Rupavahini bankolothda ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රූපවාහිනි බංකොලොත් වෙලා ගොඩක් කල්


    :yes: :yes:රන්න පොනිලගෙ කෙරුවාව තමයි ඔය වෙන කිසිම දෙයක් නෙමේ,රූපවාහිනි සස්ථාවෙ සහ ITN එකේ ෆික්ස් ඩිපොසිට් වලට කෙලෝල වද තිරිසනා අත්කරල දුන්න ඉරනම තමයි ඔය..
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes: :yes:රන්න පොනිලගෙ කෙරුවාව තමයි ඔය වෙන කිසිම දෙයක් නෙමේ,රූපවාහිනි සස්ථාවෙ සහ එකේ ෆික්ස් ඩිපොසිට් වලට කෙලෝල වද තිරිසනා අත්කරල දුන්න ඉරනම තමයි ඔය..

    බාගයක් කියවලා බනින්නෙ නැතිව ඉවර වෙනකන් බලපල්ල
    ජාතික රූපවාහිනී සංස්ථාවේ රාජගිරියේ ඇති ප‍්‍රතිවිකාශන කුළුණකට ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත. ඒ පසුගිය මාස කිහිපයක් තිස්සේ එකතු වූ රුපියල් හත්ලක්ෂ අනූ නව දහසක (රු. 799,000) විදුලි බිල්පත් නොගෙවා සිටීම හේතුවෙනි.

    මෙම ප්‍රතිවිකාශන කුළුණ අක්‍රීයවීම නිසා මේ වනවිට කොළඹ අවට ප‍්‍රදේශවල ජාතික රූපවාහිනී නාලිකාවේ සහ සහ චැනල් අයි නාලිකාවේ දසුන් විකාශනයට බාධා එල්ල වෙමින් ඇත. මීට අමතරව පිදුරුතලාගල ප්‍රධාන ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විදුලි බිල්පත් නියමිත කාලයට නොගෙවීම නිසා රතු බිල් නිකුත් වී ඇත. ඉදිරි දින කිහිපය තුළ අදාළ බිල්පත් ගෙවීම් සිදු නොකළොත් පිදුරුතලාගත විකාශනයද නැවැත්වීමට සිදුවන බව එහි සේවකයෝ පවසති.

    පිදුරුතලාගල ඇති ජෙනරේටර සඳහා ඩීසල් මිලට ගැනීමට ඒ අසල පිහිටි ඉන්ධන පිරවුම්හලකට ලබා දුන් රුපියල් 62500ක චෙක් පතක් ද අගරු වී ඇති අතර, ලංකා බැංකුවේ අදාළ ගිණුමේ ණය සීමාව පසුකර ඇති බැවින් මෙලෙස අයිරා ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. මීට අමතරව පසුගිය දා අවසන් වූ ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ විකාශය මිලදී ගැනීමට වැය කළ රුපියල් මිලියන 350ක මුදල පියවා ගැනීමට ද එම දින කිහිපය තුළ ජාතික රූපවාහිනියට නොහැකි වී ඇති බව පවසන ජාතික රූපවාහිනී සේවකයෝ පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශනය චැනල් අයි වෙත ලැබේ දැයි සැකයක් මතුව ඇති බවයි.

    තවද ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ටෙලිනාට්‍ය කිහිපයකට මුදල් නොගෙවීම නිසා අදාළ නාට්‍ය නිෂ්පාදකවරුන් විසින් රූපවාහිනී සංස්ථාවට විරුද්ධව එන්තරවාසි එවා ඇති බවද පැවසේ. එලෙස ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 60ක පමණ වෙන බව රූපවාහිනී සංස්ථා ආරංචිමාර්ග පවසයි.

    විවිධ දේශපාලකයන් විසින් විටෙන් විට රූපවාහිනී සංස්ථාවට පිරවූ සේවකයන් ද සමඟ රූපවාහිනියේ වැටුප් කාඩරය සේවකයන් 1000 ඉක්මව බවද වාර්තා වාර්තාවන අතර, ඒ අනුව සේවක පඩිනඩි වෙනුවෙන් පමණක් මසකට රුපියල් මිලියන 80ක පමණ මුදලක් රූපවාහිනී සංස්ථාවට වැය වන බව වාර්තා වේ. දැනට රූපවාහිනී සංස්ථාවේ බැංකු අයිරාව පමණක් රුපියල් මිලියන 280ක් බවද සඳහන් වේ.

    රූපවාහිනී සංස්ථාවේ මාසික දළ ආදායම රුපියල් මිලියන 100ත් 130ත් අතර බව බවත්, එහි වියදම රුපියල් මිලියන 220 බැවින් දැනටම මෙය මාස්පතා රුපියල් මිලියන 100කට වඩා පාඩුවක් ලබන ආයතනයක් බවත් සේවකයෝ පවසති. මීට විසඳුමක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 30ක් ලබාගැනීමට එහි පාලන අදිකාරිය මේ වනවිට කටයුතු කරමින් සිටින බව වඩිදුරටත් වාර්තා වේ.
    මේ 2019. 07. 19 වන දින තත්වයයි
     
    • Sad
    Reactions: lilman