සමහර අය කියනවා ඔබ අහලා ඇති... කාලාම සූත්‍රයේ තියෙනවාලු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්වත් පිළි ගන්න එපා කියලා. අපි ටිකක් බලමු ඒ ගැන.......
සන්ති භන්තේ ඒකේ සමණබ්රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේ සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. අපරේපි භන්තේ ඒකේ සමණබ්රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේපි සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. තේසං නෝ භන්තේ අම්හාකං හෝතේව කංඛා, හෝති විචිකිච්ඡා: කෝ සු නාම ඉමේසං භවන්තානං සමණබ්රාහ්මණානං සච්චං ආහ, කෝ මුසාති.
“ස්වාමීනී, කේසපුත්ත නියම්ගමට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ තමන්ගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනී, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුනුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නෙත් තමන්ගේ මතමයමයි. ඒකමයි මතුකරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙළා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනී, ඒ අප තුළ සැකයක්මයි ඇතිවෙන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා.”
* මෙහිදී කාලාමයන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ තමන්ගේ ගමට පැමිණෙන විවිධ දෘෂ්ඨීන් දරන ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් කියන දේවල් ගැන තමන්ට විචිකිච්ඡාවක් (සැකයක්) ඇති වන බවයි.
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා....
අලං හි වෝ කාලාමා කංඛිතුං අලං විචිකිච්ඡිතුං, කංඛනීයේව පන වෝ ඨානේ විචිකිච්ඡා උප්පන්නා,
“පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැක කිරීමට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි සැකය (විචිකිච්ඡාව) ඇතිවෙලා තියෙන්නේ.
* එනම් ඔවුන් ඒ දෘෂ්ඨීන් පිළි නොගැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
ඒථ තුම්හේ කාලාමා
කාලාමවරුනි, ඔබ එන්න.
මා අනුස්සවේන,
කටකතාවෙන් ආවා කියලා ගන්න එපා.
මා පරම්පරාය,
පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා.
මා ඉතිකිරාය,
ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා.
මා පිටකසම්පදානේන,
තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා.
(ඇතැමුන් විසින් මෙය වරදවා තේරුම්ගෙන ත්‍රිපිටකය පිළිගන්න එපා කීවායැයි කියති. එය එසේ නම් කාලාම සූත්‍රය සඳහන්ව තියෙන්නෙත් ත්‍රිපිටකයේ නොවේද?
මෙම දේශනාව ඇසුවේ කාලාමවරුන්ය. ඔවුන්ගේ ආගම පිළිබඳ සඳහන් ග්රන්ථ පිළිබඳවයි මේ කියලා තියෙන්නෙ. තෙරුවන් සරණ ගිය ශ්රාවකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැත.)
මා තක්කහේතු,
තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා.
මා නයහේතු,
න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා.
මා ආකාරපරිවිතක්කේන,
කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා.
මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා,
තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා.
මා භබ්බරූපතාය,
පිළිගත යුතු කෙනෙක්නෙ මෙය කියන්නේ කියල ගන්නත් එපා.
මා සමණෝ නෝ ගරූති.
මේ ශ්රමණයන් වහන්සේ අපගේ ගුරුවරයානෙ කියල ගන්නත් එපා.
(මෙයින් අර්ථ ගැන්වෙන්නේ ශාස්තෘන් වහන්සේ පිළබඳව නොවේ.)
යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී: අථ තුම්හේ කාලාමා පජහෙය්යාථ.
පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න.
* එතැනින් දේශනාව අවසන් වූයේ නැත.
බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් අසමින්, ඔවුන් තුළින්ම ඒවාට පිළිතුරු ලැබෙන පරිදි ධර්මය දේශනා කර, ඉන්පසු මෙසේ වදාළ සේක.....
ඉති ඛෝ කාලාමා යං තං අවෝචුම්හ. ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හේ කාලාමා පජහෙය්යාථාති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.
ඉතින් පින්වත් කාලාමවරුනි, දැන් ඔය අකුසල් ගැන යමක් පැවසුවා නේද, පින්වත් කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.
* මෙතැනින්ද දේශනාව අවසන් වූයේ නැත.....
සම්පූර්ණ දේශනාව කියවන්න.
අංගුත්තර නිකාය> තික නිපාතය> මහා වර්ගය> පස්වන සූත්‍රය
https://mahamevnawa.lk/sutta/an1_3-2-2-5
https://pitaka.lk/main?n=28165
කාලාම සූත්‍රය පිළිබඳව එක්තරා වැරදි මතයක් සමාජගත වී ඇත. එයට ප්‍රධාන හේතුව ඇතැම් අය අර්ථය නොගෙන වචන පමණක් අල්ලා ගැනීමයි. ඒ හරහා ඔවුන් තමන්ගේම දෘෂ්ඨියකට අනුගත වී සසර ගමන තවත් දීර්ඝ කරගනු ඇත. මාන්නයෙන් තොර, පිනෙන් පිරුණු අය ධර්මයම පිළිගෙන, ධර්ම මාර්ගයම අනුගමනය කර සසර කෙටි කරගනිති.
තෙරුවන් සරණයි!

Last edited: