ලොකු කතාවක්. මම මගේ Rig එක හදන්න ගිහිල්ලා දැනගත්තු දේවල් ටිකක් කියන්නම්. සමහරවිට වැදගත් වෙයි.
1. අලුත්ම බඩු ගෙන්වන වැඩේට තනියම අත ගහන්න බයයි නම් කරන්න වෙන්නේ ඒ බඩු ගෙන්වන ලංකාවේ ඒජන්ට්ලා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න එක. ගොඩක් ලංකාවේ තියෙන නම ගිය ෂොප් තමයි මෙහෙ ඉන්න ඒජන්ට්ලා. ඒ අයගෙන් තමයි අනික් ගොඩක් පොඩි ෂොප් බඩු අරගෙන විකුණන්නේ. මෙතන දී, පොඩි ලාභයක් ඒ අය තියාගන්නවා. මේක හොදටම පෙනුණ පහුගිය දවස්වල. එක ෂොප් එකකට අයිටම් එන අයිටම් එකක්, මුලු රට පුරාම තියෙන ෂොප්වලටත් ආවා එක සැරේට. හැබැයි ගාණ තැනෙන් තැනට වෙනස්. මේකෙ තියෙන වාසිය තමයි වොරන්ටි කේස් එකක් ආපුවහම, ඒක හැන්ඩ්ල් කරන්න ලේසියි.
2. එහෙම නැතිව තනියම වැඩේ කරනවා නම් කරන්න තියෙන්නේ ඇමසන්, ඊබේ වගේ සයිට්වලින් බඩු මෙහෙට ගෙනල්ලා විකුණන එක. ඒ වගේම සිංගප්පූරුවෙන් වගේ ඩිරෙක්ට් ගෙන්නලා මෙහෙ විකුණන එක. එහෙම කරන ෂොප් ගොඩකුත් දැන් තියෙනවා. මේකෙ වාසිය, ඒජන්ට්ලගෙන් ගන්නවට වඩා අඩු මුදලකට බඩු ගන්න පුලුවන්, සහ ඒ නිසාම මෙහෙ මාකට් එකේ හැටියට ගැලපෙන විදිහට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. හැබැයි අවාසිය, වොරන්ටි ක්ලේම් එකක් ආවොත්, ඒ මුලු බරටම තනියම කරගහන්න වෙන එක.
3. දැන් තියෙන ටේරන්ඩ් එකේ හැටියට, BN වලට වඩා යූස්ඩ් පාර්ට්සුත් විකුණන්න පුලුවන් නම් හොදයි. තොග ගාණට එහෙම බඩු ගෙන්වන අය ඉන්නවා. 1 ඔප්ෂන් එක වගේම, මෙතන තියෙන්නෙත් ඒ අය එක්ක කන්ටැක්ට් හදාගන්න එක. මේකෙ වාසිය, දරන්න තියෙන මූලික පිරිවැය ටිකක් අඩුයි.
කරනවා නම් ගට අරගෙන කරන්න. මගේ මුල්ම රස්සාව ඔය 3 වෙනියට තියෙනව වගේ පොඩි ෂොප් එකක ටෙක්නිෂන්. අද ඒ ෂොප් එක ගොඩක් දියුණුවෙලා ඉතාම හොද තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ තැනට ඒක ගේන්න ඒකෙ අයිතිකාර අයියා අවුරුදු 9ක කට්ටක් කෑවා. දැන් ගොඩක් Players ඉන්න නිසා වැඩේ ලේසි නැහැ. හැබැයි ඉතින් අල්ලගෙන යන්න පුලුවන් නම්, ගොඩ එන්නත් බැරි නැහැ.
Good luck!