Breaking News❗️

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අද දවස තුළ දියවැඩියාව නිසා මෙපමණ ප්‍රමාණයක් මිය ගියා

    ගතවූ පැය විසිහතර තුළ අධිරුධිර පීඩනය නිසා මෙපමණ පිරිසක් මරණයට පත් වුණා

    ගතවූ පැය තුනක කාලයක් තුළ ආඝාත රෝගීන් මෙපමණක් වාර්ථා වෙනවා

    හදවත් රෝගීන් මෙපමණ සංඛ්‍යාවක් මිය ගියා.

    ලංකාවේ අලුතින් හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව මෙච්චරයි.

    ලංකාවේ අලුතින් හඳුනාගන්නා ලද පිළිකා රෝගීන් ගණන මෙපමණයි.
    .

    මේ වගේ Breaking News අහල තියනවද?🤔🤔
    .
    නෑ නේද?🤫
    .
    හේතුව දන්නවද?❗
    .
    මේ වගේ නිවුස් එකක් කියලා, ඒකට ස්පොන්සර් කරන්න කාගෙ වෙළඳදැන්වීමක් ද දාන්නේ?
    .
    ක්ෂණික නූඩ්ල්ස්, කිරිපිටි, බිස්කට්.... 🥯🥖🧀🍖🍟🍔🌭🍦🍨🍬🍭🍿ඔය වෙළඳ දැන්වීම් ටික දාන ගමන් අර වගේ නිවුස් දාන්න පුලුවන්ද?🤥🤥
    .
    ජනමාධ්‍ය විසින් වසන් කරන දෙයක් තියනවා.
    බෝ නොවන රෝග නිසා කොච්චර ජීවිත හානි වෙනවද කියලා Breaking News දදා කිව්වනම් , මාධ්‍ය වලට වෙන වැඩක් නැති වෙනවා.
    .
    ඔය කියපු බෝ නොවන රෝග ඇති කරවන, රෝගකාරක භාවිතය සඳහා සමාජය පොළඹවන්නේ කවුද??????
    .
    රස ගුණ ගැන වර්ණනා කරමින්, වස විස මාකට් කරන්නේ කවුද?
    .
    නලු නිලියන්ව, ක්‍රීඩකයන්ව ඉස්සරහට දාගෙන වස විස විකුණන්න ප්‍රචාරය ලබා දෙන්නේ කවුද?
    .
    එහෙම බලද්දි, කොරෝනාවට වඩා භයානකයි මේ මාධ්‍ය භාවිතාව.....
    .
    වෛරසයෙන් ගැලවෙන්න ක්‍රම තියනවා... ඒත් මේ මාධ්‍ය වලින් සමාජය ගලවා ගන්නේ කොහොම ද?
    .
    උදේම නැකැත් සාස්තර කියන බොරුකාරයො ටිකක් ගෙනත්, ගෙවල් වල ඉන්න මෝඩ ගෑණුන්ව ගොනාට අන්දනව...

    හක්ගෙඩි විකුණනවා, පලාපල කියනවා, භූමි දෝෂ ගැන කතා කරනවා, කේන්දර බලනවා.... අනේකවත් මිසදිටු වැඩ.

    ඊට පස්සේ, එක එක කෑම හදන්න උගන්වනව.

    මේකප් දාන්න උගන්වනවා.

    ඇදුම් මහන්න උගන්වනවා.

    මොන මොනව හරි සිංදු කෑලි ටිකක් දානව.

    ටෙලි නාටක ටිකක් පෙන්වනව.

    නිවුස් කියලා, එයාලට ඕනි මොනව හරි පෙන්වනව.

    වින්දනයක් නැති චිත්‍රපටියක් පෙන්වනවා.

    හවසට ඉන්දියන් කාටූන් ටිකක්, කාටූන් වීරයො ටිකක් අපේ පොඩි එවුන්ගේ ඔලු වලට පුරවනවා.

    ඉන්දියන් , කොරියන් මෙගා ටෙලිනාටක ටිකක් පෙන්වනවා.

    එහෙම නැත්නම්, ඊයේ පටිගත කරපු මෙගා ටෙලි කොටස පෙන්වනවා.

    මොකක් හරි ස්ටාර් වැඩසටහනක් පෙන්වනවා.

    මිනිස්සුන්ගෙ දුප්පත්කම විකුණනවා.

    දරුවන්ගේ ළමා කාලය විනාස කරනවා.

    දේශපාලකයෝ ටිකක් ගෙනත් ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ඉදිරිපත්කිරීමක් කරනවා.

