නාකී මයිනට උබලා තවමත් ආදරෙයි නේද? 👄

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    :D


    FB_IMG_1618275470701.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර නොදන්න පෝට් සිටිය
    ================
    අනුර සහ පෝට් සිටිය ( වරාය නගරය ) අතර ඇත්තේ අමුඩෙට පු# බඳු වූ අව්‍යෝජනීය බැඳීමකි. ඔහු කළු ගල් කියුබ් කෝටි 12 ගජබින්නයේ සිට පරිසර හානී ආදී වූ අටෝරාශියක් සම්ප්‍රපලාප සහ මුසාවාද ඇදබාන්නේ ‍රටට කෙළවෙන තෙක් ඇඟිලි ගනිමින් සිටින ඔහු ගේ නූගත් අඳබාල පාක්ෂිකයන් පිනවීමට ය. රට දියුණු වූ විට කෙළවෙන්නේ තමන් ගේ පක්ෂයට බව හොඳින්ම දන්නා අනුර කුමාර මේ සැරසෙන්නේ ජනතාව මුලාකොට වරාය නගරය ව්‍යාපෘතියත් කඩාකප්පල් කිරීමට බව කූඹි පස්සක් තරම් හෝ කූඩා මොළයක් තිබෙන අයෙකු පවා තේරුම් ගැනීමට හැකිය.
    අනුර කුමාර වරාය නගරය පිළිබඳව ඊයේ ඇති කරන්නට ගිය හුඹස් බිය ගැන දැන් විමසා බලමු.
    🔺
    අනුර කුමාර
    පසුගියදා ආණ්ඩුව තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන කොළඹ වරායනගරය ආර්ථික කොමිෂන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා.
    ▪️
    ඇත්ත
    පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවකට 2/3 බලයක් අවශ්‍ය නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරන හෝ වෙනත් විශේෂ අණපනත් සම්මත කර ගැනීමක දී හැර පනතක් සම්මත කර ගැනීමට සරළ පාර්ලිමේන්තු බහුතරයකින් වුවද හැකිය.
    🔺
    අනුර කුමාර
    මේ කොළඹනගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1115 ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි.
    ▪️
    ඇත්ත
    කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණි. නමුත් ඒ වටා ඉදිකර ඇති දියකඩනය සහ දියඅගල ද ඇතුලත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 කි. මෙකී සමස්ත භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත් කර ඇත. භූමි අවකාශයේ හෙක්ටයාර 269 න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර 178 ක එනම් අක්කර 439 ක පමණි. සෙසු හෙක්ටයාර 91 නැතහොත් අක්කර 224 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහාය. ගොඩනැගිලි ඉදිකල හැකි හෙක්ටයාර 178 න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලැබෙනුයේ හෙක්ටයාර 116 ක් එනම් අක්කර 286 ක් පමණි. ඉතිරි හෙක්ටයාර 62 එනම් අක්කර 153 රජයට ඍජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට ප්‍රතිබදු දීමේ හැකියාව ඇත. ව්‍යාපෘති සමාගමට හිමි වන හෙක්ටයාර 116 ත් ඔවුන්ගේ පරිහරණයට වඩා ඉලක්ක ගත කෙරෙනුයේ තෙවෙනි පාර්ශවීය ආයෝජකයන් වෙත ප්‍රතිබදු ලබා දීමය. සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදල ප්‍රතිපූරණය කර ගැනීමේ සැලසුම එයයි. ඒ අනුව ගත් කළ ව්‍යාපෘතියේ සමස්ත භූමි අවකාශය වන අක්කර 1102 න් සමාගම වෙත තාවකාලිකව හෝ ලැබෙනුයේ අක්කර 286 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25% කි.
