්පිටල් එකෙ නැ එ ගැනි ඉන්න හොස්පිටල් එක තමයි එ පැත්තෙ තියන ලොකුම කොරොනා හොස්පිටල් එක බොරුව අතෙ මාට්ටු :angry:

    එ ගානි වටෙටම නය වෙලා ලමයෙකුත් නාති වටෙ යන බඩ්ඩක්ලු කටත් එච්චර හොද නාලු මිනිහාත් බෙබෙක්ලු

    මාසසික ලෙඩකුත් එ ගනි ට තියෙන්න පුලුවන් විශෙශයිම ප්‍රසිද වෙන්න ආසවකුත් තියෙනවා තාම ඉතාලියෙ කිසිම මිඩ් යා එකකින් මෙ ගනිට කොරොනා කියලා කියුවෙත් නැ

    අනික මෙ ගැනිගෙ ගමත් එ ව්ඩ්‍ යො එකෙ කියනවා මෙ ගැනිට මොලයක් තියනවා නම් නම් ගම් ඔනෙවටත් වඩා කියන්නෙ මොකද එක නිසා මෙ ගැනි කියන ඩෙ ගැන ලොකු අවදානයකින්
    ඉන්න ඔනෙ බය වෙන්න නරකයි

     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනාහේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අ ත්හිටුවීමට සැරසෙයි

    තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්‍යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා.

    එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වනවා.

    කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදුණු කොරියානුවන් 4335ක් මේ වන විට එරටින් හමුවී ඇති අතර, මරණ 26ක් ද වාර්තා වී තිබෙනවා.

    කොරියානු ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් අත්හිටුවීම එරට සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට බලපෑමක් ඇති කළ හැකි බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා.

    කෙසේ නමුත්, දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වසරක් හෝ දෙකක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සිය කොරියානු සංචාර, කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට අදහස් නොකරන බව සඳහන්.

    දකුණු කොරියාවේ දැනට සේවය කරන ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ද සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු එරට රැදී සිටින බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්‍යක්ෂවරයා කියා සිටියා.

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16කින් දකුණු කොරියාව ශ්‍රමිකයන් ලබා ගන්නා අතර, මෙරටින් ශ්‍රමිකයන් ලබා ගැනීමට කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් අහිතකර බලපෑමක් ඇති වී නොමැති බව ඔහු අවධාරණය කළා.

    දකුණු කොරියාවේ 4000 ඉක්ම වූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුර හා සම්බන්ධ අය බව සදහන්.

    දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එම ආගමික නිකායෙන් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බව සෝල් බලධාරීන්ගේ අදහස වී තිබෙනවා.

    එම ආගමික නිකායේ සාමාජිකයන් දෙලක්ෂ 66,000කට අධික පිරිසක් පරීක්ෂා කිරීම සඳහා කොරියානු සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කළ ද එමගින් ලබාදී ඇති ලැයිස්තු නිවැරදි නොවන බව පෙනී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

    මේ නිසා එම ආගමික නිකායේ නිර්මාතෘ ලී – මෑන් – හී ඇතුළු එහි නායකයන් 12 දෙනෙකුට එරෙහිව සාපරාධී මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සෝල් නාගරික පරිපාලනය තීරණය කර ඇති බව සඳහන්.

    මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 89,197ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 3048ක් ලෙස වාර්තා වනවා. ඉන් සියයට 90ක්ම වූහාන් නගරය ඇතුළු චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන අතර තවත් රටවල් 10කින් මරණ වාර්තා වනවා.

    මේ අතර, ඉන්දියාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු හමුවී තිබෙනවා. දිල්ලියෙන්, තෙලංගානාවෙන් සහ රාජස්ථාන් ප්‍රාන්තයෙන් එම ආසාදියන් හමුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113
    සොහොන;25195302 said:
    මචන් සුබ ආරන්චියක් මට දැන ගන්න ලාබුනා

    අර බ්රෙසියා ඉන්න ගැනි ඉන්නෙ චිවිලියෙ කියල බ්‍රෙසියා වල ඉන්න ලොකුම ඉස්පිරිතාලෙ

    උබලා විඩ්‍ යො එක බලද්දි එ ගැනි කියනවා එකි වැඩ කරපු සිශොරා එ කියන්නෙ වැඩ කරපු නොනාත් කොරොනා හාදිලා කියලා එක බොරුවක් කියලා මෙ දැන් බ්‍රෙසියා වල ඉන්න මගෙ හිතවතෙක් කියුවා එහෙම එකි වාඩ කරපු තැන ගෙනෙක් එ හොස්පිටල් එකෙ නැ එ ගැනි ඉන්න හොස්පිටල් එක තමයි එ පැත්තෙ තියන ලොකුම කොරොනා හොස්පිටල් එක බොරුව අතෙ මාට්ටු :angry:

    එ ගානි වටෙටම නය වෙලා ලමයෙකුත් නාති වටෙ යන බඩ්ඩක්ලු කටත් එච්චර හොද නාලු මිනිහාත් බෙබෙක්ලු

    මාසසික ලෙඩකුත් එ ගනි ට තියෙන්න පුලුවන් විශෙශයිම ප්‍රසිද වෙන්න ආසවකුත් තියෙනවා තාම ඉතාලියෙ කිසිම මිඩ් යා එකකින් මෙ ගනිට කොරොනා කියලා කියුවෙත් නැ

    අනික මෙ ගැනිගෙ ගමත් එ ව්ඩ්‍ යො එකෙ කියනවා මෙ ගැනිට මොලයක් තියනවා නම් නම් ගම් ඔනෙවටත් වඩා කියන්නෙ මොකද එක නිසා මෙ ගැනි කියන ඩෙ ගැන ලොකු අවදානයකින්
    ඉන්න ඔනෙ බය වෙන්න නරකයි

    දැන් මේ ගෑණිට කොරෝනා නැද්ද? :oo: