ආත්මය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    අපි මැරුණම ආත්මය සිරුරෙන් අයින් වෙලා පාවෙලා ගිහින් වෙන ශරීරයක නැවත උපදිනව, ඔය පොටෝස් වීඩියෝස් එහෙම තියෙන්නෙ :lol:
    එහෙම අදහසක් තිබුණට
    අපි මැරුණම අපේ විඤ්ඤානය නැති වෙලා තව තැනක පහල වෙනව කියලනෙ බුද්ධාගමේ කියන්නෙ (තේරුම් ගන්ඩ අමාරුයි නේද)
    ගමන් කිරීමක් ගැන කියන්නෙ නෑ. දුරක් ගැන අදහසක් නෑ, මෙතනින් හිටපු එකා තව තැනක පහල වුණේ කොහොමද හිතා ගන්ඩ බෑ, වෙනම මානයකින් සම්බන්ධ වෙනවද...
    විශ්වයේ එහා කෙරෝලෙ වුණත් පහල වෙන්ඩ පුලුවන්, මාරයි නේද..
    ශරීරයකට කොටු වෙච්ච අපිට විශ්වය තරණය කරන්ඩ අපහසු වුණාට, අපේ හිතට (විඤ්ඤානයට) දුර කියන සංකල්පය අදාලම නෑ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,585
    8,710
    113
    kandy
    බුදු දහමේ ආත්ම වාදය පිළිගන්නේ නැ .ඒ කියන්නේ එක ආත්මෙකින් තවත් ආත්මෙකට යන දෙයක් නැ.(ගන්දබ්බ කියලා කියන්නේ ) . අවසාන චුති සිත මත තමයි ඊලග ප්‍රතිසන්දිය ලබන්නේ .. මොකද එහෙම ආත්මෙකින් තව ආත්මෙකට යන දෙයක් තියනවා නම් ඒ දේ නිත්‍යයි කියලා සලකන්න පුළුවන් නේ .. එත් එහෙම නිත්‍ය දෙයක් නැ .ගන්දබ කියලා වැරදිලා සලකන්නෙත් එක්තරා ආකාරයක උපතක් .

    https://www.divaina.com/images/bud16april/bud7.html
     
    Last edited:
    • Love
    Reactions: elajani

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,075
    790
    113
    ආත්ම සංකල්පය විඤ්ඤානය ඊලග උපතට අරගෙන යනවා. ආත්ම තියෙන්නේ ආගම් වල පමනයි.

    බුදු ධහමේ ආත්ම හෝ අනාත්ම වාද නැත. බුදු දහමේ උගන්වන්නේ "මඤ්ඤතාවය" නැතිනම් මමත්වය.

    යමෙක් මැරුණට පසු ඉතිරි වෙන්නේ ගති පොදිය සහ හුරු පුරුදු ගැබ් වෙලා තියෙන මතක සටහන් පමනයි.

    ඒකයි පොඩි කාලේ ඉදන් සියල්ල යලි ඉගෙන ගන්න වෙන්නේ. කුරුලු පැටියා කුරුලු ගති වලට සාපේක්ෂ හුරු පුරුදු බාවිතා කරගෙන අලුත් විඤ්ඤානයක් සකස් කර ගන්නවා. මිනිස් දරුවා මනුෂ විඤ්ඤානයක් අලුතෙන් සකස් කර ගන්නවා.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මනොමය ශරිරයට වෙනම ආයුශක් තියෙනවා එ ආයුශ ඉවර උනාහාම තමයි චුත උනා කියන්නෙ චුත වෙන්නෙ කර්මානුරුපව, ඔය පුනර්බවය කියන්නෙ චුත වෙච්ච නැති මනොමය ශරිරෙ ආයුශ තියෙනවා ගන ශරිරෙන් ගැල විලා ගිහිල්ලා

