හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.
මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.
හැබැයි ඉස්‌ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.
නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.