"5k dunna adiyaka gahanna" me kiwwe mokdda? terune nalaga gewal walata oken prasnayk wen na neda current ekata.......ape gewal laga ohoma wedling karana eun 3 denek hitiya......ape line ekema 2nek...gon kariyo....man keewe mehema weld karanna epa ape current eka adu wenawa ...TV ,computer walata hoda na kiyala.......ahan na..........ita passe man kale electricity board eke ekek set karan unta 5k dunna adiyaka gahanna.....una awa ara 3n denagema line ekakata daaala man wena ekakata damma...dan kattiya athal eke paassanawa...math innawa ohe....kauru hari aaya welding plant genawoth utath ehema thama karanne...aaaya aha aha ine na ugen.
එල මන් දාන්නම්I've been contemplating buying a welding plant for a while now
ube experience eka daapan oya plant eka gana
it would be very useful
https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colomboPls share model., price & place.
Is it 30A?
I am searching too...
ඒ මොකද බන් එහෙම ඇහුවෙMachan ubata Mason weda puluwanda?
ඉගෙන ගන්න බැරි දෙයක් නෑනේ බන්
woodworking igena gaththe kohomada ban? matath asai subject eka igena ganna.මම ඔය හැම දේම ගෙදර ඉන්න ගමන් ඉගෙන ගෙන කරනවා බන්.
දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තොතින් මම woodworking ගැන එහෙම මොනවත් දන්නෙ නැහැ, තනියම කරලම දැන් woodworking ඕනම දෙයක් වගේ පුලුවන් ටූල්ස් එහමත් සේරම වගේ තියනවා,
Na machn. Matat Mason weda tikak thaniyema igena ganna asai bn. Thappayak badinna. Kapararuwak gahanna wage. Bassla hoyanna giyama epa weno bnඒ මොකද බන් එහෙම ඇහුවෙ
සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්, ගෙදර තියන ලොකු ලොකු වැඩ නම් කරන්න යන්නෙ නැහැ, පොඩි පොඩි වැඩ නම් කරනවා
wata pitawe gewal walata karadaraya wenne nadda? unge gewal walath current eka adine okata...දන්න අය නං දන්නවා නේ මං ටූල්ස් වලට එහෙම හෙන ආසයි කියලා, ගොඩ දවසකින් මොනවත් ගන්නත් බැරි උනා. වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියෙ. ගෙදර පොඩි වැඩ දෙක තුනකුත් කරන්න ඕන වෙලා තිබ්බා, ඒක නිසා ගත්තා එකක්.
මම මොකද්ද ගන්නෙ කියලා හොය හොයා හිටියෙ, සේරම තියෙන්නෙ චයිනීස් නේ. ටිකක් හරි හොඳ චයිනීස් එකක් ගන්නවා කියලා හිතන් හිටියෙ, ලාබෙටම තියන චයනීස් ඒවත් පොඩි වැඩ වලට අවුලක් නැහැ කියලා යූටියුබ් එකෙයි වෙන ෆෝරම් වලයි දාල තිබ්බ නිසා ලාබෙටම තියන එක නැතුව ඇවරේජ් ගානකට තියන එකක් ගන්නවා කියලා හොයා හොයා හිටියෙ
ඉස්සර ආපු වෙල්ඩින් ප්ලාන්ට් වල තිබ්බෙ පත ට්‍රාන්ස්ෆෝමරයක් ඒක නිසා ඒව බරයි, තඹ කම්බි ගොඩක් තියන නිසා ගානත් ටිකක් වැඩියි, හැබැයි දැන් අලුතෙන් එනවා Inverter welding plant කියලා ෆුලි ඉලෙක්ට්‍රොනික් ඒවා, ඒවා ගානත් අඩුයි බරත් අඩුයි, එෆිශන්සි එකත් හොඳයි. ඒවයෙ ගොඩක් පැරාමීටර් ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් නිසා ඒවයෙන් වැඩ ලේසි කරන ෆීචර්ස් තියනවා, Hot start, Anti stick etc etc කියලා, ඒක නිසා මම කොහොමත් ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්නවා කියලා තමයි හිතන් හිටියෙ.
හොයනකොට brand දෙකක් අහු උනා, Retop කියලා එකකුයි Riland කියලා එකකුයි. එතනිනුත් retop කියන එකට වෙබ් සයිට් එකක් වත් හොයා ගන්න බැරි උනා, හැබැයි Riland කියන එක බැලුවම චයිනීස් කම්පැනියක් හැබැයි උන් හදන්නෙම වෙල්ඩින් ප්ලාන්ට්, වෙබ් සයිට් එකක් එහෙම තියනවා සේරම ප්‍රොඩක්ට් වල විස්තර ස්පෙක් එහෙමත් තියනවා ඒක නිසා ඒක ගන්නවා කියලා ඩිසයිඩ් කරා
තව මේ Riland ගෙන්නන කම්පැනියෙන් youtube චැනල් එකක් එහෙමත් කරලා තියනවා ඒකෙ කම්පැරිසන් එහෙමත් තියනවා ඒව බැලුවම Rilnd එක ශේප් කියලා හිතුනා, උන්ට කතා කරාම 500ක් දුන්නම ගෙදරටම ඩිලිවර් කරන්නත් පුලුවන් කිවුවා.
