කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර අය කියනවා ඔබ අහලා ඇති... කාලාම සූත්‍රයේ තියෙනවාලු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්වත් පිළි ගන්න එපා කියලා. අපි ටිකක් බලමු ඒ ගැන.......

    සන්ති භන්තේ ඒකේ සමණබ්‍රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේ සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. අපරේපි භන්තේ ඒකේ සමණබ්‍රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේපි සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. තේසං නෝ භන්තේ අම්හාකං හෝතේව කංඛා, හෝති විචිකිච්ඡා: කෝ සු නාම ඉමේසං භවන්තානං සමණබ්‍රාහ්මණානං සච්චං ආහ, කෝ මුසාති.
    “ස්වාමීනී, කේසපුත්ත නියම්ගමට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ තමන්ගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනී, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුනුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නෙත් තමන්ගේ මතමයමයි. ඒකමයි මතුකරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙළා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනී, ඒ අප තුළ සැකයක්මයි ඇතිවෙන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා.”

    * මෙහිදී කාලාමයන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ තමන්ගේ ගමට පැමිණෙන විවිධ දෘෂ්ඨීන් දරන ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් කියන දේවල් ගැන තමන්ට විචිකිච්ඡාවක් (සැකයක්) ඇති වන බවයි.
    එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා....


    අලං හි වෝ කාලාමා කංඛිතුං අලං විචිකිච්ඡිතුං, කංඛනීයේව පන වෝ ඨානේ විචිකිච්ඡා උප්පන්නා,

    “පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැක කිරීමට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි සැකය (විචිකිච්ඡාව) ඇතිවෙලා තියෙන්නේ.

    * එනම් ඔවුන් ඒ දෘෂ්ඨීන් පිළි නොගැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා.
    ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා.


    ඒථ තුම්හේ කාලාමා
    කාලාමවරුනි, ඔබ එන්න.

    මා අනුස්සවේන,
    කටකතාවෙන් ආවා කියලා ගන්න එපා.
    මා පරම්පරාය,
    පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා.
    මා ඉතිකිරාය,
    ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා.

    මා පිටකසම්පදානේන,
    තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා.
    (ඇතැමුන් විසින් මෙය වරදවා තේරුම්ගෙන ත්‍රිපිටකය පිළිගන්න එපා කීවායැයි කියති. එය එසේ නම් කාලාම සූත්‍රය සඳහන්ව තියෙන්නෙත් ත්‍රිපිටකයේ නොවේද?
    මෙම දේශනාව ඇසුවේ කාලාමවරුන්ය. ඔවුන්ගේ ආගම පිළිබඳ සඳහන් ග්‍රන්ථ පිළිබඳවයි මේ කියලා තියෙන්න‍ෙ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැත.)


    මා තක්කහේතු,
    තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා.
    මා නයහේතු,
    න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා.
    මා ආකාරපරිවිතක්කේන,

    කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා.
    මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා,
    තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා.
    මා භබ්බරූපතාය,
    පිළිගත යුතු කෙනෙක්නෙ මෙය කියන්නේ කියල ගන්නත් එපා.

    මා සමණෝ නෝ ගරූති.
    මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයානෙ කියල ගන්නත් එපා.

    (මෙයින් අර්ථ ගැන්වෙන්නේ ශාස්තෘන් වහන්සේ පිළබඳව නොවේ.)

    යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී: අථ තුම්හේ කාලාමා පජහෙය්‍යාථ.
    පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න.

    * එතැනින් දේශනාව අවසන් වූයේ නැත.
    බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් අසමින්, ඔවුන් තුළින්ම ඒවාට පිළිතුරු ලැබෙන පරිදි ධර්මය දේශනා කර, ඉන්පසු මෙසේ වදාළ සේක.....


    ඉති ඛෝ කාලාමා යං තං අවෝචුම්හ. ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හේ කාලාමා පජහෙය්‍යාථාති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.
    ඉතින් පින්වත් කාලාමවරුනි, දැන් ඔය අකුසල් ගැන යමක් පැවසුවා නේද, පින්වත් කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.

