මට තියෙන අත්දැකීම් කිහිපයකුත් කියන්නම් .
ඇඳුමෙන් විතරක් නෙමෙ මනින්නෙ .
පෙනුමෙනුත් මනිනවා.
හමෙ පාටින් මනිනවා
වාහනෙන් මනිඅනව
ඉන්න ගෙදර සයිස් එකෙන් මනිනවා
ඉස්කොලෙන් මනිනව.
ඇඳුම ගත්තොත් කොට කලිසම ගැහැව්වොත් උ මල්ලි
හැබැයි ඇඟ පත මහත එකෙක් කොණ්ඩෙ පිලිවෙලට කපලා හිටියොත් ඌ මහත්තයා .
ඒ වගෙම හම සුදු නම් පොඩ්ඩක් තැනක් තියනවා කළු හමට වඩා.
ඒ වගෙම ස්ලිපර්ස් වලට වඩා සපත්තු දෙකක් දැම්මොත් තැනක් තියෙනවා.
එත් සුදු හමක් නම් අබුඩය ගැහැව්වත් පිළිගැනිමක් තියෙනවා කළු හමට වඩා.
කළු හම එකෙක් නම් පෙනුම මහත් වෙලා රැවුල කොණ්ඩය පිළිවෙලට කපලා
අංකල් ටයිප් එකෙ ඇඳුමක් ඇන්දොත් අන්න රෙස්පෙක්ට් එකක් දෙවි .
ඒ වගෙම ඉස්කොලෙ .
කෙල්ලො ඉස්කොලෙ යන කලෙ කොල්ලෙක් එක්ක සෙට් වෙද්දි ඉස්කොලෙ බලනව.
මම ගියෙ ටිකක් ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට නෙමෙ .
මගෙ කසින්ස්ලා ගියෙ මට වඩා ප්‍රෙස්ටිජියස් ඉස්කොලෙකට.
කසින්ස්ලාට මට වඩා පෙනුම නැහැ.එත් උන් එක්ක කෙල්ලො කතා කරා
මගෙ එක්ක කෙල්ලො කතා කරන්න ආවෙ නැහැ .
හැබැයි ඉස්කොලෙ ඇඳුමෙන් යනකන් විතරයි .
ටියුෂන් යද්දි මන් ගියෙ කිට මරලාඅ.
මන් ටියුශන් ගියෙත් ටිකක් පොෂ් ටයිප් එකෙ තැනකට .
එතන හිටිය උන්ට මගෙ ඉස්කොලෙ වැඩක් උනෙ නැහැ ඇසුරු කරන්න .
එතනට අවෙත් ප්‍රයිමරි කාලෙ ඉඳන් කොළඹ ඉස්කොල වලට ගිය පොෂ් කට්ටිය .
උන්ට අපෙ ඉස්කොලෙ මික්ස් එකක් කිව්වහම මාරම ඉන්ට්‍රස්ට් .මොකද එතන හිටිය උන් ගියෙ මික්ස් ඉස්කූල්ස් වලට නෙමෙ .එතකොට උන්ට විරුද්ධ ලිංගික කෙනගෙ ඇසුර ලබන්න ටියුෂන්ම එන්න වෙනවා.
ඉතිං උන් කැමති අපෙ ඉස්කොලෙ කෙල්ලො කොල්ලො ඇසුරු කරන විදිය ගැන දැනගන්න .
ඒ ක්ලාස් එකෙ රොයල් ගිය කොල්ලො පවා මට කියලා තියෙනව "උඹලාට මාට ෆන් නේද බන් ? කෑලි එහෙම ඉන්නවානෙ ඇතුලෙ ඉස්කොලෙම ? අපිට නැහැ නෙ බන් ඒ ආතල් එක "
මම ඉතිං අතිනුත් දාල තව රස කරලා උන්ට කතා කියනවා අපි ඉස්කොලෙ කරන දෙවල් ගැන .
එත් අනික් පැත්තට ඉස්කොලෙ බලල වෙනස් කම් කරෙ අපි වාසය කරන ප්‍රදෙශේ උන් .
උන් සෙරොම කොළඹ ඉස්කොල වලට ගියෙ නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවයෙන් .
එක්කො ශිෂ්‍යත්වෙන් ,එක්කො ඕ ලෙවල්ස් වලින් .
එච්චර කැලිත් නෙමෙ ඉතිං .ඉස්කොලෙ යුනිෆොර්ම් එක විතරයි .ගැමි ටයිප් .
කොල්ලොත් එහෙම්මම තම .
ඉන්න ගෙදර ගත්තොත් .
අපි අපෙම කියල ගෙයක් හැදුවෙ 2005 දි වගෙ. සල්ලි මදි කම නිස බ්ලොක් ගල් 700 ක පොඩි කාමර කැල්ලක් ගහගෙන තමා අපි ආවෙ.
අපෙ අල්ලපු ඉඩමෙ එකා තනි තට්ටුවට කම්ප්ලීට් වෙන්න ගේ ගැහැව්වා ඒ කාලෙ .ඌට කම්පැණෛ එකෙන් දීපු කාර් එකක් තිබ්බා.
ඌ අපිව ගණන් ගත්තෙ නැහැ .මොකද ගේ පොඩි නිසා .
අපිට ගමෙ කාර්ඩ් එක වැටුනෙ පොඩි ගෙදර කට්ටිය කියලා
ඒ කාලෙ අපෙ ඒරියා එකෙ කාර් එකක් තිබ්බෙත් ඌට විතරයි (අද වගෙ නෙමෙ කාර් එකක් ටිකක් ලොකු දෙයක් නෙ ? )
2008 දි අපි ඒ පොඩි ගේ කෑල්ල කඩල අත්තිවාරම දැම්මා අපෙ පර්මනන්ට් ගේ කෑල්ල හදන්න .
බාගෙට හදලා තිබ්බෙ.
රෙට්ටු කෑලි වලින් වහගෙන තමා හිටියෙ ජනෙල් තිබ්බෙ නැහැ .
අපෙ ගෙදර ඉන්ටර්නෙට් තිබ්බා ඒ කාලෙ .
ඒ නිසා ගමෙ උන් ආවා උන්ගෙ වැඩ කරගන්න අපෙ ගෙදර .
ඔන්න 2014 දි අපි ගේ හැදුවා සම්පූර්ණයෙන්ම රෝලර් ඩොර් එකක් දාලා සුපිරි පෙනුමට.
අන්න අර අපිව ගණන් ගත්තෙ නැති එකා අපි එක්ක කතා කරන්න ආවා .
ඒ වෙනකන් අපිව ආශ්‍රය කරපු උන් අපෙ මූණවත් බැලුවෙ නැහැ .
ඒ වගෙම සමහරක් අපිව අසුරු කරපු උන් ගෙදර වාස්තු දොෂ පෙන්වන්න ගත්තා .
සමහරක් ඥාතීන් එහෙම අපෙ දෙමාපියන්ගෙ පරණ අඩු පාඩු එහෙම වෙනදට වැඩිය කියවන්න ගත්තා .
මොකද උන් හිතුවෙ අපි හැමදාම අර පොඩි කැල්ලෙම ඉඳිවි කියලා .
ඉතිං ඔන්න ඕකයි තත්වෙ.