ජොබ්වලදි හම්බුනු මිනිස්සු.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    ජොබ් වලදි මට හම්බවුනු අය ගැන මන් කියන්නම් .
    කටාර් වල මන් වැඩ කරාපු කම්පැණියෙ හිටියෙ
    පිල්ලො ,ඊජිප්ට් ,නෙපාලි ,ලංකාවෙ උන් සහ ඉන්දියන් මලබාරි , ඉන්දියන් තමිල් නාඩු.

    කැපිලි කෙටිලි ගත්තොත් අපෙ උන්ගෙන් විෂෙශයෙන් සිංහල උන්ගෙන්ම තමා කැපිල්ල ආවෙ. පඩ ශො එක නෙ ? අපෙ එකාට කපලා අනික් උන්ගෙ හිත දිනා ගැනිමෙ ඓතිහාසික කැරි ගතියක් අපෙ සිංහලු ගාව තියෙනවා (මන් නම් එහෙම කරෙ නැහැ .මන් ඒ ක්‍රමෙ වෙනස් කරා )

    එත් මලබාරි ,ඊජිප්ට් උන් එහෙම උන්ගෙ එකා බේරනවා හැම වෙලාවෙම.
    උන් අතරත් මතබෙද නැතුවාම නෙමෙ. එත් පිට ජාතින් ඉස්සරහ උන් එකමුතුයි .

    මගෙ මැනෙජර්ට මගෙ වයසෙම පුතෙක් හිටිය නිස මිනිහා මට සැලකුවෙ එයාගෙ පුතා කියලා හිතාගෙන.
    අනික් උන්ට ඒ නිසා ඉරිසියාවක් තිබුනා.
    එත් මන් අනික් උන්ටත් (රට ජාතිය බැලුවෙ නැහැ )
    පුළුවන් තරම් උපකාර කරා .
    ගොඩක් උන්ට කම්පියුටර් සම්බන්ධ දෙයක් නොදන්නවානම් අහන්නෙ මගෙන් .මන් ඉතිං උන්ට කියලා දෙනවා ලොබ නැතුව.
    ඒක නිසා රටදි මට ලොකු අවුලක් උනෙ නැහැ.

    ලංකාවෙ ගත්තොත්. මන් වැඩ කරෙ තැන් කිහිපයක අත්දැකීම් නම් .

    ලංකාවෙ උන්ට කන්න නැතත් ඉස්කොලෙ නලලෙ තියෙන්නෙ.
    උඹට කියන්න මන් ඉංග්‍රිසි කතා කරනවා ගින්දර වගෙ.
    ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උන් සහ සෙන් තොමස් ,වෙස්ලි වගෙ එව්වාට ගිය උන් එක්ක තමා මන් වැඩ කරෙ.
    එත් උන් මගෙ එක්ක හිතලාම සිංහලෙන් කතා කරන්නෙ .
    මන් උන් එක්ක ඉංග්‍රිසියෙන් කතා කරන්න හැදුවත් උන් සිංහලෙන් කතා කරන්නෙ .
    මගෙ ඉංග්‍රිසි කථනය උන්ට වඩා හොඳයි ( ලොකු කමක් නෙමෙ .එත් ඇත්ත කියන්න එපැයි )
    එත් මන් ගියෙ රජයෙ ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට නොවන සීන් එක උන්ගෙ හිතෙ තියෙනවා ඇඟෙව්වෙ නැති උනාට.
    එක නිසා උන් කැමති නැහැ උන්ගෙ මාකට් එක නැති කරගන්න .

