-nethgossip-
කෝවිඩ් 19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.
තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවිනි දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.
සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.