මචන් මට තියනවා ප්රශ්නයක්..මේ රෝගය පැතිරීම පාලනය කරන්න මේ යනවිදිය හොදයි..නමුත් ප්රශ්නේ තියෙන්නේ මෙහෙම ඔක්කොම වහගෙන කී දවසක් ඉන්න පුලුවන් වෙයිද කියන එක..දැනටම මිනිස්සු කන්න නෑ කියලා කෑ ගහනවා දැක්කා..කන්න ගෙනල්ලා තියාගත්ත ඒවා උපරිම මාසෙකට හමාරකට ඇතිවෙයි කියමුකෝ..ඒත් එහෙම තියාගන්න බැරිවෙච්ච කී දෙනෙක් ඉන්නවද..අනික ගොඩක් දෙනෙක් කියනවා එලවලු අනම් මනම් ගෙවල් ගාවට එන්නේ නෑ කියලා සල්ලි දීලා ගන්න.ඒවගේ දේවල් කයිය ගැහුවට කරන්න ලේසි නෑ..පාරේ එලවලු හාල් බඩු අරන් යන්න මිනිස්සු සල්ලි දීලා ගනී කිවුවට කොච්චර කියලා ගෙනියන්නද..කොච්චර ප්රශ්න තියනවද අනික ආවත් ගන්න සමහර මිනිස්සුන්ට සල්ලි නෑ..
මෙහෙම ගියොත් තව සති දෙකක් වගේ යද්දී මිනිස්සු පාරට බහීද දන්නෙත් නෑ බඩගින්නේ මැරෙන්න බෑ කියලා..දැනටම මිනිස්සුන්ට මාර ප්රශ්න ගොඩක් තියෙන්නේ..
අනික බන්..ලොකුම ප්රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..
මේ ගැන අදහස් කියපල්ලා බලන්න
තාර්කික උත්තරයක් කෙටියෙන් කිව්වොත් එකම ලෙඩෙක්වත් report නොවී අඩුම දවස් 14ක් එකදිගට යන්න ඕන..