    අපෙ උන්ට ඔනි අපෙ උන් විදියට කතා කරන්න .
    නැත්තම් ඌට ඉංග්‍රිසි හරි නැහ ඌට ඉංග්‍රිසි බැහ වගෙ මානසිකත්වයක් ඉන්නෙ සහ කන්ඩෙම් කරනව.
    හැබැයි දවසක් ක්ලයන්ට් කෙනෙක් කතා කරා සුද්දෙක් .
    එකෙක් ෆොන් එක උස්සන් මට ගෙනත් දෙනවා උඹ කතා කරපන් කියලා. 😂 😂
    උගෙ ඉස්කොලෙ නම් කියන්න බැහැ.
    රටෙ ප්‍රධාන පෙලෙ නම ගිය ඉංග්‍රිසි තියෙන පාසලකට ගිය එකෙක් .
    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
    අපෙ උන්ගෙ උද්ධච්ඡ කම් ,මහන්තත්ත කම් අපි අතර පමණයි .

    බොසාගෙන් නම් බැනුම් අහලා තියෙනවා. එව්වා ඉතිං කොහෙත් වෙනවානෙ.
    කැපිලි කෙටිලි නම් ලොකුවට සෙට් වෙලා නැහැ.
    මොකද මන් පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්න නිසා.
    එත් ඉස්සරහට මොනවගෙ අත්දැකීම් ලැබෙයිද කියන්න බැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    තමා හට තමන් පමණි ekath ne depression
    සොෂල් ෆැබ්‍රික් එකට හිකිලා තියෙන්නෙ සොෂල් මීඩියාස් නිසා.
    අන්න ඔය දෙ තමා ඔය ඩිප්‍රෙෂන් වෙන්න ප්‍රධාන හෙතුව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    The people you work with aren't your friends. You don't spend time with them because you choose to, it's because you have to. Don't talk to them about your personal life because it will come back to haunt you. Most people I've worked have been assholes. The reason is we don't get to choose who we work with like we choose our friends. So there are bound to be personality clashes. The ones who gossip are the worst.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ජොබ් නම් කිහිපයක්ම කරලා තියෙනවා. හොද මිනිස්සු හම්බුනා . ජීවිතේට දේවල් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු හම්බුනා . ඒවගේම කොනක ඉදන් කපන එකට කෑම කන යාළුවොත් හිටියා . කි**ක් නිසා ගෙම්බෝ වෙච්ච එවුන් හිටියා. හොදම දේ තමන්ට පඩියක් හම්බවෙනවා නේ කියලා වැඩ කරපන් . එතනින් එහාට බැදීම් මුකුත් නැහැ .
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ජොබ් වලදි මට හම්බවුනු අය ගැන මන් කියන්නම් .
    කටාර් වල මන් වැඩ කරාපු කම්පැණියෙ හිටියෙ
    පිල්ලො ,ඊජිප්ට් ,නෙපාලි ,ලංකාවෙ උන් සහ ඉන්දියන් මලබාරි , ඉන්දියන් තමිල් නාඩු.

    කැපිලි කෙටිලි ගත්තොත් අපෙ උන්ගෙන් විෂෙශයෙන් සිංහල උන්ගෙන්ම තමා කැපිල්ල ආවෙ. පඩ ශො එක නෙ ? අපෙ එකාට කපලා අනික් උන්ගෙ හිත දිනා ගැනිමෙ ඓතිහාසික කැරි ගතියක් අපෙ සිංහලු ගාව තියෙනවා (මන් නම් එහෙම කරෙ නැහැ .මන් ඒ ක්‍රමෙ වෙනස් කරා )

    එත් මලබාරි ,ඊජිප්ට් උන් එහෙම උන්ගෙ එකා බේරනවා හැම වෙලාවෙම.
    උන් අතරත් මතබෙද නැතුවාම නෙමෙ. එත් පිට ජාතින් ඉස්සරහ උන් එකමුතුයි .

