කොරෝනා ආසාදනය නිසා පසුගියදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ වැරදි ආරංචි ගැන කණස්සල්ලට පත්වන බවත් ඔහු අන් අයට රෝගය බෝ කළ අයෙකු නොවන බවත් ඔහුගේ ඥාති දියණියක විසින් දීර්ඝ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේ
කටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට
නිරෝධායනයට අකමැත්තෙන් කලහ කළ පිරිසට මැදිවන්නට සිදුවූ බවටත් ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි. මෙහිදී හේමාල් මහතාගේ බිරියටද රෝගය වැළඳුණ නමුත් ඇය පසුව සුවය ලැබුවාය.
හේමාල් මහතාගේ ඥාති දියණිය පවසන්නේ ඔහුට දියවැඩියා රෝග තත්වය පැවති නිසා රෝගය වඩාත් පීඩාකාරී වන්නට ඇති බවයි. එසේම ඇය පවසන පරිදි ඉන්දීය සංචාරය අතර එකම පිරිසක් සමග මේ දෙන්නා එහාමෙහා ගිය බවත් ඒ පිරිසේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කරගත් බවයි.
එබැවින් ගුවන් තොටුපළේ සිද්ධිය නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නට ඇතැයි තමන් අනුමාන කරන බවයි. කෙසේ වෙතත් රෝගය ගැන සැලවූ මුල් අවස්ථාවේ සිට ඔහු නිසි පියවර ගත් බවත් යම් යම් විද්‍යුත් මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය මගින් හේමාල් මහතා රෝගය පතුරුවමින් ගිය බවට කළ චෝදනා අසත්‍ය බවත් ඒ ගැන කණගාටුවන බවත් ඇය දන්වා ඇත.
මේ වෙලාවේ දුවට 100% තියා 1%කවත් සහතිකයක් දෙන්න බැ ඇත්තටම මොකද වනේ කියලා.තාත්තාට කොහෙන්ද හැදුනේ කියලා. ජාසිංහත් කරන්නේ ප්‍රෙඩික්ට් එකක්. දුවටතියන දුක අපිට තේරෙනවා. දුවෙක්ට තාත්තා කියන්නේ මහමෙරක්. නමුත් කාටවත් කියන්න බැ ඇත්තම ඇත්ත මොක්ද කියලා.
අවාසනාවන්තලෙස මියගියා. මෝක්ෂයට යත්වාාා මිනිකාක්කාන්ගේ ගොදුරක් නොවේවා. .



api lankwata loku sewayak karanwa me kale
hathe hatha wedila atte government ekatath pitaratwala weda karana ayagen ena salli nati eka.
USD spend karanne natuwa inna one. me kale freelancing karana ayata kohomada danne.? 