    🔺
    අනුර කුමාර
    මෙම සමාගම පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් විශාලලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදුනීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්මමේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
    ▪️
    ඇත්ත
    2018 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් පුවත්පතක් විසින් විකෘති කරන ලද තොරතුරු හා චීනය ලෝකය හමුවේ අපකීර්තියට පත් කිරීමේ චේතාන්විතව ගොතන ලද පුවතකින් චීන වරාය ඉංජිනේරු සමාගම වෙත ඉහත කී අවලාදය එල්ල කරන ලදී. එකී පුවත හා එහි සඳහන් අසත්‍ය කරුණු ප්‍රතික්ශේප කරමින් චීන වරාය ඉංජිනේරු සමාගමේ ඉමළ කළමනාකාරීත්වය එවක මෙරට සිටි චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත මාධ්‍ය හමුවක් පවත්වා කරුණු හෙළිදරව් කෙරිණි. එකී පුවත පදනම් කරගනිමින් මෙම සමාගමට එරෙහිව නඩු පවරන බවට මෙම දේශපාලන පක්ෂය මෙන්ම එවක බලයේ සිටි පක්ෂය ද මාධ්‍ය හමු පවත්වා අවධාරණය කළ ද අද දක්වාම එවැනි නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ විමර්ශනයක් සිදු වී නැත්තේ ඇමෙරිකානු මාධ්‍ය පුවත සම්පූර්ණ අසත්‍යයක් බැවිනි. කොළඹ වරාය නගරය බිහිකිරීමට ආයෝජන සිදු කිරීම විනා ඒ සඳහා වන පනත සම්බන්ධයෙන් ව්‍යාපෘති සමාගමට රජය වෙත බලපෑමක් සිදු කළ නොහැකිය. මෙම නගරය සඳහා වන පනත සැකසීම ආරම්භ වූයේ පසුගිය පාලන සමය වන 2016 දි වන අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් සකසක ලද පනත් කෙටුම්පත අවස්ථා දෙකකදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ශේප කරන ලද්දේ එය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා අභිබවා යන තරම් ප්‍රබල වීම හේතුවෙනි. ඒ අනුව ගත්කල දැන් ඉදිරිපත් කර ඇත්තේ පෙර කෙටුපත් දෙකට සාපේක්ෂව බලය අඩු පනතකි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මහින්ද මහත්තය ඊලග අවුරුද්ද වෙද්දී අප අතරින් සමු අරන් කියල දැනෙද්දී හිතට දැනෙන්නේ ලොකු වේදනාවක් 😥
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාර
    ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේරටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදුසහන ලබා දිය හැකියි. රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට වසර 25 කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය විකිණිමේදී චීන සමාගමට බදු සහන ලබාදුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පනත්ක්‍රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිෂන් සභාවක් යටතේවෙනම ප්‍රාන්තයකට අදාළ තරම් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දීතිබෙනවා.
    ▪️
    ඇත්ත
    ආයෝජන මණ්ඩල පනත නැතහොත් මහ කොළඹ ආර්ථික කොමිසම මේ වන විට වසර 43 ට වඩා පැරණි පනතකි. ඒ මගින් එකල ඉලක්ක ගත වූයේ නිෂ්පාදන මත පදනම් වූ ආයෝජන උදාහරණ ලෙස නිමි ඇඳුම්, රබර් නිෂ්පාදන, එකලස් කිරීම් ආදිය දිරි ගන්වා ඒ කේෂ්ත්‍ර සඳහා විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. ක්‍රමෝපායි සංවර්ධන පනත 2008 දි හදුන්වා දෙන ලද්දේ ආයෝජන මණ්ඩල පනතින් ආවරණය නොවුන සේවා හා වාණිජ්‍ය ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහායි. වරාය නගරය මූල්‍ය හා සේවා කේෂ්ත්‍රය ඉලක්කගත කරගත් ව්‍යාපෘතියක් බැවින් ඊට ආවේනික නීති රාමුවක අවශ්‍යතාව කාලානුරූපිව ගොඩනැගී ඇත.
    🔺
    අනුර කුමාර
    වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත්නොවන විශේෂ කලාපයක් වනවා.
    ▪️
    ඇත්ත
    පළාත් පාලන ආයතන හා එහි අකාර්යක්ෂමතා පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැඩි කතාබහක් පවතින කාලයකි. ඒ සඳහා වන සුදුසු විකල්ප පිළිබඳ කතාබහක් පවතින කාලයකි. වරාය නගරය මේ ඕනෑම අත්හදා බැලීමක් සඳහා සුදුසුම පරිසරය නිර්මාණය කර දෙයි. මෙම ආකෘතිය කාර්යක්ෂම හා ජනතාවාදී සේවා සපයන කලාපයක් ලෙස සාර්ථක වුවහොත් එය රටේ සෙසු ප්‍රදේශ වලට ද ආදේශ කළ හැකිය.
    🔺
    අනුර කුමාර
    පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාව ගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනුයි.
    ▪️
    ඇත්ත
    මෙරට ජනාධිපතිවරයා පත් වනු ලබන්නේත් මහජන ඡන්දයෙනි.
    🔺
    අනුර කුමාර
    එම කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්.
