බලු දුක!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අසල්වැසි ගෙදරක බැල්ලියෙක් පැටව් දාල.ඉතින් උන්ට කන්ඩ කවුරුවත් දැන්නෙ නෑ එක බල්ලෙක් ඉතුරුවෙන්න අනිත් එවුන් ටික පාරෙ වාහන වලට අහුවෙලා මැරුනා.. දැන් මේ බල්ලට කන්න බොන්න නැතුව දුක් විඳලා වගේ, අපේ ගෙදරට එද්දී ඉල ඇට කූඩුව විතරයි. වයස මාසයක් ඇති අපිත් ඉතින් කන්ඩ දුන්නා.. ඊට පස්සෙ ගතවුනු මාසයේදී උගෙ කකුල දෙපාරක් කැඩුනා, හොරි හැදුනා, අනිත් බල්ලො හැපුවා..ඊට පස්සෙ දවසක තව බල්ලෙක් ඇවිල්ලා මූට හපලා ඇඟ හැමතැනම තුවාල..බෙහෙත් දැම්මා අඩුවුනේ නෑ..තුවාල පැසවලා මැරුනා.මේ ටිකට දවස් දෙකක් යන්න ඇති. ඉතින් බලන්න මූ ඉපදිලා මාස 2 ක් ඇතුලත මෙච්චර දුක් වින්දා. මට හිතෙන්නෙ මේ කර්මය වෙන්න ඇති:(:(:(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිය ආත්මෙ මර්වින් සිල්වා වගෙ එකෙඛ් වෙන්න ඇති
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,353
    113
    Mother Earth
    :( මොනා කරන්නද ඉතින්. උබල කන්න හරි දුන්නනෙ කියල හිතපං.
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    oywagema deyak wuna mata meeta awrdu 4-5 kta kalin


    balu patawu 2nk (balli patawu) haamathe awida awida laga bageta hadana gedaraka watila hitiya.
    unge ange balu makko kinithullo

    eka ballek gaththa

    pahuwada anith ekath aawa


    gedarin banum aha aha haduwa

    un dennath duk winda

    apith duk winda un hinda


    ekek maruna awurudu 3 passe.

    anthima ekath meeta awuruddakata kalin maruna



    jeewithe hati,:(



     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,353
    113
    Mother Earth
    oywagema deyak wuna mata meeta awrdu 4-5 kta kalin


    balu patawu 2nk (balli patawu) haamathe awida awida laga bageta hadana gedaraka watila hitiya.
    unge ange balu makko kinithullo

    eka ballek gaththa

    pahuwada anith ekath aawa


    gedarin banum aha aha haduwa

    un dennath duk winda

    apith duk winda un hinda


    ekek maruna awurudu 3 passe.

    anthima ekath meeta awuruddakata kalin maruna



    jeewithe hati,:(




    :love: එහෙම තමයි මචන්. උබ දවසකට හරි සතෙක්ට කන්න දීල බලා ගත්තනේ. උබට ඒවා කවද හරි ලැබෙනවා ලැබෙනව මයි. අනික අසරණ සතෙක්ට කන්න දීල ලැබෙන සතුට.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    ගල් වැලි

    අපේ ගෙවල් ලග පාරේ බලු පැටවු වගයක් කෑ ගහනවා ඇහුණා දවස් කිහිපයක්ම. බඩ ගින්නේ අව්ව වැස්ස ඔක්කෝම නිසා වෙන්න ඇති. අපේ ගෙවල් ලගට කවුරු හරි දාලා ගිහින්. ඇග පුරාම හොරි. තුවාල ඒ මදිවට කන්න නැතිව ඇට කෝටු ගොඩ විතරයි. හැමෝම ගහලා එලවනවා. 3ක් හිටියා එකෙක් ත්‍රීවීල් කාරයෙක් යට කරන් ගිහින් අන්තිමට වල දාන්නවත් කවුරුවත් නෑ. ගද ගහනවා ඉවසන්න බැරිවම ගිහින් වලක් කපලා වල දැම්මා. අනික් උන් දෙන්නාගෙන් එකෙක්ට කවුරුහරි දම්පාට බේත් නාවලා. පාරේ යන එන හැමෝම පස්සෙන් මේ බලු පැටවු දෙන්නා දුවනවා. මිනිස්සු ගහලා එලවනවා. උන් දෙන්නා අරන් ආවා කිරි කෝප්ප දෙකක් හදලා දුන්නා. බස බස ගාලා ගහනවා. එකා එකා අල්ලලා නෑවුවා. බෙතඩීන් බෝතලයක් ඉවරවෙනකම් තුවාල වලට බේත් දැම්මා. දර මඩුවේ තැනක් හදලා එතන පදිංචියට හදලා දුන්නා. කොච්චර කන්න දුන්නත් බඩ ගින්න නිවෙන ගතියක් නෑ. දවස් දෙක තුනක් යනකොට දෙන්නම හොදට ඉන්නවා. දෙන්නම ගැහැනු සත්තු නිසා තමයි කවුරුවත් වගකීමක් නොගන්නේ.

