Amazon ඉන්දියා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Amazon.in එකෙන් බඩු ගෙන්නගත්ත උන් ඉන්නවද ? ගනන් අඩුයිනේ මාරෙට. ගොඩක් වෙලාවට ඒ ප්‍රඩක්ට්ස්වලට අදාල ඉන්දියාවට දාන වර්ශන් එක වෙන්න ඇති. ගොඩක් වෙලාවට ලංකාවෙත් තියෙන්නෙ ඒකමනෙ. ගාන සෑහෙන අඩුයි...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මොනවද බං in එකේ අඩුවට තියෙන්නෙ, 2.5න් වැඩි කරලා නෙමෙයිද බැලුවෙ.

    Update:
    Kindle paperwhite එක .com එකේ $130(24000LKR), .in එකේ ₹12,999 (32500LKR)
    Fire tv stick 4K එක, .com එකේ $50(9250LKR), .in එකේ ₹5999 (15000LKR)
    US වල ඉඳන් ශිපින්/ටැක්ස් එක්ක මෙහෙට එන ගානටත් වඩා .in එකේ ලිස්ට් කරලා තියන ගාන වැඩියිනේ බන්.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    www.amazon.in ලංකාවට Shipping කරනවා කියලා හිතන් ඉන්න පොරකට විනාඩි දෙකක නිශ්ශබ්ද තාවායක්🤣🤣
    දන්නැති දේවල් දැනගන්න විස්තර කතාකරගන්න තමයි ෆෝරම්ස් තියෙන්නෙ. මොකද උඹ කියලත් සියල්ලදත් නෙමෙයිනේ....
    හැබැයි එකවුන්ට් හදන්නදෙනවා, ෂිපින් ලොකේෂන්ස් වලට ලංකාවෙ අඩ්‍රස් දාන්න දෙනවා..ෆෝන් නම්බර් එකත් වෙරිෆයි උනා... ප්‍රඩක්ට් ඇඩ් කලාම ෂිපින් ඔප්ෂන්ස් එහෙමත් පෙන්නනවා.. ඇමසන් එකට වැරදිලාවෙන්න ඇති නේද ?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මන් ගෙන්නනවා. එහේ යාලුවෙක්ගේ ගෙදර යවලා, එනකොට අරන් එනවා. හොද බඩු හොයලා රිවිව් බලලා ගත්තොත් ගොඩ. මේ ටිකේ නම් ගෙන්නන්න බෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොනවද බං in එකේ අඩුවට තියෙන්නෙ, 2.5න් වැඩි කරලා නෙමෙයිද බැලුවෙ.

    Update:
    Kindle paperwhite එක .com එකේ $130(24000LKR), .in එකේ ₹12,999 (32500LKR)
    Fire tv stick 4K එක, .com එකේ $50(9250LKR), .in එකේ ₹5999 (15000LKR)
    US වල ඉඳන් ශිපින්/ටැක්ස් එක්ක මෙහෙට එන ගානටත් වඩා .in එකේ ලිස්ට් කරලා තියන ගාන වැඩියිනේ බන්.
    වැඩි කරලා බැලුවෙ මචං. හැබැයි කට්ටිය කියන විදිහට ලංකාවට ෂිප් කරන්නෙ නැතිලු...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    වැඩි කරලා බැලුවෙ මචං. හැබැයි කට්ටිය කියන විදිහට ලංකාවට ෂිප් කරන්නෙ නැතිලු...
    ඔවු ඒක හරි ශිප් කරන්නෙ නම් නැහැ තමයි
    ඒ නැතත් සාමාන්‍යෙන් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම නම් .com එකේ තමයි ලාබම,
    .in එකේ ගනන් අඩු ඇති ඔය ඉන්දියාවෙම හදන අයිටම් වගේ ඒව, මට නම් එහෙම .in එකේ ලාබෙට තියන දේවල් අහුවුනේ නැහැ බන්, උඹ දැම්මට පස්සෙ මම ටිකක් සර්ච් කරලා බැලුවා, එහෙමකට ලාබ මොනවත් හම්බුනේ නැහැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔවු ඒක හරි ශිප් කරන්නෙ නම් නැහැ තමයි
    ඒ නැතත් සාමාන්‍යෙන් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම නම් .com එකේ තමයි ලාබම,
    .in එකේ ගනන් අඩු ඇති ඔය ඉන්දියාවෙම හදන අයිටම් වගේ ඒව, මට නම් එහෙම .in එකේ ලාබෙට තියන දේවල් අහුවුනේ නැහැ බන්, උඹ දැම්මට පස්සෙ මම ටිකක් සර්ච් කරලා බැලුවා, එහෙමකට ලාබ මොනවත් හම්බුනේ නැහැ
    මේක බලපංකො
    https://www.amazon.in/Bosch-06015A8...child=1&keywords=jigsaw&qid=1600623698&sr=8-2
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඔය මචන් entry level, made in india (or may be china) ඒව
    මෙහෙත් ඕක ඔය ගානටම වගේ ඇති, bosch උනාට made in india ඒව පට්ටම අඩුවට තියනවා, ඕව ඔය Asian මාකට් එකට ලාබෙට හදපුවා
    US/EU සයිට් එකක ඔය මොඩල් හොයන්නත් නැහැ

    bosch grinder තියනවා made in india රුපියල් 5500 වගේ වෙන්නෙ, ඒ සයිස්ම ඒ ස්පෙක්ම තියන ඒව තියනවා made in germany 18000-20000ක් විතර වෙනවා ඒකක්.

    හොඳ ඒව ගනන්, මේක බලපන්කෝ
    https://www.amazon.in/Bosch-GST-150...hild=1&keywords=gst+650&qid=1600626690&sr=8-5

    කොහම උනත් පවර් ටූල් හොඳ ඒව අඩුවට ගන්නවා නම් අඩුම තැන USම තමයි, ජපන් බ්‍රෑන්ඩ් ජපානේ අඩුයි ඒ උනාට ගෙන්න ගන්න එක ටිකක් අමාරුයි මොකද US to Sri Lanka ඕන තරම් package forwarding service තියනවා, Japan to Sri Lanka ලාබ එකක් මට හම්බුනේම නැහැ. ඔය රටවල් දෙකේම 110v, ඒක නිසා ට්‍රාන්සෆෝමරයක් ගන්න ඕන එහෙම නැත්නම් කෝඩ්ලස් ටූල් අරන් චාජරේ මොඩිෆයි කරලා හරි UK වලින් චාජරයක් වෙනම ගෙන්න ගන්න හරි ඕන.