හෙළ වෙදකම

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන් දන්නෙ නැති හින්දයි අහන්නේ.
    මචං හෙළ වෙදකමෙයි ආයුර්වෙදෙයි තියන වෙනස මොකද්ද?
    හරියට එක තැනකින් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුලුවන්ද?
    හෙළ වෙදකම සඳහා ප්‍රසිද්ධ වෙද මහතුන් ඉන්නේ කවුද?
    (දැන් කොරෝනා පැණිය ගැන කියල වැලලෙන්න එපා- ඒක නෙවෙයි මේ අහන්නේ)
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචං මේ දෙකේ වෙනස නං මම කියන්න දන්නෙ නෑ.ඒත් අස්ථි.ස්නායු,උපන් කොර වලට හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා මාතලේ කොබ්බැවැහැර.එන්.ජී.සෝමනන්ද (අයියයි මල්ලියි බෙහෙත් කරන්නේ මාරුවෙන් මාරුවට.මම බෙහෙත් ගත්තේ මල්ලි ගෙන් )වෙද මහත්තයා.මගේ කොන්දේ ස්නායු තෙරපීමක් තිබිලා සනීප කලා..(සිංහල (දේශීය ) වෙදකම.ආයුර්වේද නෙවෙයි.ඒක මට පැහැදිලිව කිව්වා )
     
    Thank you for the info
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම විශ්වාස කරන්නෙ නැති නිසා දන්නෙ නෑ(මම කිව්වෙ දැන් ඉන්න හොර වෙද්දු ගැන)
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම විශ්වාස කරන්නෙ නැති නිසා දන්නෙ නෑ(මම කිව්වෙ දැන් ඉන්න හොර වෙද්දු ගැන)
    මමත් කලින් එච්චර හිතුවෙ නෑ බං.ඒත් ගෙනිච්ච රිපෝට්ස් (MRI ) මොනවත් බලන්නැතුව,විනාඩි 5ක් විතර අත අල්ලගෙන ඉඳලා තියෙන ලෙඩ ඔක්කොම කිව්වම පොට යන්නැද්ද කියාංකො..මට කට උත්තර නැති වුනා.අඩුගානේ ජීවිතේට දැකලවත් තිබුන මිනිහෙක් නෙවෙයිනේ බං මාව.ලෙඩේ මොකද්ද,කින්ද මන්ද මෙලෝ දෙයක් දන්නෑ නේ.බුලත් අත දීලා වඳින කොටම කිව්වා පුතා මට දැනෙන්නේ නං ස්නායු සම්බන්ධ ලෙඩක් වගේ කියලා.ඊට පස්සේ වාඩිවෙන්න කියලා විනාඩි 5ක් විතර අතින් අල්ලගෙන හිටියා.හොඳම එක ඒක නෙවෙයි.මගේ ඇහේ අවුලක් තිබුනා colour vision blind.ඒක අහු වුනේ මෙඩිකල් එකක් ගන්න ගිහින්.ඒකට බෙහෙත් නෑ කිව්වා.( ස්පෙෂලිස්ට් කිව්වේ.).ප්‍රධාන රෝගයට සම්බන්ධයක් නෑ මේක කියලා,ඔයාගේ ඇහේ ප්‍රශ්නයක් තියෙනවා,සමහරවිට ඔයා ඒක දන්නෙත් නැතුව ඇති කියලත් කිව්වා.ඉතිං මොනවද කියපංකො කියන්නේ.(මේ එකක්වත් බොරු නෙවෙයි මට වුන සිරාම සිද්දියක් මචං.) (y)
     
    • Like
    Reactions: castellain