You can post real figures here if you have, But not just assumptions you make
It wasn't me who posted imaginary "figures" with nothing to back them up, it was you - I'm merely calling out your false sales figures
BAIC X25 කොහොමත් ලංකාවේ කීයද තියෙන්නේ? කීයද මේක පටන් ගන්න කලින් තිබුනේ? කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් MG කීයක් යනවද බන් BAIC වලට වඩා. බොරැල්ලේ Micro එක ඉස්සරහ Baic කීයක් නවත්තලා තිබුනද MG කීයක් නවත්තලා තිබුනද? දැන් කීයක් ඉතුරුද? MG 20කට Baic එකක්වත් උන් import කරේ නෑ. හැබැයි MG උන්ගේ best selling model එක.
"ඉතුරුවෙලා නැත්නම් මාකට්" ලොජික් එක වැරදි කිව්වෙ ඕක තමයි.
MG ZS ලංකාවෙ Vezel ගානටම ගෙන්නලා, ඒව විකුණලා, දැන් ගන්නත් නැති හින්ද ලක්ෂ 60 වෙන්නෙ කියල විශ්වාස කරන්න කියලද ඔය කියන්නේ? පිස්සුවක් ඇතැයි!
MG එක hit උනාට පස්සේ කම්පනි කියක් compact suv models ගෙනාවද? Venue, Raize.
Kia, Toyota Mid-size crossover මොඩල් ගෙන්නුවේ 2018 න් පස්සෙ නෙමෙයි ඊට සෑහෙන කලින්.
SAIC හැදුවට Tiguan කියන්නේ Volkswagon වාහනයක්, MG SAICලගෙම වාහනයක්. ඒක නිකන් Benz GLA180 එක Toyota Raize එකට compare වගේ වැඩක්. මේ දෙක කොහොමත් සංසන්දනය කරන්න බෑ.
චීනෙම හදන ජපන් මොඩල් එක්ක සංසන්දනය කළත් ඔච්චර තමා.
උදා: CH-R චීනෙ හදන්නෙ FAW සමාගම "IZOA" කියල. ලාබම එක
CNY 140,000 (
Source)
චීනෙ MG ZS එකේ මිල (
CNY 73,800)
චීනෙදි C-HR එකක් ගන්න ගානට MG ZS දෙකක් ගතෑකි.
2018 ගත්ත එකත් අවුරුදු දෙකක් පැදලා ගත්තු ගානටම අද විකුනන්න පුළුවන් කියන්නේ කොහෙද depreciate වෙලා තියෙන්නේ? ඔය ඔක්කොම උඹ හිතන දේවල් මිසක් real figures එක්ක කිසි ගැලපීමක් නෑනේ.
2018 දි 5 mil ගත්ත එක 29,000 දුවල 4.5 ට දාල තිබ්බෙ ඉක්මන් එකේ
ලංකාවෙ ජනප්රිය වෙච්ච චයිනීස් කාර් බලන්න. Zotye Nomad, Geely Panda, Geely MX7... ඕවනෙ ලංකාවෙ වැඩිපුරම විකිණුන චයිනීස් වාහන. කොහොමද depreciate වෙලා තියෙන්නෙ කියල බලන්න. පුළුවන් නම් අවු. 5 න් hopelessly depreciate වෙච්ච නැති එක චයිනීස් වාහනයක් පෙන්නන්න. ඒ කාලෙ ඒ මිලට තිබ්බ ජපන් වාහනයක් එක්ක සංසන්දනය කරල බලන්න.
ලෝකේ වෙනස් වෙනවා market එකට අලුත් brands එනවා, වාහන එනවා. ඉස්සර China වල ගැහුවේ ස්පිකර් 60ක් විතර තියෙන ලයිට් පත්තුවෙන ෆෝන්. දැන් ගහන්නේ One Plus, Xiaomi, Huawei වගේ හොඳ ෆෝන්ස්. MG Hector, MG ZS EV ඉන්දියාවේ ඉන්දියන් brands වලටත් වඩා හොඳට විකිනෙනවා.
චයිනීස් කාර් ලංකාවට එනවනෙ දැන් අවුරුදු 15-20 ක් විතර තිස්සෙ. අවු.10 පැවතිලත් brand new ගත්ත ගානටම විකිණෙනව ජපන් වාහන. ඔය කාලෙ තුළ ආපු එක චයිනීස් වාහනේකටවත් කරන්න බැරිවෙච්ච දෙයක් ඒක. MG ZS ඒක කළොත් ඉතිං එහෙම දෙයක් කරපු ලංකාවෙ පළවෙනි චයිනීස් වාහනේ තමයි MG ZS.
හැබැයි ඒක එහෙම වෙයිද බලන්න තමන්ගෙ සල්ලි ලක්ෂ 60 වියදම් කරල පරීක්ෂණාගාර මීයෙක් වෙන්නෙ එක්කො සල්ලිවලට කරන්න නැති කෙනෙක්, එක්කො මෝඩයෙක්