අසල්වැසි ගෙදරක බැල්ලියෙක් පැටව් දාල.ඉතින් උන්ට කන්ඩ කවුරුවත් දැන්නෙ නෑ එක බල්ලෙක් ඉතුරුවෙන්න අනිත් එවුන් ටික පාරෙ වාහන වලට අහුවෙලා මැරුනා.. දැන් මේ බල්ලට කන්න බොන්න නැතුව දුක් විඳලා වගේ, අපේ ගෙදරට එද්දී ඉල ඇට කූඩුව විතරයි. වයස මාසයක් ඇති අපිත් ඉතින් කන්ඩ දුන්නා.. ඊට පස්සෙ ගතවුනු මාසයේදී උගෙ කකුල දෙපාරක් කැඩුනා, හොරි හැදුනා, අනිත් බල්ලො හැපුවා..ඊට පස්සෙ දවසක තව බල්ලෙක් ඇවිල්ලා මූට හපලා ඇඟ හැමතැනම තුවාල..බෙහෙත් දැම්මා අඩුවුනේ නෑ..තුවාල පැසවලා මැරුනා.මේ ටිකට දවස් දෙකක් යන්න ඇති. ඉතින් බලන්න මූ ඉපදිලා මාස 2 ක් ඇතුලත මෙච්චර දුක් වින්දා. මට හිතෙන්නෙ මේ කර්මය වෙන්න ඇති





එහෙම තමයි මචන්. උබ දවසකට හරි සතෙක්ට කන්න දීල බලා ගත්තනේ. උබට ඒවා කවද හරි ලැබෙනවා ලැබෙනව මයි. අනික අසරණ සතෙක්ට කන්න දීල ලැබෙන සතුට.
