මචං,
මම දැනට PhD එක කරන්නේ මෙහෙ. PR දා ගත්තේ GTI category එකෙන්. මට දෙන්න පුළුවන් advices මෙව්වා.
- masters කරන්න වගේ හිතාගෙන එනවනම් ඇත්තටම ඉගෙන ගන්න විතරක් එන්න. මොකෝ දැන් තියෙන competitive point scheme එකත් එක්ක අමාරුයි ඕනේ ලකුණු ගාන එකතු කර කරන්න.
- ලංකාවේ masters එකක් කරලා හරියට experience හදාගෙන skill migration දාන එක safe.
- health care sector එකට ලොකු chance එකක් තියෙනවා.
- PhD එකක් කරන්න නම් scholarship (full fee + stipend) එකක් නැතිව එන්න එපා. බොරු වැඩක්.
- GTI category එක competitive. මෙහෙ තමන්ගේ field එකෙන් හොඳ recommender කෙනෙක් ඉන්නවනම් සහ field එකේ හොඳම experience එකක් තියෙනවනම් වැඩේ ගොඩ දාන එක එච්චරම අමාරු නෑ.