අනුර කුමාර
මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතුවන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන‘යුවාන්’ විය හැකියි.
ඇත්ත.
ලෝකය පිළිගත් ඕනෑම ව්‍යවහාරික මුදල් ඒකකයකින් වැටුප් පමණක් නොව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් ලබා දීමටත් වරාය නගරය තුළ හැකි වනු ඇත. එය ශ්‍රී ලංකා හෝ ඉන්දීය රුපියල් පමණක් නොව යුරෝ, පවුම්, ඩොලර්, යෙන්, ඩිනාර්, රූබල් ඕනෑම ඒකකයක් විය හැකිය.
අනුර කුමාර
මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනුලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළහැකි බව ප්‍රකාශ කරනු ලබනවා.
ඇත්ත.
විදෙස්ගතව විදේශ විනිමය ඉපයීම වෙනුවට මෙරට සිට උසස් වෘත්තීන්වල නිරත වෙමින් විදේශ විනිමය ඉපයීමේ යුගයක් බිහිවීමේ මූලික අදියරකි.
අනුර කුමාර
ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබාගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතුවෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා.
ඇත්ත
බදු සහන හිමිවන්නේ සංචාරකයින්ට හෝ තාවකාලික පදිංචි වීසා ඇති හෝ වරාය නගරය තුල පරිහරණය හෝ පරිභෝජන පිණිසය. එසේ නොවුනහොත් රටේ අනෙක් ප්‍රදේශ වල ලබා දෙන සේවා හා භාණ්ඩ අලෙවිය බිඳවැටීමකට ලක්විය හැකිය. රටේ සමස්ත සේවා හා භාණ්ඩ අලෙවිය ආරක්ෂා කරගනිමින් සංචාරකයින් සඳහා වඩා උසස් හා තරඟකාරි භාණ්ඩ හා සේවා ලබා දීමට මෙමගින් හැකි වේ. මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරවුල් කරගත හැක.
අනුර කුමාර
වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳාගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල්සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාවහා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහිපිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.
ඇත්ත.
එවැනි බේරුම්කරණ මධ්‍යස්ථාන බිහිවීමෙන් පෙන්නුම් කරනුයේ දියුණු ජාත්‍යන්තර තලයේ නගරයක් බවට කොළඹ වරාය නගරය පත්වීමේ මුල් පියවරයි.
අනුර කුමාර
ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙනඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මකවෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍යසභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගරසභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හාග්රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙනක්රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත්පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමයකොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳනීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදුපනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල්පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපලසංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හාසූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන්පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂාවෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යනපනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් වගන්ත. සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස්කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිළිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.
ඇත්ත
හොංකොං යනු ඓතිහාසික සාධක අනුව පුරාණ චීන අධිරාජ්‍යයේම කොටසකි. එය 1842 වසරේදී බ්‍රිතාන්‍යන් විසින් බලහත්කාරයෙන් අල්ලාගන්නා ලදුව පසුව විවිධ උපක්‍රම මගින් අබිං යුධ සමයේදී කූට ලෙස පාලනය කොට පසුව 1898 වසරේදී 99 අවුරුද්දක් සඳහා චීන අධිරාජ්‍යයාගෙන් බදු පදනම ලෙස ගන්නා ලද අර්ධදීප භුමියකි. 99 අවුරුදු බද්ද අවසන් වූ 1997 වසරේදී අකමැත්තෙන් වුවද යළි චීනය වෙත හොංකොං කලාපය ලබා දීමට බ්‍රිතාන්‍යට සිදු වූයේ ඔවුන් ලෝකය හමුවේ බැටළුහම් පොරවාගත් වෘකයින් සේ වසර 150 ට අධික කාලයක් ඒ කලාපයේ ධනය හා ස්වභාවික සම්පත් සූරාකා තිබූ පසුබිමකය. නමුත් වසර 150 ක් තිස්සේ බ්‍රිතාන්‍යයන් හොංකොං තුළ ක්‍රියාත්මක කල පාලන ක්‍රමය එක රැයින් වෙනස් කිරීමට චීන බලධාරීන් කටයුතු කලේ නැත. එය එක රටක ක්‍රම දෙකක් යන සංකල්පය ඔස්සේ සිදු කිරීමට ඔවුන් කටයුතු කලත් අදටත් බ්‍රිතාන්‍යයන් විසින් බිහිකරන ලද බටහිර ලැදි නූතන හොංකොං පරම්පරාව නිරන්තරව උසි ගන්වමින් හොංකොං කලාපය අස්ථාවර කිරීමේ සාහසික ක්රියාවේ බ්‍රිතාන්‍ය නිරත වේ. නූතන සමාජවාදයේ සුපිරි ආදර්ශය වන චීනය පසෙකලා අන්ත ධනේෂ්වර බ්‍රිතාන්‍යයේ ක්‍රියාකලාපයට ආවැඩීම විමතිය දනවන කරුණකි.
අනුර කුමාර
ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත.ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි.
ඇත්ත
ලෝකයේ බොහෝ රටවල විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන වල අති දක්ෂ ශ්‍රී ලාංකිකයින් සේවය කරන පුවත් නිතර අසන්නට ලැබේ. එවැනි රටෙන් අහිමිව ගිය විශිෂ්ඨ බුද්ධිමතුන් යළි මවුරටට ගෙන්වා ගැනීමට හැකි අනගි අවස්ථාවක් ලෙස ධනාත්මකව ද ඒ දෙස බැලිය හැකිය.
අනුර කුමාර
අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳුනාරටිය කඩා ආර්ථිකයබලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේරටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ නීතඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණක්රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත්තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙනඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින්
ජනාධිපතිවරයාට බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාලසියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමටඅවශ්ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස්කරමින් තිබෙන්නේ.
ඇත්ත
මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරවුල් කරගත හැක.
( මෙම ලිපිය සකස්කිරීමේ දී වරාය නගරය පිළිබඳ වැදගත් තොරතුරු ලබාදුන් වරාය නගරය ව්‍යාපෘතියේ අලෙවි කළමනාකරු කස්සප සේනාරත් මහතාට විශේෂ ස්තුතිය හිමි වේ. )
====================
සොනාල ගුණවර්ධන