ඇගලුම් කියන්නේ මහල ඉවර කරපු... අදින්න පුලුවන් එකට....
රෙදි කියන්නේ අර උඩ කීව ඇගලුම් මහන්න ගන්න ඒවට....
ආන්න ඒ කීව ඒවා ලංකාවේ නෑ ඔක්කොම... ඉතින් තියෙන රටකින් ගෙන්නල.... ලංකාව ඇතුලේ මහල රට යවන එකයි ලංකාවේ ඇතුලේ මහල විකුනන එකයි ලංකාවට ලාබයි.....
MADE IN SRI LANKA කියල ගහපු ඇදුම් වලට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ..... OYSHO, DECATHLON, NEXT, LINDEX, LIDLE, MARK & SPENCER, BANANA REPUBLIC, MOTHER CARE, TESCO වගේ ගොඩාක් අය ඉන්නවා.... ඔය රට ඉන්න ලංකාවේ පොශ් ගෑනූ... වික්ටෝරියා කියල අනම් මනම් කියල අදින්නේ අපි මහල එහෙට යවපුවා තමා.....
ලංකාවේ මහල විකුනන්න ගියාම මචන් අපි ඔය දැන් කඩවල් වලින් ගන්න ගානට ඒ වගේ ඇදුම් ගන්න ටිකක් අමාරුයි. ලකාවේ ෆැක්ට්‍රි වල මහන ඒවා මෙහෙ normal shops වල නෑ . ඒවා සෑහෙන ගණන්. නිකන් රෙදි ගෙනත් මහනවා නෙවෙයි නේ. වොෂ් කරන්න, color මැච් , design , කෙමිකල් වලට ලොකු cost එකක් add වෙනවා. ඒකයි කට්ටිය අඩු ගානට ඔය බැංකොක් වගේ රටවල් වලින් ඇදුම් තොග ගේන්නේ. මෙහෙ මහල දෙනවට වඩා ලාබෙට දෙන්න පුලුවන්. නිකන් බලන්න හොද බතික් ඇදුමක ගණන්. ඔය උබ දාල තියන brand names මහන ෆැක්ට්‍රිවලින් මහල අදින්න නම් වෙන්නේ නෑ මෙහෙ උන්ට.
මෙහෙ මහල විකුණන ඇදුම් වලට මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් / මිලදී ගැනීමේ හැකියාවක් ඇති කරොත් ඉතින් හොදයි.. ඒවා ඉතින් නිකන් ගෙන්නන එක තහනම් කරල කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බන්. ඒවා තහනම් කරම කොහෙන්ද ඇදුම් කඩ වලට ? මොකෝ දැන් අතිරික්තයක් තියනවද දේශීයව මහන තැන වල. අර උබ කියපු ෆැක්ට්‍රි එක්ක පටල ගන්න එපා. ඒවා අද මෙහෙ තිබිල හෙට වෙන රටක තියෙන්න පුලුවන් ඒවා. එවල ගොඩක් අයිති කාරයෝ USA . උන් කරන්නේ එක එක රවලින් අමුද්‍රව්‍ය අරගෙන , අපි වගේ රටවලින් අඩු ශ්‍රමයට වැඩේ කරගන්න එක.. බංග්ලාදේශයට ගොඩක් ෆැක්ට්‍රි ගියා උන්ගේ cost අඩු නිසා. දැන් ඉතියෝපියාවටත් යනවා.
ඒ ගොඩක් ෆැක්ට්‍රි මෙහෙ තියෙන්නේ අපේ අයගේ මැහිමේ දක්ෂකම නිසාම නෙවෙයි.. හැබැයි අපේ රටේ ඇගලුම් ක්ෂේත්‍රයත් එක්ක කාලයත් එක්ක හොද දැනුම තියන ලෝකේ පිළිගත් පිරිසක් හැදිලා ඉන්නව.