සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල
සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.
හැටන් ප්රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේවෙතත් හැටන් ප්රදේශයේ පෞද්ගලික වෙළදුන් පවසන්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.
රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බවයි ඔවුන් පවසන්නේ.

apoo mewa wadak na ban
salmon kala purudda