අම්මා තාත්තා දෙන්නම හෙන කැත මිටි පවුලකින් ඉපදෙන ළමයෙක් හොද ලස්සන උස කෙනෙක්වෙයිද?
එහම වෙන්න බැරිද? බැරි බව Independently ඕප්පු කරලා තියෙනවද?
ජාන වෙනස් වුනත්, එහම ජාන වෙනස් වෙන්නේ ඇයි ? අහඹු නම් ඇයි අහඹු වෙන්නේ?
නැත්නම් හොද පවුලක ඉපදීලා පුදුමාකාර විදිහට ලස්සන වෙන්න පුළුවන්. හැබයි ජීවිතයම කාලකන්නිවෙලා යන ඒකත් පිනද?
පවක් පලදීලා වෙන්න බැරිද, ඒ පුද්ගලයගේත් දෙමව්පියන්ගෙත්.
සර්වසම ජාන තියන දෙන්නෙක් උනත් තියෙන්නේ විඥාන දෙකක්. ඉතින් උන්දෙන්නා කොහොමද එකම විදිහට හිතන්නේ?
ඉතින් හරි නේ සහෝ, චිත්ත නියාම ක්‍රියාත්මක වෙන්නේ නෑ දෙන්නෙක්ට සමව, කර්ම නියාමත් එහෙමයි.
මේ මනුස්සයාගේ කර්මය චිත්ත නියාම අනුව මේ මනුස්සයා මෙහෙමයි කියල පිළිගන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ මනුස්සයා බොරු කාරයෙක් කියල වෙන ඔප්පු කරපු විස්තරේකුත් නැතිව, ඒ මනුස්සයාගේ MRI එකත් බොරු වෙන්න ඔන, ඒ තරම් බොරු කරලා මනුස්සයා ලබාගත්තු දෙයක් ගැන මහා ලොකු විස්තරේකුත් නෑ නේ.
ඒ මිනිහා බොරුම කරා උනත්, ඇයි සිංහල බෞද්ධයන්ට කාර්ම නියාම චිත්ත නියාම පිළිගන්න බැරි ? බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා Independently පරීක්ෂණයක් කරලා නැති නිසාද?
හොද වෙලාවට බුදුවරු පහල වෙන්නේ නැත්තේ , නැතිනම් ලංකාවේ සිංහල බෞද්ධයො බුදුහාමුදුරුවොන්ගේනුත් ඔක්ස්ෆෝර්ඩ් හාර්වර්ඩ් වලින් independently සහතික කරන එන්න කියයි.
සියලු තත්ත්ව සමාන එක විචල්‍යක් පමණක් වෙනස් කරලා පර්යේශනේ කරන්න එපැයි. කිසිම විදියකින් සියලු තත්ත්ව සමාන කරන්න පුලුවන්ද? පුළුවන් අපිට මනින්න පුළුවන් දේවල් සමාන කරන්න විතරයි, එකත් මනින්න පුළුවන් ප්‍රමාණෙන් පමණයි.