මහින්දගෙ මීඩියා යුනිට් එකට වඩා ජරාම විදියට මුන්ගෙ මීඩියා යුනිට් එක හැසිරෙන්නෙ. කවුරු කොහොම සුද්ද කරන්න හැදුවත් ඒකයි ඇත්ත. ඒ ආණ්ඩුවෙ ඇත්තටම කරපු වැරදි වලට මිනිස්සු කෑ ගැහුවෙ. උන් ආපු දවසෙ ඉඳල අවුරුදු 5ටම කරපු දේකට කියල කරේ අර Ambulance Project එක විතරයි. ඒක නම් සුපිරිම වැඩක් අගය කරනව. ඒ ඇරෙන්න අනිත් කරපු හැමදේම රටට මොකක්හරි විනාසයක් වෙන දෙයක්. එහෙමයි කියල උන් කරන්න හදපු හොඳ වැඩ වලට මේ විදියට විරෝධ උනේ නෑ ඒ කාලෙ.
අනිත් එක හොඳට හිතල බලන්න යහපාලන ආණ්ඩුව කාලෙ දවසකට මේකෙ වැටෙන ත්රෙඩ් ගානයි දැන් මේකෙ වැටෙන ත්රෙඩ් ගානයි. අන්න ඒක බැලුවම තේරෙන කෙනෙක්ට තේරෙයි. ඉස්සර ඉරෝසන්ල නික්ජොස්ල මොකක්හරි උනාම ත්රෙඩ් එකක් ඇරල කෑ ගහනව දැන් බලන්න ඒකට පැයෙන් පැයට ත්රෙඩ්. කොරෝන ලෙඩෙක් මැරුණත් ත්රෙඩ් එකක්. මම දවසක් දැක්ක කොරොන්ටයින් වෙන සෙන්ටර් එකක දෙතුන් දෙනෙක්ගෙ වලියක් ගිහිල්ල ඒකටත් ත්රෙඩ් එකක්. මේ ඔක්කොම කරන්නෙ ස' ෆේල් කියල පෙන්නන්න.
මෙතැන නියම මයින්ඩ් ගේම් එකක් යන්නෙ. කෙනෙක් කියල තිබ්බ මගේ කළින් පෝස්ට් එක කෝට් කරල වැරැද්දක් කරල නැත්නම් මඩ ගහන්න දෙයක් නෑ නේද කියල. ඒක නෙමෙයි ඇත්ත කතාව මුං නියම මයින්ඩ් ගේම් එකක් ගෙනියන්නෙ. කරන හැමවැඩකටම කතාවක් ඒක වගේ ගොතනව. ඊට පස්සෙ ඒක මාර්කටින් කරනව. අල්ටිමේට් ගෝල් එක තමයි ස' ෆේල් කියන එක පෲව් කරන එක.
ඒ විතරක් නෙමෙයි මුං කාලෙකට සමාජගත කරන්න හදන බොරු ටික? කලින් සිංහරාජෙ කපනව කියල ඇමසන් වනාන්තරයෙ පින්තූර වගයක් පෙන්නුව. කොරෝන වලින් මිනිස්සු මැරෙනව කිව්ව. ෆොටෝ එඩිට් කරල වාහන වල ගස් කපපුව අදින ඒව වගයක් ප්රචාරය කරා. නිරෝධායන මධ්යස්තාන වල කෝපි දෙන්නෙ ප්ලාස්ටික් කප් වල කියල එතැන මොකක්ද එකක් මාර්කට් කරා. ඇයි තව මුස්ලිම් මිනී වලදාන්න දෙනව කියල ලියුමක් ප්රමෝට් කරා. අන්තිම බලු විදියට මුං හැසිරෙන්නෙ.
දැන් මේ පෝස්ට් එකටත් මීඩියා යුනිට් එකේ එකෙක් ඇවිල්ල කෝට් කරල ලියල යයි බයි රචනා හරි, හොඳටම රිදිල හරි මොකක්හරි එකක්.
සැ.යු: මීඩියා යුනිට් එකේ අයටවත්, කැපුවත් කොර, රතු, නිල් Fanලටවත් මෙය අදාළ නොවේ.