කැ×_සයන්න

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් නායකත්වය දරනා ඔහුගේ පක්ෂය පසුගියදා ලියාපදිංචි කරන ලදි.

    එම පක්ෂයේ නම වූයේ ‘සමගි ජන බලවේගය’ යි. මෙම පක්ෂයට නමක් තැබීමේදි සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයා විසින් අපූරු රීතියක් අනුගමනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

    එනම් සිය ඕනෑම කටයුත්තකට නම තැබීමේදි සිය නමෙහි මුලකුර වන ‘ස’ අකුර මුලකුර ලෙසින් භාවිතා කිරීමේ අපූරු පුරුද්දක් සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයාට තිබේ.

    ඔහු විසින් සිය නව පක්ෂයට නමක් තැබීමේදීද මෙම අපූරු රීතිය අනුගමනය කළා යැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව ‘ස’ අකුරෙන් නම ආරම්භ වන ලෙසින් ‘සමගි ජන බලවේගය’ ලෙසින් නව පක්ෂය නම් කර තිබෙන බව කියවේ.

    මින්පෙර සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයා නිවාස අමාත්‍යධූරය දරන සමයේ අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර වෙනුවෙන් උදාගම්මාන දෙකක් ඉදිකළ අතර, ‘ස’ අකුරෙන් නම දැමිය යුතු නිසා එම ගම්මාන නම් කළේ “සදා ලෝක පූජීත අරවින්ද ද සිල්වා ගම්මානය” සහ “සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම්මානය” ලෙසිනි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සද කිරන ගම
    සත්රජ ගම
    සදරැස් ගම
    සත්නිදු ගම
    සරුජය ගම
    සෙත්පුර ගම
    සිරිමිතුරු ගම
    සෙනෙහස ගම
    සෙල්ව පුරම්
    සදලිය ගම
    සදදිනු ගම
    සොරිවිල කොටරාල ගම
    සහජීවන පුර


    කතාව ඇත්ත වගේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සජිත් තාත්ත වගේම තමා..අමුම අමු මිත්‍යාදෘෂටිකයෙක්..ෂුවර් ඵකටම ඕකා තමා අර අහිංසක අලි ටික මරන්‍න අැත්තෙ..:(

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    සජිත් තාත්ත වගේම තමා..අමුම අමු මිත්‍යාදෘෂටිකයෙක්..ෂුවර් ඵකටම ඕකා තමා අර අහිංසක අලි ටික මරන්‍න අැත්තෙ..:(

    මටත් සැක ඕකාම තමා. මේ මනුස්සයට තියන අවුල තාත්තගෙ දේවල්ම ඉස්සරහට අරන් යන්න හදන එක. තාත්තව විකුණනව. තමන්ගෙ කියල දැක්මක් නෑ. මූට කෙලවෙන්නෙත් ඒකම තමා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    නම් දානකොට ඝන් පිහිටවන සීන් එකක් තියනවනේ...ඒකට ස යන්න බලපානවා...ඒක නිසාලු ගොඩක් පන්ති කරන තැන් ස යන්නෙන් පටන් නිසා...සැසිප්,සුසිප්වන්,සිසුල්කා,
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මූ දින්නනම් රටෙත් නම වෙනස් කරයි සිරි ලංකාව කියල :lol: නැත්නම් සාංකාව :D
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නම් දානකොට ඝන් පිහිටවන සීන් එකක් තියනවනේ...ඒකට ස යන්න බලපානවා...ඒක නිසාලු ගොඩක් පන්ති කරන තැන් ස යන්නෙන් පටන් නිසා...සැසිප්,සුසිප්වන්,සිසුල්කා,
    මේකනම් එහෙම වෙන්න බෑ බං සජ්ජ O/L ලුත් ෆේල් නෙ.
    ඕක උගේ චූන් එකක් ගන්න ගන්න කරන වැඩක් වගේ.