    සමහර විට මේ සේරම කරලා රෑට පිරිත් දාලා සේවා විකාශනය ඉවර කරනවා.
    .
    ඔන්න ලංකාවේ බහුතර මීඩියා....
    .
    ඔබගේ සිතුම් පැතුම් වලට සැලකිය යුතු තරම් බලපෑමක් ජනමාධ්‍ය විසින් සිදු කරනවා.
    .
    දේශපාලකයන් ගැන ප්‍රතිරූප හදන්නේ ඔය මාධ්‍ය විසින්.
    .
    වැඩිය ඕනි නෑ, බාල රසවින්දනයක් සමාජ ගත කළේත් ඔය මාධ්‍ය විසින්මයි.
    .
    ඒකෙන් කියවෙන්නේ මාධ්‍යයට යම් හැකියාවක් තියනවා, ජන මනස ආක්‍රමණය කරන්න සහ පාලනය කරන්න.
    .
    මේ හැකියාව යහපත උදෙසා යෙදවෙනවා නම්, අපි අද කොච්චර වාසනාවන්ත ද?
    එහෙම යහපත් දෙයක් කරන්න ගන්නා උත්සහයන් අපි කොච්චර දකිනවද?
    .
    💸💸💵💵💵💴💴💴💰💰💰💰💰💷💷💶💶සියල්ල මුදලට විකිණෙන සමාජයේ, ඔබගේ රසවින්දනයත් මුදලට විකිණී ඇත. එය ඔබටවත් නොහිතෙන්නට ඇත.
    .
    අවිචාරවත් සමාජයක,බූරුවා ඉදිරියේ ඇති කැරට් අලයේ භූමිකාව මාධ්‍යයට හිමිවනු ඇත.🥕🥕🥕🥕

    .
    අදහස - චතුරංග ජයලත් මහත්මයා ගේ සංකල්පනාවකි 🖤
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩියෙන්ම විස තියෙන්නෙ ගොවිරජවරු ගහන පොහොරවල
    ඒකනෙ රජරට පොඩි උන්ගෙත් වකුගඩු නරක්වෙන්නෙ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113


    තරහ වෙන්න එපා මචං කිවට. මම වැඩ කරන්නේ නම් මිඩියා එකක නෙමේ..මගේ පවුලේ කවුරුවත් ඇත්තෙත් නෑ. ඒත් මේ පෝස්ට් එක බයිලාවක්. උබ නෙමේ ලියලා තියෙන්නේ , උබ උපුටාගත්ත කෙනාගේ නම දාලාතියෙනවනේ :yes: ඔය වගේ ඒව ලියන්නේ ගොඩක් උන් ලයික් ටිකක් ගන්නයි ,රැඩිකල් ​ගොබ්බ කියල පෙන්වන්න.

    ඇයි බයිලාවක් කියන්නේ?
    ඔව් ලංකාවේ මිඩියා වල අවුලක් තියෙනවා. හැබැයි උන් දෙන්නේ මාකට් කරන්න පුලුවන් දේ. මම දන්න විදියට නම් ඔය එක මිඩියා එකක අයිතිකාරයෙක්වත් රටට දැයට දෙයක් කරන්න මිඩියා පටන්ගන්න ඕන කියල පටන් අරගෙන නෑ. ඕක බිස්නස් එකක්.උන්ට ඕනත් සල්ලි. රටේ උන් ඉල්ලන දේ..හරිම වචනෙන් කිවොත් හිට්වෙන දේ උන්දෙන්නේ. දවස් 5ම සිත නිවන කතා දැම්මොත් උබ බලනවද? :lol::lol: නෑනේ නේද? මම අත්දැකිමෙන්ම දන්නවා. මම අවුරුදු කිපයකට කලින් වගේ කලින් සයිට් දෙකක් කලා. එකක් එඩියුකේෂන් එකක්. ප්‍රමෝට් කළා හොදට. ඒත් පුංචි පිරිසක් ත​මා ලංකාවේ එ්ව බලන්නේ. ඒත් එක්කම ගොසිප් සයිට් එකක් කලා.. බලෙන් එන්නේ මිනිස්සු ඒවට :lol::lol: හිට් නැතිවෙන්න. ;) ඔන්න ඔකයි ලංකාවේ ඔඩියන්ස් එකේ තත්ත්වේ... ;)

    උබ දවසක පටන්ගනින් පොඩියට හරි උබ කියන විදියේ නාලිකාවක්..අපිත් එන්නම් සප් එකට. ජයවේවා ! :yes: