කලින් ත්‍රෙඩ් එකක් දැක්ක උබලට විශ්වාස අය හම්බෙලා තියෙයිද කියල. ඒකෙන් ආපු අදහසක් මත තමා මේ ගැන අහන්න හිතුනේ. මම විශ්වාස කරන විදියට අවුරුදු 20-35 වගේ අතර අපිට ගොඩක් තාවකාලික මිනිස්සු හම්බෙන කාල පරාසයක්. ඕකෙන් රැදෙන්නේ කිප දෙනයි.
අදහස් ටිකක් බෙදාගෙන යමු.
- උබල වැඩකරපු , වැඩකරන තැන්වල හම්බුනු කට්ටිය කොහොමද? එකට ඉදලා කෙලවෙලා තියන හෝ එකට හිනාවෙලා නැති තැන බනින වුන් සෙට් වෙලා තියෙයිද? ඒ වගේ අත්දැකිම් ටිකක් කියාගෙන යමු. කෙලවපු හෝ නැති තැන උබලට කෙලවපු තැන්.
- මගේ තියෙන අඩුපාඩුවක් තමයි , මොකෙක් හරි කැරි වැඩක් කලොත් (එක්කෝ වෙනඋන් එක්ක මොනහරි කියල වගේ.මට නොදැන දෙයක් වුනොත්) ඒක කොහොමරි දැනගත්තම, මට ඌත් එක්ක බොරුවට හිනාව දාගෙන කතාකරන්න අමාරුයි. සමහරුන්ට ඒ හැකියාව තියෙනවා. එක්කෝ ගොඩක් වෙලාවට මූණටම කියනව නැත්නම් වැඩිය ගනන්නොගෙනම ඉන්නව. ඒවගේ දෙයකට උබල කොහොමද රිඇක්ට් කරන්නේ? (හැමෝගෙම හොද ටික විතරක් ඇරගෙන ,නරක දේ අතරින්න කියල කියයි..ඒත් බොරුවට හිනාවන්න හරි අමාරුයි)
අදහස් ටිකක් බෙදාගෙන යමු.