    ▪️
    ඇත්ත
    එකී මුක්තිය මෙම පනතට අදාල කටයුතු සඳහා පමණක් බල පැවැත්වේ. ඒ මුක්තිය කවර ආකාරයේ අපරාද වරදක් හෝ මේ පනතේ කටයුතු හිතාමතා පැහැරහැරි අවස්ථාවන් වලදී හෝ රටේ පිළිගත් වෙනත් නීති උල්ලංඝණයකදී කිසිසේත්ම අදාල නොවේ.
    🔺
    අනුර කුමාර
    මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමටවෙනම අරමුදලක් පවතිනවා. රාජ්‍ය ආදායම් එකතුවන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වාගෙන යා හැකියි.
    ▪️
    ඇත්ත
    ඕනෑම රාජ්‍ය ආයතනයකට, කොමිසමකට ස්වකීය අරමුදල් පවතින ආකාරයටම වරාය නගර කොමිසමටත් අරමුදලක් පැවතීම සාමාන්‍ය දෙයකි. අනෙක් රාජ්‍ය ආයතන මහජන බදු මුදලින් නැතහොත් පාර්ලිමේන්තු අවසරයෙන් මුදල් ලැබුවද වරාය නගර කොමිසම ස්වකීය අරමුදල් ප්‍රධාන කොටම විදෙස් ආයෝජන වලින් උපයා ගෙන එය රජය වෙත ලබා දීමේ වෙනස් ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වීමට නියමිතය. කොමිසම රටේ ජනාධිපතිවරයාට සහ ඔහු නම් කරන අමාත්‍යවරයෙකුට වග කියන බැවින් අවසානයේ එය රටේ මහජනතාව වෙත සිදු වන වගවීමකි.
    🔺
    අනුර කුමාර
    වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේබලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවටපමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි.
    ▪️
    ඇත්ත
    කොමිසම විසින් නිර්දේශ කර සකස් කරන ඕනෑම බදු සහනයක් බලාත්මක වීමට නම් එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුමය.
    🔺
    අනුර කුමාර
    රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත්කරනු ලැබ තිබෙනවා.
    ▪️
    ඇත්ත
    ව්‍යාවස්ථාවේ 154 වගන්තිය ප්‍රකාරව විගණන කටයුතු ජාත්‍යන්තර විගණන අධීක්ෂණයක අවශ්‍යතාව පෙන්වා දී ඇත. අවසන් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවින් එය හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව මහජන නියෝජිතයින්ට ලැබේ.
    🔺
    අනුර කුමාර
    රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (COPA) සහ කෝප් (COPE) හමුවට කැඳවනු ලැබිය හැකියි. එහෙත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනයපාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකියි.
    ▪️
    ඇත්ත
    කැඳවිය නොහැකි බවට සඳහනක් නැත. මහජන මුදල් වලින් නොයැපෙන ආයතනයක් ලෙස ගොඩනැංවීමට අපේක්ෂිත ආයතනයක් බැවින් පාර්ලිමේන්තුවට වඩා ඍජු වගවීම ඇත්තේ ජනාධිපතිවරයා වෙත හෝ නම් කරන ලද අමාත්‍යවරයෙකුට වේ.
    🔺
    අනුර කුමාර
    මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වාතිබෙනවා. ඒ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයෙකුට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙනුයි. එහි කෙටිතේරුම මෙම වෙනම ප්‍රාන්තයක් වීමයි.
    ▪️
    ඇත්ත
    දේශීයව හෝ විදේශීයව වේවා ඕනෑම විදිහකින් අරමුදල් සම්පාදනය කරගත හැකිව තිබුනා නම් මෙරට ව්‍යාපාරිකයින් සේම මෙරට සිට ක්‍රියාත්මක විදෙස් ව්‍යාපාරිකයින් පවා මෙරට තුල ඇති මුදල් සංචිත විදෙස් මුදල් වලට මාරු කර හෝ තම විදෙස් ව්‍යවහාර මුදල් වලින් මෙරට බැංකු තුල පවත්වාගෙන යන මුදල් ඉතා ශීඝ්‍ර ලෙස වාරය නගරය වෙත සම්ප්‍රේෂණය කිරීමට ඉඩ තිබුනි. නමුත් මෙම කොන්දේසිය මගින් දේශීය හෝ විදේශීය ඕනෑම ව්‍යාපාරිකයෙකු විදෙස් සංචිත අනිවාර්යයෙන්ම විදේශ රටක සිට රැගෙන ආ යුතුය. එමගින් නිත්‍ය ලෙසම විදෙස් ආයෝජන මෙරටට ලැබීමේ ප්‍රවණතාව ඇති වේ. මේ වන විටත් ඇතැම් දේශීය සමාගම් තමන් සතු විදේශ මුදල් මෙරටට නොගෙන්වා සිංගප්පූරුව, හොංකොං හෝ ඩුබායි වැනි නගර වල මෙම යෝජිත පහසුකම් ඇති බැංකු තුල තැන්පත් කර පවත්වාගෙන යමින් සිටී. වාරය නගර කොමිසම බිහිවීමෙන් පළමු කොටම ප්‍රතිලාභ ලැබෙනුයේ එසේ විදෙස් සංචිත රටින් පිට තැන්පත් කර සිටින දේශීය ව්‍යාපාරිකයින් වෙතය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාර
    මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතුවන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන‘යුවාන්’ විය හැකියි.