    මගෙ මැනෙජර්ට මගෙ වයසෙම පුතෙක් හිටිය නිස මිනිහා මට සැලකුවෙ එයාගෙ පුතා කියලා හිතාගෙන.
    අනික් උන්ට ඒ නිසා ඉරිසියාවක් තිබුනා.
    එත් මන් අනික් උන්ටත් (රට ජාතිය බැලුවෙ නැහැ )
    පුළුවන් තරම් උපකාර කරා .
    ගොඩක් උන්ට කම්පියුටර් සම්බන්ධ දෙයක් නොදන්නවානම් අහන්නෙ මගෙන් .මන් ඉතිං උන්ට කියලා දෙනවා ලොබ නැතුව.
    ඒක නිසා රටදි මට ලොකු අවුලක් උනෙ නැහැ.

    ලංකාවෙ ගත්තොත්. මන් වැඩ කරෙ තැන් කිහිපයක අත්දැකීම් නම් .

    ලංකාවෙ උන්ට කන්න නැතත් ඉස්කොලෙ නලලෙ තියෙන්නෙ.
    උඹට කියන්න මන් ඉංග්‍රිසි කතා කරනවා ගින්දර වගෙ.
    ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උන් සහ සෙන් තොමස් ,වෙස්ලි වගෙ එව්වාට ගිය උන් එක්ක තමා මන් වැඩ කරෙ.
    එත් උන් මගෙ එක්ක හිතලාම සිංහලෙන් කතා කරන්නෙ .
    මන් උන් එක්ක ඉංග්‍රිසියෙන් කතා කරන්න හැදුවත් උන් සිංහලෙන් කතා කරන්නෙ .
    මගෙ ඉංග්‍රිසි කථනය උන්ට වඩා හොඳයි ( ලොකු කමක් නෙමෙ .එත් ඇත්ත කියන්න එපැයි )
    එත් මන් ගියෙ රජයෙ ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට නොවන සීන් එක උන්ගෙ හිතෙ තියෙනවා ඇඟෙව්වෙ නැති උනාට.
    එක නිසා උන් කැමති නැහැ උන්ගෙ මාකට් එක නැති කරගන්න .

    අපෙ උන්ට ඔනි අපෙ උන් විදියට කතා කරන්න .
    නැත්තම් ඌට ඉංග්‍රිසි හරි නැහ ඌට ඉංග්‍රිසි බැහ වගෙ මානසිකත්වයක් ඉන්නෙ සහ කන්ඩෙම් කරනව.
    හැබැයි දවසක් ක්ලයන්ට් කෙනෙක් කතා කරා සුද්දෙක් .
    එකෙක් ෆොන් එක උස්සන් මට ගෙනත් දෙනවා උඹ කතා කරපන් කියලා. 😂 😂
    උගෙ ඉස්කොලෙ නම් කියන්න බැහැ.
    රටෙ ප්‍රධාන පෙලෙ නම ගිය ඉංග්‍රිසි තියෙන පාසලකට ගිය එකෙක් .
    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
    අපෙ උන්ගෙ උද්ධච්ඡ කම් ,මහන්තත්ත කම් අපි අතර පමණයි .

    බොසාගෙන් නම් බැනුම් අහලා තියෙනවා. එව්වා ඉතිං කොහෙත් වෙනවානෙ.
    කැපිලි කෙටිලි නම් ලොකුවට සෙට් වෙලා නැහැ.
    මොකද මන් පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්න නිසා.
    එත් ඉස්සරහට මොනවගෙ අත්දැකීම් ලැබෙයිද කියන්න බැහැ.
    යකෝ උබ හොදයි . මේ ලාගදි talk with chathura එකට USAවල ඉන්න එහෙ ජනාදිපති එක්කලා වැඩ කරන ප්‍රොෆෙක් අවා . පොරගෙන් චතුර ඇහුවා ඇයි ඔයා ඔයාගේ දැනුමෙන් ලංකාවට වැඩක් කරන්න කැමති නැද්ද කියලා . පොර කිව්වේ මේකනේ මම පොලන්නරුවේ මනුස්සයෙක් නේ . ඒගොල්ලෝ හොයන්නේ රෝයල් ගිය අය කියලා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජොබ් එකට ගියේ ඒලෙවල් ඉවරවෙලා දවස් 3 කින් .අව රුදු 2ක් ට්‍රේනින්ග් හිටියා මාසෙට 1000 පඩිය 2011 -
    ගියාට පස්සේ මම තමා එතන ඉන්න කොම්පුටර් නොලේජ් එක වැඩිම එකා.ඒ දවස් වල කින් පිස්සුවනේ .මන් අහක දාන කොළ කෑලි වලින්
    එක එක ඕන දේවල් ප්‍රින්ට් කරගත්තා .එක එකෙක් ලොක්කට ගිහින් කියල .ලොක්ක මගෙන් ඇහුවා.මන් පෙන්නුවා .අපහු ඕවා කරන්න එපා කියල ගියා .

    ඊලග පාර ඔඩිට් එකට පෙන්නන්න බඩු ලැස්ති කරනකොට අයිටම් හංගල .මම එක හදලා පෙන්නුවට පස්සේ මෙන්න බඩු අපහු තිබ්බ තැන.මායි ගෝලයයි දවස් දෙකක් හෙව්වා .

    තව එකෙක් ඉන්නවා ගම් කැරියෙක් .ඌ වතුර බොන සින්ක් එකෙන් අතපය හෝදලා කකුලත් දාල හෝදනවා .ඌ කියල මම කකුල දාල හෝදනවා කියල

    කැරි කම් නම් එමටයි .කියනවනම් දවස් ගානක් කියන්න පුළුවන් .

    තව එකෙක් ඉන්නවා ඌ කියන්නේ මන් කන්නේ බොන්නේ නෑ කුනෙක් කියල.ඒ උන් එක්ක මන් බොන්න යන්නේ නැති නිසා .
    කවදාකවත් ඔෆිස් එකී උන් ගෙදර ගෙනල්ල බොන්න දෙන්න එපා .මම කන බොන හැටි දන්නවනම් උන් අඩනවා

    දැන් ඉන්න බොසා ඊට වඩා කුම්මහිය .එකට ඊ මේල් එකක් ගහන්නන බෑ ..මමයි ගහන්නේ ඒ උනාට උයි බලද්දී ඊ මේල් එක ගහල තියෙන්නේ .

    අම්බ මොඩම කැරියෙක් .

    පොඩ්ඩක් මනුස්ස කමට උදව් කලහම එක හැමදාම ඇගේ ගහනවා .එළියේ වැඩ කරන සමහර උන් ගංජා ගහනවා .
    මූ කරන්නේ එකෙක්ට එන්න කියල උට කියල ඔලුව මසාජ් කරගෙන උට ඇතුලේ ගංජා ගහන්න දෙනවා .

    උගේ වැඩේ ගූගල් මැප් එකේ ලයිව් දැන් ජැෆ්න යන එක.එක්කෝ මල්ලි පොඩ්ඩක් දෙන්න කියල කොම් එක ඉල්ලන් එතන පුටුවේ නිදාගන්නවා .යකෝ ලොක්ක ඇවිල්ල මුට දෙයක් කියනවා .මු නිදි එක ලොක්කට පෙන්නේ නැද්ද කොහෙද එකත් ඔහේ කියවනවා .මොංගල් හුත්තලා

    ඉස්සර වැඩට යන්නේ හරි අසාවෙන් .වැඩකරපු තැන 5 එස් එකට හැදුව .පස්සේ පස්සේ ගොට්ටෝ ආවා.එකට අපු උන් අරින්න ගත්තා .දැන් වැඩට යන්නේ
    මරන්න වගේ කොහොම හරි ගිහින් දවස ගහල එනවා ,.තව දාන්න බෑ ඇත රිදෙනවා ,..

