අපේ පැත්තේ මගේ වයසේ කොල්ලෙක් සෙට් වුනා කළුතර හෙන ප්‍රසිද්ධ සල්ලිකාර පවුලක කෙල්ලෙක් එක්ක. ඒකිට අයියා කෙනෙක් ඉන්නවා ඌත් මගේ වයසේ. උගේ නම කිව්වම ටවුන් එකම දන්නවා. උගේ නමින් තමයි උන්ගේ බිස්නස් යන්නේ. කොල්ලෝ දෙන්නවම මම අඳුරනවා උනුත් මාව අඳුරනවා. කොහොම හරි කෙල්ල එක්ක සෙට් වුන කොල්ලයි කෙල්ලගේ අයියයි දෙන්නම එකම ඉස්කෝලෙත් එක්ක. අන්තිමේ පවුල් වලින් අවුල දානවා කියල දන්න නිසා අරූ කෙල්ලවත් අරන් පැන්නා හෙන ඩොටේ. කෙල්ලගේ අයිය එහෙම යස්සයා ආවේස වෙලා හෙව්වා හැම තැනම. කොල්ලගේ ගෙදරට සෙට් එකකුත් එක්කන් ඇවිල්ල පිස්සුවක් නටලා මරනවා කියල තර්ජනෙත් කරලා ගියා.
කොහොමින් කොහොම හරි ඔය සේරම සමතයකට පත්වෙලා ගෙවල් වල මිනිස්සුන්ගේ කැමැත්තෙන් අන්තිමේ වාද්දුව සිට්‍රස් එකේ වෙඩිමත් මහා ඉහලින්ම ගත්තා. ඔහොම හිටියා අවුරුදු 3ක් විතර. මෙන්න ඊයේ පෙරේදා ආරංචි වුනා දෙන්න ඩිවෝස් වෙන්න යන්නේ කියලා. බලද්දී කෙල්ලගේ ගෙදරින් මුන්ගේ පවුල් ජීවිතේට ඇඟිලි ගහලා කෙල්ලගේ බ්‍රේන් එක එහෙම වොෂ් කරලා පවුල් දෙක පෑහෙන්නේ නැති කතා අනන් මනං කියලා. කෙල්ල ගෙදරින් ගිහිල්ල ඒකිගේ මහා ගෙදරට. කොල්ලත් කන්ස්ට්‍රක්ෂන් සයිට් වල හොඳ ජොබක් කලේ. CS ද කොහෙද, අන්තිමේ කොල්ලට පිස්සු හැදිලා නාගොඩ ඉස්පිරිතාලෙත් ඉඳලා. දැන් නම් හොඳයිලු. බලන් ගියාම කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීලා බන්දලා තියෙන්නේ කවද හරි මේ මගුල කඩලා දානවමයි කියල හිතාගෙනමද කොහේදෝ.
අන්තිමේ අරූ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. දැන් ඩිවෝස් ෆයිල් කරලලු තියෙන්නේ. අපරාදේ කාලේ, සල්ලි, හැගීම්.. ඉක්මන් වෙලා බඳින උන් නිසි සැනසිල්ලේ පසුතැවෙ කියන්නේ නිකන් යෑ.. කොල්ල නම් ඒකි එක්ක යාලුවුනේ සල්ලි නිසාමයි. ඌට ඕන තරම් හොඳ කෙල්ලෝ සෙට් වෙලා ඉඳල තියෙනවා. අන්තිමේ තන්හාව නිසා කෙල වුනා. ඔන්න ඕකයි කතන්දරේ.