    මතකය තියෙන්නෙ නාම ගොත්‍ර වල අපි හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා එ අනුව පසුබිම සකස් වෙනවා, එ නාම ගොත්‍ර අපිට කියවන්න පුලුවන් පෙර බවය බලනවා ආනාගතෙ බලනවා කියන්නෙ එකට

    බුදුදාහාමෙ ආත්ම නැ හෙතුපල සම්බන්දය උගන්නන්නෙ, අත්තද අනත්තද සාරද ආසාරද බලන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: san**

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    harima saralai. Gandabba kiyala seen ekak buddhism wala naha.

    anthima chiththa weethiye thiyenne chiththakshana 12i. jawan 5k naha. 10di chuthi wenawa 13di prathisandi wenawa aramuna ekka. echcharai
     
    • Like
    Reactions: san**

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    harima saralai. Gandabba kiyala seen ekak buddhism wala naha.

    anthima chiththa weethiye thiyenne chiththakshana 13i. jawan 5k naha. 10di chuthi wenawa 13di prathisandi wenawa aramuna ekka. echcharai

    කුතුහල සාලා සුත්‍රෙ කියවන්න

    වච්ච ආහානවා සත්වයා මෙ සරිරෙන් අයින් උනා මතු සරිරෙකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙනද ජිවත් වෙන්නෙ කියලා
    බුදුන්වාහාන්සෙ සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා තෘශ්නාව ඇසිරු කරලා ඉන්නවා කියලා

    තව සතර මන් සන්දියක විස්තර ඔය වගෙ ගොඩක තියෙනවා

    සරිරෙන් ගැලවෙන ඔක්කොම චුත වෙන්නෙ නැ
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    කුතුහල සාලා සුත්‍රෙ කියවන්න

    වච්ච ආහානවා සත්වයා මෙ සරිරෙන් අයින් උනා මතු සරිරෙකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙනද ජිවත් වෙන්නෙ කියලා
    බුදුන්වාහාන්සෙ සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා තෘශ්නාව ඇසිරු කරලා ඉන්නවා කියලා

    තව සතර මන් සන්දියක විස්තර ඔය වගෙ ගොඩක තියෙනවා

    සරිරෙන් ගැලවෙන ඔක්කොම චුත වෙන්නෙ නැ

    suthra wenai abhi darme wenai kollo. suthra mimnissu interpret karana ewane.

    here you go comprehensive analysis

     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    suthra wenai abhi darme wenai kollo. suthra mimnissu interpret karana ewane.

    here you go comprehensive analysis



    චිත්ත විග්ග්‍රහය හරි, මනොමය ශරිරය ගන සරිරෙන් ගැලවෙන හැමොම චුත වෙන්නෙ නැ ගන්දබයෙක් ගැන සුත්‍ර වල කියවෙනවා එක පුනර්බව සාදක වලදිත් පැහැදිලි වෙනවා

    ඔබ චිත්තක්ශන දැකලා තියෙනවද ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,585
    8,710
    113
    kandy
    මෙම ගන්ධබ්බ යන වචනය තරම් බෞද්ධ ආචාර්යවරුන්ගේ විවාදයට බඳුන්වූ තවත් වදනක්‌ නොමැති තරම්ය. අතීතයේ පටන් පැවත එන එම වාදවිවාද අද ද අවසන් වී නොමැත. ගන්ධබ්බ යන ශබ්දය විස්‌තර කරන සිංහල විශ්වකෝෂය ඒ සඳහා විවිධ අරුත් කැටිකොට දක්‌වා තිබේ. දිව්‍යනායක දේවයෝනී කොට්‌ඨාසයක්‌, මවුකුස පිළිසිඳින සත්ත්වයා, සංගීතඥයා, සංගීතය, විවාහ ක්‍රමයක්‌, කස්‌තුරි මුවා, අශ්වයායන අර්ථ මෙහිලා ඇතුළත් වේ. ගන්ධබ්රීබ යන්න විස්‌තර කරන මහාචාර්ය ජී.පී. මලලසේකර මහතා ද මහාචාර්ය රීස්‌ඩේවිඩ්ස්‌ මහතා ද ඉහත කී අර්ථ බොහෝමයක්‌ එලෙසින් ම ගෙනහැර දක්‌වති.