    ආරංචියක් ආවා හාඩ්වෙයාර් එකක අරක්ෂාව හිටපු බැල්ලියෙක් පැටවු 7ක් දාලා. ඒකේ අත් උදවුවට ඉන්න එකා තැන් තැන්වල අතරමං කරලා දාලා කියලා. ඉතින් ඒක සිහි වෙන්නත් එක්ක දෙන්නට නම් දැම්මා ගල් සහ වැලි කියලා.

    ලගම තියෙන පශු වෛද්‍ය ලගට ගිහින් පිස්සු බලු එන්නත් ගැහුවා. පනු බේත් දුන්නා. සතියකින් එන්න කීවා පාවෝ ගහන්න. ඇඳිරි නීතිය අස්සේ කොහෙද යන්නේ කියලා පොලිසිය බර බරේ දැම්මත්, එක රාලහාමි කෙනෙකුගේ හිත උණු වෙලා යන්න දුන්නා.

    දවස් තුනක් යනකොට වැලි වමනේ දාන්නත් කෑම නොකන්නත් එකම තැනකට වෙලා ඉන්න නිසාත් ආපහු පශු මල්ලි ලගට අරං ගියා. පොර කියපි පාවෝ කියලා. දැන් දවස් 4ක් දිගටම සේලයින් උදේට උදේට. පාරේ ඉදන් හම්බ උනා කියලා නෑ පශු මල්ලි 1500/-න් අඩුවක් නෑ දවසට. මේ දවස්වල අතේ ආර්ථික තත්ත්වයත් ආනාත වෙලා ඉන්නේ. බැරිම තැන Adopted Dog කිය කියා පේස් බුක් එකේ මැරෙන්න හදන ගෘප් එකකට කථා කරලා කීවා මට මේ සතා සනීප කරවලා දෙන්න මම දෙන්නම බලාගන්නම් කියලා. උන් කියපි මේ දවස්වල මුකුත් කරන්න බැහැ කියලා. උන්ගේ නිරුවත ඒක තමයි. හැබැයි රට රටවලින් සල්ලි ගෙන්නාගන්කොට නම් හරි හොද මිනිස්සු ලොකු සමාජ සේවයක් කරන්නේ....

    සත්තු දෙන්නාම දැන් ඉන්නවා. තුවාල මොකුත් නෑ. විටමින් පාරකුත් දෙනවා. වැලි නම් ඉදලා හිටලා වමනේ දානවා. නමුත් ගල් වගේ සාමාන්‍ය නැහැ. දෙන්නම ඉන්නවා. කන්න දෙනකොට පොර කන එක තමයි කේස් එක.

    ඇදිරි නීතිය ඉවර උනාම අර හාඩ්වෙයාර් කාරයා මුණ ගැහිලා උගේ සමාජ සේවේ ගැන ගම පුරා දැනුවත් කරන්න ඉන්නේ....
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ස්තුතියි, ඒ වාගේම අනේක වාරයක් පිං ඔබ ඒ අසරණ පැටවුන් දෙදෙනාට ජීවිතය ලබා දුන්නාට. මෙය ඔබේ ජීවිතයටම ආශිර්වාදයක් වේවි. මං පශු වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. ඒත් සතුන්ට ආදරය කරන, පුළුවන් අන්දමින් ඒ සතුන්ට සලකන අයෙක්. ඔබ විසින් ජීවිතය බේරා ගත් ඒ අසරණ සතුන් දෙදෙනා ගේ සෞඛ්‍ය හා එන්නත් සම්බන්ධ ගැටලු හා රෝග යනාදිය පිළිබඳව මා දන්නා අයුරින් උපදෙස් ලබා දිය හැකියි. PM එකක් දාන්න.
     
    • Like
    Reactions: Dishta Didin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,353
    113
    Mother Earth
    ස්තුතියි, ඒ වාගේම අනේක වාරයක් පිං ඔබ ඒ අසරණ පැටවුන් දෙදෙනාට ජීවිතය ලබා දුන්නාට. මෙය ඔබේ ජීවිතයටම ආශිර්වාදයක් වේවි. මං පශු වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. ඒත් සතුන්ට ආදරය කරන, පුළුවන් අන්දමින් ඒ සතුන්ට සලකන අයෙක්. ඔබ විසින් ජීවිතය බේරා ගත් ඒ අසරණ සතුන් දෙදෙනා ගේ සෞඛ්‍ය හා එන්නත් සම්බන්ධ ගැටලු හා රෝග යනාදිය පිළිබඳව මා දන්නා අයුරින් උපදෙස් ලබා දිය හැකියි. PM එකක් දාන්න.

    :love::love: එළකිරිය කියන්නෙ සුපිරි මිනිස්සු ඉන්න තැනක්. මේ එක උදාහරණයක්.:cool: