බ්‍රෝ මටනම් තියෙන්නේ වෙනම අදහසක් ගොඩක් අය එකග නොවෙන්න පුලුවන්..ලන්කාවේ ගොඩක් උන්ගේ අදහසක් තියෙනවා මේ මේ කාලෙදි මේවා තියෙන්න ඕනා කියලා , 25ට කලින් හොදට ඉගෙන ගන්න ඕනා , 35ට කලින් හොද ජොබ් එකක් කරලා කසාදයක් කරගන්න ඕන, තමන්ගේම කියලා වාහනයක් , ගෙයක් තියෙන්න ඕනා , කවුද බන් ඔහොම barriers දාලා තියෙන්නේ?? ඔක්කොම එකම race එකක දුවනවා එකා පස්සේ එකා අනිත් උන්ටත් එහෙම කරන්න කිය කියා.
උබට දැවෙන ප්‍රශ්නයට එන්නම් ""ආදරය"" කෙල්ලෙක් නෑ බදින්න ඕනා...මචන් උබ හිතෙනවනම් බැන්දම ඔක්කොම හරි කියලා එලකිරි එකේම ඇති අපේ උන් දාලා "කසාද ජීවිතේ ප්‍රශ්න කියලා" ඕන තරම් tread , බොරු කියලා හිතනවනම් search පාරක් දාලා බලපන්..උබේ target එක හොද කෙල්ලෙක් සෙට් කරගෙන කසාදයක් කරගන්න නම් බන් ඒක ආමාරුයී, කෙල්ලො කියන එක බන් අද තියෙනවා හෙට නෑ..ඒත් උබ හොයා ගනින් උබ කවුද කියලා ජීවිතේ පසු තැවෙන්න එපා එක එකා love කරනවා දැකලා, අනේ මට මෙහෙම නෑ නේ කියලා..බොට තියෙන ඒවා ගැන හිතලා සතුටු වෙයන් හැම එකාගෙම ජිවිතය එකවගේ නෑ , සමහර උන් 20 බදිනවා, සමහර අය 30න් සමහර අය නොබැද ඉන්නවා සමහර අය බැදලා දික්කසාද වෙනවා ඒක තමා බන් ජීවිතය කියන්නේ..තමන්ට නැති ඒවා ගැන දුක් වෙන්න එපා බන් මට අරක නෑ මේක නෑ කියලා බොට තියෙන ගොඩක් ඒවා අනිත් උන්ට නැති වෙන්න පුලුවන් උබට ඒත් මතක් වෙන්නේ නැත්නම් බලපන් පරක්කු වෙද්දී කෝල් එකක් එනවද කියලා ගෙදරින් මන් කියන්නේ නෑ උබට තේරෙනවානේ..
කෙල්ලෙක් කසාදයක් නෙමෙයි බන් ජීවිතය කියන්නේ..ජිවිතය විදපන් ආස දේවල් කරපන් ජිම් යනවා කිව්වනේ පලයන් ආස දේවල් කරද්දිම උබ දන්නෙම නැතුව කෙල්ලෙක් එයි වයස කීය හරි ඒකිට ආදරය කරපන් කෙල්ලෝන්ව chase කරලා හරියන්නේ නෑ බන් එහෙම උනොත් හැමදාම උබට වයසට යනකම් කෙල්ලෝ පස්සෙ දුව දුව ඉන්න වෙන්නේ.. සමහර අය කියන්නේ බන් සල්ලි තියෙනවනම් හොද කාර් එකක් තියෙනවන්ම් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා කියලා..හරි වෙන්න පුලුවන් එකම දේ මොකක්ද නොබැද ඉන්න එක නේ,, හරි එහෙම උනොත් ඒක බාරගනින් සතුටින් උබට දුක් වෙන්න දෙයක් නෑ නේ උබ ආසදේවල් කරලා ඉද්දී, හැමෝටම බන් අපි හොයන ආදරය ලැබෙන්නේ නෑ බ්‍රෝ අපි දන්නේ නැති උනාට ගොඩක් උන් ඉන්නවා බැදලා දුක් වෙන, අපෝ බැන්දේ මෝඩ කමක් කියලා හිතන උන් හිතන්නේ මීට වඩා හොදයි නොබැද හිටියනම් කියලා..හැම දෙයක්ම වෙන්නේ හොදට කියලා හිතපන් උබේ ජීවිතය එක එකාගේ එවත් එක්ක සසදන්න එපා..
අපේ ඔය culture එකේ අවුල තියෙන්නේ බන් ඒකයි උබට ඕක හෙන ප්‍රස්නයක් වෙලා තියෙන්නේ, ඇයි පාරේ හම්බුනත් අහන්නේ අඩෝ/පුතා තාම කෙල්ලෙක් නැද්ද බන් බැන්දේ නැද්ද බන් , ටහුකන්න උන් උබේ තියෙන ඒවා අහන්නේ නෑ නේ.. නැගිටපන් වෙන උන් ඕන දෙයක් හිතපුවාවේ ඕක උබේ ජිවිතය ආස දේවල් කරපන් අම්මට තාත්තට මල්ලිට ආදරය දීපන් සලකපන් ඒ ඇති හරියන්න..ජය!!!