    එහෙත් බෞද්ධ සම්ප්‍රදායන් තුළ ගන්ධබ්බ යන්නට දී ඇති එකම නිර්වචනය නම් මව් කුසක පිළිසිඳ ගැනීමේ අපේක්‍ෂාවෙන් කර්ම ශක්‌තිය මගින් මෙහෙයවනු ලබන සත්ත්වයා යන්නයි. නමුත් ඒ ඒ සම්ප්‍රදායන්ට අනුව එහි පැහැදිලි වෙනස්‌කම් දක්‌නට ලැබේ. එහිදී දැකගත හැකි මූලිකම වෙනස්‌ කම වනුයේ කාලය පිළිබඳ විවරණයයි. ථෙරවාදී නොවන බෞද්ධ සම්ප්‍රදායන් තුළ ගන්ධබ්බ ශබ්දය අන්තරාභවය හෝ විඥානය ලෙස දක්‌වන බව ඉහත දැක්‌වූයෙමි. මෙම අන්තරාභවය හෝ විඥානය යනු සත්ත්වයෙකුගේ චුති ප්‍රතිසන්ධි හෙවත් මරණය හා උපත අතර ඇති කාලයයි. භවයන් දෙකක්‌ අතර ඇති කාලය හෙයින් අන්තරා භවය ලෙස නම් කිරීම යුක්‌තියුත්ක යෑයි පවසන ඔවුන් එය තහවුරු කිරීමට විවිධ අදහස්‌ ඉදිරිපත් කරති.

    ථෙරවාදී බෞද්ධාචාර්යයෝ මෙම සර්වස්‌තිවාදී හා යෝගාචර මත සියල්ලක්‌ම ප්‍රතික්‍ෂේප කරති. වියෙන් ගොයමද, ගොයමෙන් විය ද හටගන්නා සේචුති-ප්‍රතිසන්ධි භව අතරවිච්ඡින්න තත්ත්වයක්‌ නැතැයි ඔවුහු පවසති. මියයන පුද්ගලයා ඇසිපිය හෙළන පමණ කාලයක්‌ තුළ දෙවන භවයක උපත ලබන බව ථෙරවාදී මතයයි. ඒ අනුව චුති-ප්‍රතිසන්ධි භවදෙක අතර අන්තරාභවයක්‌ තිබිය නොහැකිය. අන්තරාභව පරිනිබ්බායී, සම්භවෙසී යන පාඨයන් විමසීමෙන් තොරව ගෙන මෙම අන්තරා භවය පිළිගෙන ඇති බව උදානඅට්‌ඨ කථාවේ දී ථෙරවාදීන් විසින් දක්‌වා සිටී. මිලින්ද ප්‍රශ්නයේ එක්‌ තැනක විමසනු ලබන පැනයක්‌ නම් මිය යන සත්ත්වයෙකු බඹලොව ඉපදීමට හෝ නරලොව ඉපදීමට ගතවන කාලයේ වෙනස කොපමණ ද යන්නයි. එයට පිළිතුර එකම කාලයක්‌ යන්නයි. මෙම අදහස ථෙරවාදීන් සිය මතය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරයි.

    full post
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    ආත්මය කියලා දෙයක් නෑ. අපි මැරුණාම තවත් තැනක උපදිනවා. ඒත් ඒ අපි නෙමේ. තවත් සත්වයෙක්. අපි දැන් කරන පින් හෝ පව් ඒ අපි මළාම අපි වෙනුවෙට ඒ අලුතින් උපදින සත්වයාට පල දෙනවා.