    * මෙතැනින්ද දේශනාව අවසන් වූයේ නැත.....

    සම්පූර්ණ දේශනාව කියවන්න.
    අංගුත්තර නිකාය> තික නිපාතය> මහා වර්ගය> පස්වන සූත්‍රය
    https://mahamevnawa.lk/sutta/an1_3-2-2-5
    https://pitaka.lk/main?n=28165

    කාලාම සූත්‍රය පිළිබඳව එක්තරා වැරදි මතයක් සමාජගත වී ඇත. එයට ප්‍රධාන හේතුව ඇතැම් අය අර්ථය නොගෙන වචන පමණක් අල්ලා ගැනීමයි. ඒ හරහා ඔවුන් තමන්ගේම දෘෂ්ඨියකට අනුගත වී සසර ගමන තවත් දීර්ඝ කරගනු ඇත. මාන්නයෙන් තොර, පිනෙන් පිරුණු අය ධර්මයම පිළිගෙන, ධර්ම මාර්ගයම අනුගමනය කර සසර කෙටි කරගනිති.
    තෙරුවන් සරණයි!
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් මචන් අපේ අය කාලාම සුත්‍රයේ පසුබිම හරියට දන්නේ නැති හින්ද වැරදි පැත්තට හිතල තියන්නේ. සුත්‍රය අවසානයේ තියනව බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පැහැදුන කාලාම වැසියන්ට දේශනය කරනවා ත්‍රිවිද රත්නයේ ශධ්ධව පිටවා ගන්න කියල.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචන්ලා ඇයි මේ මහමෙව්නාවෙන් වෙනම සූත්‍ර පිටකය ගහලා තියෙන්නේ ? බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තියෙනවනේ
    බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සඳහන් ඇතැම් ගැඹුරු වචන සහ ගැඹුරු භාෂා විලාසය නිසා සමහර තැන් සාමාන්‍ය අයට තේරුම් ගැනීමට අපහසුයි. ඒ හින්දා මහමෙව්නාවෙන් සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා තියෙනවා, ඕනෙ කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුලුවන් විදිහට.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන්ලා ඇයි මේ මහමෙව්නාවෙන් වෙනම සූත්‍ර පිටකය ගහලා තියෙන්නේ ? බුද්ධ ජයන්ති ත්‍රිපිටිකය තියෙනවනේ
    හරිම පොත් ටික මචන් හයවෙනි ධර්ම සංගායනාව (1954) අවසානයේ ඉදිරිපත් කරපු ත්‍රිපිටකය මචන්.
     