    වැඩිය ඕනේ න කම්පැනි එකේ යකඩ හොරෙන් පන්නපු එකා දැන් ජීඑම් .
    ෆුඑල් අල්ලොවන්ස් එක හොරකරපු එකා දැන් මැනේජර් .
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Mata nam me wenakan set una yaluwo okkoma wage pattetama fit ban.e athrin kihipa denek udinma... ekata indala arina kapana un set welama ne...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    8 hour friends. habaiyi un ekka trips unath yanawa ithin. habaiyi family eka karaganne naa

    ඒ වෙන රටවලත් මෙහෙමද ? තමන්ගෙ වැඩේ කරල ගෙදර එන උන් නැද්ද කොහෙවත්

    na bung office politics mulu loketama eka deyak. koheth oya case thiyanawa office wala
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සෙට් වුන තරමක් සෙට් වුනේ ජංගි නිසා කැරිකම් කරපු වුන් තමයි මගෙත් එක්ක එකට කාලා බීලා ජංගි නිසා මට අරින්න ආවා අන්තිමට උන්ට වෙච්චදෙයක් නෑ හොදම දේ තමන්ට පඩියක් හම්බවෙනවා නේ කියලා වැඩ කරපන් . හම්බුවෙන පඩියට සදාරණ විදියට වැඩ කරපල්ලා. කල්ලි ගැහෙන්නේ නැතුව. මොනවා හරි දෙයක් වුනාම තමන්ට තමන් විතරයි. ඒක නිසා ආයතනයේ ලොක්කත් එක්ක හොදින් වැඩ කරන්න දක්ෂ වෙන්න ඔනේ (ඒ කියන්නේ අනිත් උන්ගේ වැරදි ලොක්කත් එක්ක කියන එක නෙමෙයි) ලොක්කට ඕන විදියට වැඩ ටික කලානම් එච්චරයි. එතනින් එහාට බැදීම් මුකුත් නැහැ . කවුරු මොනවා හිතුවත් තමන් තමන්ගේ ගමන යන්න ඔනේ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මගේ ජොබ් ජීවිතෙ හම්බෙච්ච මූසලයෙක් ගැන කියන්නම්. එකපාරක් මාස 6විතර වැඩකරපු පොඩි කම්පනි එකක ඉඳලා ඇතිවෙලා මම යන්න හිතන් ඉන්නේ කියලා කට්ටියට කිව්වා. එතකොට එතන හිටපු උන් කිව්වේ (උන් වැඩිමල් මටවඩා) වෙනතැනක් හොයන් මිසක් යන්න එපා නැත්තන් CV එකේ ගැප් හිටිනවා කියලා. ඉතින් මන් vacancies බලන ගමන් එතන දිගටම හිටියා. ඔහොම ඉන්න අතරෙ අර කලින් කියපු මූසලයා ඕක බොසාගෙ කනේ තියාලා (ඌ කිව්වා කියලා කියන්න එපා කියලා බොසාට කියලා) මන් වැඩ ඇරිලා ගෙදර ගියාම බොසා මට කෝල් කරලා ඇහුවා ඔයා යන්නද ඉන්නේ කියලා. බලද්දි බොසාටත් මාව යවන්න විදියක් නැතුව ඉඳලා තියෙන්නේ මගෙන් අහපු විදියෙන් සහ මම හිටපු මානසිකත්වය නිසා මම 'ඔව් යන්න හිතන් ඉන්නේ සර්' කිව්වා. එදා 20 වෙනිදා දවසක් බොසා කිව්වා 'හරි එහෙනම් ඊළඟ මාසෙ 20 ඉඳන් ඔයාමෙහෙ වැඩ නෑනෙ?' කියලා. මන් ඔව් කිව්වා. පහුවෙනිදා වැඩට ගියපු ගමන් මම කට්ටියට කිව්වා මෙතන කවුරුහරි එකෙක් බොසාට මන් යන එක කියලා තියනවා කියලා. එතකොට අනිත් උන් මීක් නෑ අර මූසලයා කියනවා 'අපිවනම් අල්ල ගන්න එපා මල්ලි ඕවට' කියලා

    kuhaka ballo ekka ba bn wada karanna higanama haththak me rate inne godakma gaum adina pirimi hathikare