Corona, Impact on your job

Emios

Well-known member
  • Dec 10, 2009
    74,243
    66,665
    113
    Western රටවල් වල Elderly population එක අඩුවෙන එකෙන් උන්ගේ economy එකට indirect වාසියක්වෙන එකක් නැද්ද? උන් වැටුනට උන්ට හොද economy එකක් තිබ්බ. අපි corona වලට කලින් වැලේ වැල් නැතුව government උන්ට සැලරි ගෙවාගන්න බැරි තැනක හිටියේ, දැන් අපි ලන්කාව තමයි ලෝකෙන්ම හොදම කියල ආඩම්බර උනාට මේකෙන් පස්සේ අපිට ආයිත් පටන් ගන්න වෙන්නේ කොහෙන්ද?

    Simple dont have kids
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43

    Corona සීන් එක නිසා උබලගේ ජොබ් වලට අවුලක් නැද්ද??

    මම දැක්කා සමහර construction company වල පඩි අඩු කරලා තිබ්බා..

    US based company වලට (විශේෂයෙන් software companies) අව්ලක් වෙයි කියලා හිතෙන්නේ...

    උබලා දාන්න මේ වගේ සිද්දි තියේ නම් කොටාගෙන යමන්කෝ..

    Software companies walata impact ekak have. But anith ewata wada surviving wage. Mokada me welawe godak dewal technology eken run wena nisa. But depends on domain.
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290

    Corona සීන් එක නිසා උබලගේ ජොබ් වලට අවුලක් නැද්ද??

    මම දැක්කා සමහර construction company වල පඩි අඩු කරලා තිබ්බා..

    US based company වලට (විශේෂයෙන් software companies) අව්ලක් වෙයි කියලා හිතෙන්නේ...

    උබලා දාන්න මේ වගේ සිද්දි තියේ නම් කොටාගෙන යමන්කෝ..


    Yes we are facing big time this issue.

    DXB
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,357
    2,926
    113
    මාතර
    from next week 20% pay cut with less work. (4 days work and pay). Still the expenses are manageable. currently work from home (NZ)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,089
    113
    10% kapuwa bung

    habaiyi thama honda ganak set wenawa. Aniwa aluthin out wena or dan jobs nathi unta nam sorry.com thama

    Kohomath thawa 2 years wage yawi recover wenna meka 6 months wage giyoth seen eka

    ape recruitment mas 6kata wath karanne na eka nam sure :baffled::baffled:

    මේක ඇත්ත. topjobs එකේ එහෙම ජොබ් ඇඩ් සැහෙන අඩුයි update වෙනවා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,089
    113
    Forex trading karamu ayeth, ko ara luxman karaya u nadda meke dan

    මට නම් හිතෙන්නේ මේ වෙලේ සල්ලි ඉතුරු කරන් ඉන්න එක හොදයි කියලා... ගානක් fix තියලා ඉතුරුවා ඉන්වෙස්ට් කළා නම් හරි
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,089
    113
    මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම තීරණය ගැනීමට අදාළ සමාගම්වලට සිදුව ඇත.

    මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත අභ්‍යන්තර මෙමෝ (Internal Memo) පණිවුඩයක් හරහා දැනුම් දී ඇත.

    ඒ අනුව සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60%කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35%කින්, රු, 50,000ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කිරීමට මෙහිදී තීරණය වී ඇත. මීට අමතරව ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් සිය සගයන් වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටී.

    “මම අපගේ ප්‍රධාන ගනුදෙනුකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන අතර තත්වය වඩාත් දරුණු අතට හැරී ඇත. ඔවුන් අනාගත සියලුම ඇණවුම් අවලංගු කර ඇති අතර ඇත්ත වශයෙන්ම අප දැනටමත් නිපදවා ඇති දේ නැව්ගත නොකරන ලෙස ඉල්ලා ඇත. සමහර ගැනුම්කරුවන් අවලංගු කිරීම් සඳහා වට්ටම් ඉල්ලා ඇත. මෙම ක්‍රියාවන් අප මීට පෙර දැක ඇති දෙයට වඩා වෙනස් වන අතර මෙය අපගේ සමාගමට පෙර නොවූ විරූ මූල්‍ය ආතතියක් ඇති කර තිබේ. ආදායම් උත්පාදනය කිරීමට ඇති නොහැකියාව අපගේ ආර්ථිකය, අපගේ සමාගම සහ අපගේ පුද්ගලික සුභසාධනය බරපතල අවදානමකට ලක් කර ඇත. කෙසේ වෙතත්, අප මේ තුළින් පැමිණිය යුතුය. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපගේ කර්මාන්තය ශක්තිමත්ව සිටිය යුතුය.“

    ඒ අනුව බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය වී තිබේ.

    ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබේ. එසේම 2020 වර්ෂයේ ඉතිරිකිරීමේ පිරිවැය කෙරෙහි සෘජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ. කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන බව කියා සිටී.

    මෙරට ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් කිහිපයකම තත්ත්වය මෙසේ වන කල, කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම සෙසු කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් වෙත එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත. මේ වන විට ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මෙම හානිය අවම කර ගැනීම සඳහා විවිධ සහන පැකේජ ගණනාවක්ම දියත් කර තිබීම පැසසිට යුතු කරුණකි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාර යථා තත්ත්වය පත්වන්නට සැලකිය කාලයක් ගත වනු ඇත. එබැවින් ඒ දක්වා සියලු දෙනාම තම තමන්ගේ ‘පටි තද කර‘ ගෙන සිටිය යුතු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.


    - biz.adaderana.lk