    • Like
    Reactions: aneasarayana

    nidarsha91

    Well-known member
  • Reality
     

    Attachments

    • kalama2.jpg
      kalama2.jpg
      17.2 KB · Views: 84

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සඳහන් ඇතැම් ගැඹුරු වචන සහ ගැඹුරු භාෂා විලාසය නිසා සමහර තැන් සාමාන්‍ය අයට තේරුම් ගැනීමට අපහසුයි. ඒ හින්දා මහමෙව්නාවෙන් සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා තියෙනවා, ඕනෙ කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුලුවන් විදිහට.
    මචන් ගැඹුරු වචන ගැන විග්‍රහ කරන පොත් ඕනේ තරම් තියෙනවා.ඒවා ධර්මධර ,පණ්ඩිත ස්වාමින්වහන්සේලා එකතුවෙලා දවස් ගණන් සාකච්චා කරලා තමයි ලියලා තියෙන්නේ.ඇයි මෙහෙම පොත් ගහලා තියෙන්නේ? ඒකෙන් වෙන්නේ හානියක් නේද ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචන් ගැඹුරු වචන ගැන විග්‍රහ කරන පොත් ඕනේ තරම් තියෙනවා.ඒවා ධර්මධර ,පණ්ඩිත ස්වාමින්වහන්සේලා එකතුවෙලා දවස් ගණන් සාකච්චා කරලා තමයි ලියලා තියෙන්නේ.ඇයි මෙහෙම පොත් ගහලා තියෙන්නේ? ඒකෙන් වෙන්නේ හානියක් නේද ?
    හානියක් නෙමේ, ඒකෙන් බොහෝ දෙනෙකුට ත්‍රිපිටකය ඉගෙන ගැනීම පහසු වෙනවා. ඕනෙම කෙනෙකුට. (මට නම් ධර්ම කරුණු ඉගෙන ගන්න ගොඩක් වැදගත් වෙලා තියෙනවා. මම Maths කළේ. පරණ සාහිත්‍ය පොත් කියවලා පුරුදු නෑ. ඉතින් ඒ භාෂා විලාසය හුරු නෑ මට.)
    කැමති කෙනෙකුට බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියවන්න පුලුවන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හානියක් නෙමේ, ඒකෙන් බොහෝ දෙනෙකුට ත්‍රිපිටකය ඉගෙන ගැනීම පහසු වෙනවා. ඕනෙම කෙනෙකුට. (මට නම් ධර්ම කරුණු ඉගෙන ගන්න ගොඩක් වැදගත් වෙලා තියෙනවා. මම Maths කළේ. පරණ සාහිත්‍ය පොත් කියවලා පුරුදු නෑ. ඉතින් ඒ භාෂා විලාසය හුරු නෑ මට.)
    කැමති කෙනෙකුට බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියවන්න පුලුවන්.
    එහෙම පරිවර්තනය කරන එක හොඳයි තව ස්වාමින්වහන්සේලාගේත් අනු දැනුම ඇතුව නේද ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එහෙම පරිවර්තනය කරන එක හොඳයි තව ස්වාමින්වහන්සේලාගේත් අනු දැනුම ඇතුව නේද ?
    සිංහලට පරිවර්ථනය කරන එක සාර්ථක නෑ. බුද්ධ ධර්මය ඉගෙන ගන්නවා නම් පාලි භාෂාව ඉගෙන ගන්න. පාලියෙන් ත්‍රිපිටකය කියවන්න. ත්‍රිපිටකයේ නොතේරෙන තැන් අටුවා වලින් ටීකා වලින් පැහැදිලි කරගන්න.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිංහලට පරිවර්ථනය කරන එක සාර්ථක නෑ. බුද්ධ ධර්මය ඉගෙන ගන්නවා නම් පාලි භාෂාව ඉගෙන ගන්න. පාලියෙන් ත්‍රිපිටකය කියවන්න. ත්‍රිපිටකයේ නොතේරෙන තැන් අටුවා වලින් ටීකා වලින් පැහැදිලි කරගන්න.
    ඔබ හරි. පරිවර්තනය කරන එකෙන් වෙන්නේ තව තවත් ධර්මය වෙනස් වෙන එක.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔය සුත්‍රය හරිම සරලයි.
    මෝඩ කම නිසා හෝ තමන්ගේ වාසිය නිසයි ඕක වරද්දාගෙන කතා කරන්නේ.
    කලාම සුත්‍රය තියෙන්නේ සරලවම කිවුවොත් "තිසරණයට නොපැමිණි" කෙනෙකුට තිසරණයට පැමිණෙන්න.
    තිසරණයට ඇවිල්ලා ඉන්න කෙනෙකුට කාලම සුත්‍රයෙන් වැඩක් නෑ.
    "තිසරණයට පැමිණි බෞද්ධ" කියලා කියන කෙනෙක් කියනවා නං, "බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට පිලිගන්නත් එපා" කිව්වා කියලා බුද්ධ දේශනා බැහැර කරනවා නං,
    ඇත්තට ඒ මිනිහට තිසරණය නෑ නේ? ඒ මිනිහා බෞද්ධයෙක් වෙලා ඉඳලා නෑ කවදාවත්.
    ඒ මිනිස්සු නිකන් කාලම සුත්‍රය අල්ලගෙන වලි කන්න ඕන නෑ බුදු දහමෙන් සම්පුර්ණයෙන්ම බැහැර වෙලා තමන්ගේ වැඩක් කර ගන්න.