කෙටි ම පිළිතුර credit card එකක් තිබීම හොඳයි --- හැබැයි ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි billing cycle එක අවසානයේ හැදෙන statement එකේ තියෙන මුදල තමාට මුළුමනින්ම ගෙවන්න පුළුවන් මට්ටමට තියාගන්න එක. එච්චරයි.
පොලියයි, ප්‍රමාද ගාස්තුයි (late fee) එකතුවෙන්න තියාගැනීම ඕනෑම හස්ති රාජයෙක් බිම ඇදගෙන වැටෙන්න හේතු වෙනවා.
මම අවුරුදු දොළහක ඉඳන් credit card පාවිච්චි කරනවා. තවම late fee/interest ගෙවන්න වෙලා නෑ. ඒ මට මහ ලොකු පඩියක් ලැබෙන හින්ද නෙවෙයි, හැම මාසෙ ම බැංකුවෙන් එවන statement එකේ ගාන අඩු නැතුව ගෙවන්න ඕන කියල ඔලුවේ තියාගෙන credit card එකෙන් වියදම් කරන හින්දා. මගේ පඩිය කෙලින් ම වියදම් කරලා (cash දීල) ගන්න බැරි ගොඩක් දේවල් credit card එක පාවිච්චි කරලා අරගෙන තියෙනවා.
මගේ වියදම්වලින් රුපියල් දාහකට වඩා වැඩි හැම වියදමක් ම වගේ ගෙවන්නේ credit card එකෙන් (ජල, විදුලි, දුරකතන, වරිපනම්, Keells, Food City වගේ එකී මෙකී නොකී එව්වා ඔක්කොම). Credit card statement එකේ ඔය ඔක්කොම සටහන් වෙන හින්දා මගේ මාසික වියදම් ටික ලස්සනට ට්‍රැක් කරගන්නත් පුළුවන්. මාසිකව ලැබෙන cash back එකෙන් (මාසෙකට 2000 ගානේ අවුරුද්දකට 24,000ක්) annual fee එකේ පාඩුව වැඩිපුරත් එක්ක පියවෙනවා.
ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ හොඳ මූල්‍ය විනයක් තියෙන කෙනෙක්ට credit card එකක් තිබීම වාසිදායකයි.