ඕකට කියන්නේ Determinism කියලා, ඒ කියන්නේ අපි කරන කියන හැමදේම අපිට පහුගියකාලේ සිදුවුණා දේවල්වල ප්‍රතිපලයක් විතරමයි. ඒ කියන්නේ අපිට Free will එකක් නෑ. මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එහෙම බැලුවොත් ලංකාවේ සියලුම සිරකරුවෝ එලියට දාන්න ඕනේ. මොකද උන්ට තීරණයක් ගන්න බෑනේ. උන් උන්ගේ අතීත අත්දැකීම්වල ප්‍රතිපලයක් විතරයි. උන්ට මිනිය මරන්නම වෙනවා, මොකද උන්ට තේරීමක් නෑ. අපි ඉපදුනා DNA වලට අනුව හැදුනා, අතීත අත්දැකීම්වලින් අපේ මොළය දෙන සිග්නල් එකට නැටවෙන රූකඩ.මොළය සහ මනස කියන්නේ දෙකක් ඇත්ත,
මොළය කියන්නේ අපේ දැනුම ගබඩා ඒවා ප්‍රොසෙස් කරන ප්‍රොසෙසරය, ඒ වගේම සමස්තයක් විදිහට ඒ තමයි මනුෂ්‍යයා ප්‍රෝග්‍රෑම් කරන ඉන්ටෆේස් එක,
අපේ DNA වලින් අවශ්‍ය ඉන්ටෆේස් එක අප බිහිවෙනවිටම හැදිලා තියෙන්නේ, ලමාකාලයෙදී අපේ දැනුම ඒ ඉන්ටෆේස් එකට දාගෙන කස්ටමයිස් කරලා අපි මිනිහෙක් හදනවා, ළමයා වැඩිහිටියෙක් වෙනවා, ඌ ලමාකාලයෙදී ගන්නා දැනුම පරිසරය ආදිය අනුව ඌගේ ජීවිත කාලයේ පැවැත්ම තීරණය කරනවා.
එතකොට උඹ කියලා කෙනෙක් නෑ, උඹත් අතීත සිදුවීම්වල ප්‍රතිපලයක් විතරයි. ඇත්තටම ඔක බොරුවක් කියන්නත් විද්‍යාවේ ගොඩක් සාක්ෂි තියෙනවා. උඹ මට තේරෙනවා Materialistic path එක තමයි හැමදේම කියලා හිතන එකෙක්. මිට අවුරුදු 6කට කලින් මාත් ඔහොම තමයි. මට ඕකට තව හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් විද්‍යාඥයෝ දෙන ඒත් මෙතන හැමදේම ගහන්න කම්මැලියි.
මනස කියන්නේ මොකක්ද කියලා උඹ මම විතරක් නෙවේ ලෝකේ ඉන්න ඉහලම විද්‍යාඥයෝ පවා තවම දන්නේ නෑ. හැබැයි ගොඩක් materialistic අය දන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යනවා. අන්න එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ විද්‍යාවේ Blind spots සමහරු photoshop කරනවා කියලා.
මම උඹ ඉගෙනගත්ත එක නරකයි කියන්නේ නෑ, මම කියන්නේ තව හොයපන්. තව කියවපන්. තව ඉගෙනගනින්. එකම path එකක අදහගෙන යන්න එපා. ආගම වේවා විද්‍යාව වේවා මොකක් උනත්. එතකොට තමයි ඇත්තටම හොඳ තීරණයක් ගන්න පුළුවන්.