    ▪️
    ඇත්ත.
    ලෝකය පිළිගත් ඕනෑම ව්‍යවහාරික මුදල් ඒකකයකින් වැටුප් පමණක් නොව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් ලබා දීමටත් වරාය නගරය තුළ හැකි වනු ඇත. එය ශ්‍රී ලංකා හෝ ඉන්දීය රුපියල් පමණක් නොව යුරෝ, පවුම්, ඩොලර්, යෙන්, ඩිනාර්, රූබල් ඕනෑම ඒකකයක් විය හැකිය.
    🔺
    අනුර කුමාර
    මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනුලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළහැකි බව ප්‍රකාශ කරනු ලබනවා.
    ▪️
    ඇත්ත.
    විදෙස්ගතව විදේශ විනිමය ඉපයීම වෙනුවට මෙරට සිට උසස් වෘත්තීන්වල නිරත වෙමින් විදේශ විනිමය ඉපයීමේ යුගයක් බිහිවීමේ මූලික අදියරකි.
    🔺
    අනුර කුමාර
    ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබාගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතුවෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා.
    ▪️
    ඇත්ත
    බදු සහන හිමිවන්නේ සංචාරකයින්ට හෝ තාවකාලික පදිංචි වීසා ඇති හෝ වරාය නගරය තුල පරිහරණය හෝ පරිභෝජන පිණිසය. එසේ නොවුනහොත් රටේ අනෙක් ප්‍රදේශ වල ලබා දෙන සේවා හා භාණ්ඩ අලෙවිය බිඳවැටීමකට ලක්විය හැකිය. රටේ සමස්ත සේවා හා භාණ්ඩ අලෙවිය ආරක්ෂා කරගනිමින් සංචාරකයින් සඳහා වඩා උසස් හා තරඟකාරි භාණ්ඩ හා සේවා ලබා දීමට මෙමගින් හැකි වේ. මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරවුල් කරගත හැක.
    🔺
    අනුර කුමාර
    වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳාගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල්සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාවහා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහිපිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.
    ▪️
    ඇත්ත.
    එවැනි බේරුම්කරණ මධ්‍යස්ථාන බිහිවීමෙන් පෙන්නුම් කරනුයේ දියුණු ජාත්‍යන්තර තලයේ නගරයක් බවට කොළඹ වරාය නගරය පත්වීමේ මුල් පියවරයි.
    🔺
    අනුර කුමාර
    ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙනඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මකවෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍යසභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගරසභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හාග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙනක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත්පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමයකොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳනීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදුපනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල්පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපලසංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හාසූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන්පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂාවෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යනපනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් වගන්ත. සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස්කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිළිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.
