මම දාපු order එක ඊයේ හවස ආවා. අප්‍රේල් පළමුවැනිදා තමයි දැම්මේ. ටිකක් පරක්කුවුනා නම් තමයි. හැබැයි කිසි අඩුපාඩුවක් නැතිව බඩු ටික (බටර්, දියර කිරි, පිටි කිරි) ලැබුනා.
මිල්කෝ එක මේ වගේ ඉල්ලුමක් මේ විදියට හරි කළමනාකරණය කරගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේගොල්ලොන්ට on-line delivery කෙරුවාව තාම අලුත් දෙයක්. පළපුරුදු සුපිරි වෙළඳසැල් පවා මුල් දවස්වල කරකියාගන්න බැරුව හිටපු විදිය බැලුවම මිල්කෝ එක ගැන මම නම් සතුටුයි.
තව දෙයක්, මිල්කෝ එක බඩු deliver කරන එක විතරක් නෙමෙයිනෙ කරන්නේ. සැපයුම්කරුවන්ගෙන් කිරි අරගෙන නිෂ්පාදනය කරන්නෙත් මේ අයමනේ. අප්‍රේල් පළමුවැනිදා ඇණවුම දාපු මට ලැබුන බඩුවල නිෂ්පාදිත දිනය අප්‍රේල් දෙවැනිදා. බඩු අලුත්ම අලුත්. අනික delivery fee එකකුත් නෑනේ.
මිල්කෝ ආයතනය මේ ක්‍රමය වැඩිදියුණු කරගෙන දිගටම කරගෙන ගියොත් ආයතනයටත් හොඳයි, බඩු ගන්න අපිටත් හොඳයි, රටටත් හොඳයි. මොකද මේකෙන් රටේ සල්ලි එළියට නොයා අපේ රටේම මිනිස්සුන්ට ලැබෙන නිසා. තාම හයිලන්ඩ් කිරි රහට සම කරන්න එකක් නෑ.