ඊයෙ හවස තුනට විතර සල්ලි ගෙවුවෙ අද 11.30 වෙද්දි ගෙදරටම එවුවා. අවුරුද්දක් වොරන්ටි තියනවා.
වෙල්ඩින් ප්ලාන්ට් එකේ බිල්ඩ් කොලිටිය අවුලක් නැහැ, සැටිස්ෆයිඩ්. ඒක කරේ එල්ලන් යන්න ස්ට්‍රැප් එකක් එහෙමත් තියනවා
වෙල්ඩින් හෝල්ඩර්, වයර්, Earth clamp එක එහෙම කොලිටිය හොඳටම හොඳයි, පත වයර් තියෙන්නෙ, කනෙක්ටර් එහෙමත් හොඳයි, ගෙවපු ගානට හොඳ කොලියට තියනවා. අඩුවටම තියන සමහර ඒවට චිපින් හැමර් එකකුයි වයර් බ්‍රශ් එකකුයි, මාස්ක් එකකුයිත් ලැබෙනවා, හැබැයි මේකට ඒව නැහැ. ඒක කිසි අවුලක් නැහැ චිපින් හැමර් එකක් හදා ගන්න පුලුවන්, වයර් බ්‍රශ් එහෙම ගෙදර තියනවා, මාස්ක් එකක් ගන්නවා. කොහොමත් ඒ ලාබම ඒවට හම්බෙන මාස්ක් වැඩකට නැහැ අනික උන් ඒවත් දෙනවා කියන්නෙ ප්ලාන්ට් එකට අමතරව ඒවටත් වියදම් කරලා නිසා ප්ලාන්ට් එකට අඩුම ගානක් වියදම් කරලා හදලා ඇත්තෙ.
ග්‍රයින්ඩර්, ඩ්‍රිල්, පොප් රිවට් ගන් අනම් මනම් සේරම ගෙදර තියන නිසා දැන් ඉතින් යකඩ බාර් වලින් මොනවා හරි හදා ගන්න ඕන උනොත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ පොටෝ
මට ලගදි utube එකේ හම්බුන welding transformer එකක හොද රිවීව් එකක් මේ. ඔන්න මෙතනම දැම්මා එහෙන්ම්
inverter ekak ගහන එකද හොද ජෙනියක් ගන්න එකද?එයා කම්ප්‍රෙසර් එකකුත් මට ගන්න ඕන
දැන්ම ගන්න අයිඩියා එකක් නැහැ බන්, ඊට කලින් ගන්න බඩු දෙක තුනක් තියනවා, ඩීසල් ජෙනියක් ගන්න කියලා ඉන්නෙ, මෙහෙ දවල්ට ලයිට් යනවා සති දෙකකට සැරයක් දවසක්ම, WFH නිසා හෙන අවුල් ඒක, හැමදාම ඔෆිස් එකට කියන්නත් බැහැනේ ලයිට් නැහැ කියලා.
එයා කම්ප්‍රෙසර් නං බ්‍රවුන්ස් එකෙන් ගෙන්නන මොකක් හරි බ්‍රැන්ඩ් එකක් තියනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕන
එහෙම නැත්නම් බැලුවෙ කුරුනෑගල පැත්තෙන් රීකන්ඩිශන් ජපන් එකක් ගන්න කියලා. ගෙදර වැඩට නිසා පොඩි එකක් තිබ්බා නම් හොඳටම ඇති මට නම්.
https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo
මෙතනින් තමයි මම ගත්තෙ
ගානයි අනෙක් සේරම විස්තරයි තියනවා
output එක අඩු වෝල්ටීයතාවයක් නිසා කරන්ට් වදින්නෙ නැහැ කියලයි අහල තියෙන්නෙ. (පරණ ට්‍රාන්ස්ෆෝමර් ටයිප්) මෙයා අරං තියෙන අලුත් ඒවයෙ කොහොමද දන්නෙ නෑඔන් එකේදී ඔය රොඩ් එක ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ?![]()
මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.Price කොහොමද මචන්.මමත් ගන්න ඉන්නේ එකක්. Air Compresher එකකුත් ගන්න ඉන්නේ.උබ ගතනම් පොඩ්ඩක් ඒ ගැනත් කියපන්කො.