    ▪️
    ඇත්ත
    හොංකොං යනු ඓතිහාසික සාධක අනුව පුරාණ චීන අධිරාජ්‍යයේම කොටසකි. එය 1842 වසරේදී බ්‍රිතාන්‍යන් විසින් බලහත්කාරයෙන් අල්ලාගන්නා ලදුව පසුව විවිධ උපක්‍රම මගින් අබිං යුධ සමයේදී කූට ලෙස පාලනය කොට පසුව 1898 වසරේදී 99 අවුරුද්දක් සඳහා චීන අධිරාජ්‍යයාගෙන් බදු පදනම ලෙස ගන්නා ලද අර්ධදීප භුමියකි. 99 අවුරුදු බද්ද අවසන් වූ 1997 වසරේදී අකමැත්තෙන් වුවද යළි චීනය වෙත හොංකොං කලාපය ලබා දීමට බ්‍රිතාන්‍යට සිදු වූයේ ඔවුන් ලෝකය හමුවේ බැටළුහම් පොරවාගත් වෘකයින් සේ වසර 150 ට අධික කාලයක් ඒ කලාපයේ ධනය හා ස්වභාවික සම්පත් සූරාකා තිබූ පසුබිමකය. නමුත් වසර 150 ක් තිස්සේ බ්‍රිතාන්‍යයන් හොංකොං තුළ ක්‍රියාත්මක කල පාලන ක්‍රමය එක රැයින් වෙනස් කිරීමට චීන බලධාරීන් කටයුතු කලේ නැත. එය එක රටක ක්‍රම දෙකක් යන සංකල්පය ඔස්සේ සිදු කිරීමට ඔවුන් කටයුතු කලත් අදටත් බ්‍රිතාන්‍යයන් විසින් බිහිකරන ලද බටහිර ලැදි නූතන හොංකොං පරම්පරාව නිරන්තරව උසි ගන්වමින් හොංකොං කලාපය අස්ථාවර කිරීමේ සාහසික ක්‍රියාවේ බ්‍රිතාන්‍ය නිරත වේ. නූතන සමාජවාදයේ සුපිරි ආදර්ශය වන චීනය පසෙකලා අන්ත ධනේෂ්වර බ්‍රිතාන්‍යයේ ක්‍රියාකලාපයට ආවැඩීම විමතිය දනවන කරුණකි.
    🔺
    අනුර කුමාර
    ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත.ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි.
    ▪️
    ඇත්ත
    ලෝකයේ බොහෝ රටවල විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන වල අති දක්ෂ ශ්‍රී ලාංකිකයින් සේවය කරන පුවත් නිතර අසන්නට ලැබේ. එවැනි රටෙන් අහිමිව ගිය විශිෂ්ඨ බුද්ධිමතුන් යළි මවුරටට ගෙන්වා ගැනීමට හැකි අනගි අවස්ථාවක් ලෙස ධනාත්මකව ද ඒ දෙස බැලිය හැකිය.
    🔺
    අනුර කුමාර
    අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳුනාරටිය කඩා ආර්ථිකයබලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්‍රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේරටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ නීතඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත්තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙනඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින්
    ජනාධිපතිවරයාට බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාලසියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමටඅවශ්‍ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස්කරමින් තිබෙන්නේ.
    ▪️
    ඇත්ත
    මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරවුල් කරගත හැක.
    ( මෙම ලිපිය සකස්කිරීමේ දී වරාය නගරය පිළිබඳ වැදගත් තොරතුරු ලබාදුන් වරාය නගරය ව්‍යාපෘතියේ අලෙවි කළමනාකරු කස්සප සේනාරත් මහතාට විශේෂ ස්තුතිය හිමි වේ. )
    ====================
    සොනාල ගුණවර්ධන
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මහින්ද මහත්තය ඊලග අවුරුද්ද වෙද්දී අප අතරින් සමු අරන් කියල දැනෙද්දී හිතට දැනෙන්නේ ලොකු වේදනාවක් 😥
    ඊට කලින් කෝට් සාජන්ට් ෆීල්ඩ් මාර්ශල්ට වැටෙන්න ගහලා ඌත් මැරිලා යයිද මන්දා
     
    • Sad
    Reactions: kasun_kbp

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 ta me dawas wala contents godak hamba wela wage...
    Seeni, polthel, gash kapana eka genath monawa hari liyamuda?
    Anura kumara ge kathawa newe ne minissunta thiyana prashne, wasa polthel kana ekay, seeni walin horakam karana ekay, bangladesh walin $ loans illana ekay wage eewa neda?
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඊට කලින් කෝට් සාජන්ට් ෆීල්ඩ් මාර්ශල්ට වැටෙන්න ගහලා ඌත් මැරිලා යයිද මන්දා
    ඊට කලින් ස' හාට් ඇටැක් එකක් හැදිලා මැරෙන්න තියෙන සම්භාවිතාවය ලගයි.
    යුද්දේ වෙලාවේ ටෙරාලා ගහද්දි කලිසමේ චූ හලාගෙන චූ මාක් කියලා කාඩ් එකක් හදාගත්ත කෙනෙක්ට ජනාධිපති කම බර වැඩියි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 ta me dawas wala contents godak hamba wela wage...
    Seeni, polthel, gash kapana eka genath monawa hari liyamuda?
    Anura kumara ge kathawa newe ne minissunta thiyana prashne, wasa polthel kana ekay, seeni walin horakam karana ekay, bangladesh walin $ loans illana ekay wage eewa neda?

    මට content හම්බුනාම උඹලට ශෙවෙනවා නේ. 🤣