Coronavirus (COVID-19) 3rd wave [Megathread]

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස්වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.

    🔴 BREAKING NEWS
    මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,ගලේවෙල,මාතලේ,නාඋල පොලිස්වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.

    🔴 BREAKING NEWS
    මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.

    🔴 BREAKING NEWS
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩබද්දාව,ගල්අමුණ යන ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ.
    ------ Post added on Apr 30, 2021 at 7:11 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ඔන්න කාලකන්නියෙක් පටන් ගන්නකොටම ත්‍රෙඩ් එකේ රිලා.
    කාලකන්නි කියන්නේ උබල වගේ අතන මැරුණා මෙතැන මැරුණා කියලා බොරු News අරින එවුන් ට
     
    • Dislike
    Reactions: fdk

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයි​



    ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19, නාරාහේන්පිට 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
    මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 145 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 107 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 33 දෙනෙක් කුරුණෑගල නගරයෙන්ද, 28 දෙනෙක් තුල්හිරිය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබෙනවා.
    මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84ක්, යාපනය 17ක්, කෑගල්ල 10ක්, පුත්තලම 13ක්, අනුරාධපුර 35ක්, ත්‍රිකුණාමලය 07ක්, මොණරාගල 16ක්, මාතර 46ක්, පොළොන්නරුව 48ක්, මාතලේ 35ක්, බදුල්ල 13ක්, නුවරඑළිය 43ක්, රත්නපුර 22ක්, වව්නියාව 07, මඩකළපුව 14, හම්බන්තොට 43ක්, කිලිනොච්චි 03, මුලතිව් 01ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 40ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
    ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 24කින් වාර්තා වී ඇති අතර එකඳු ආසාදිතයෙකු හෝ වාර්තා වී නැත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් පමණයි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    කඩිනමින් රට වසා දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමක් කළ යුතුයි - උපුල් රෝහණ​


    කොවිඩ් වසංගතයට එරෙහිව කැප වීමෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ බලපෑම් හෝ හිංසන සිදු කිරීම වහාම නැවැත්විය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරනවා.

    මේ අතර දිනකට 1000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් භයානක බවත් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ගිලන් රථ පහසුකම් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

    මේ වනවිට මෙරට පවතින කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන ස්වභාවයක් දක්නට ලැබෙන නිසා ඉදිරියේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි අවධානමකට මුහුණ දිය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    මේ හේතුවෙන් කඩිනමින් රට වසා දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමක් මගින් මෙරට රෝගීන් අවම කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා
    මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩි දුරටත් සඳහන් කරනවා.

    දෙවන මාත්‍රාව දෙන්න ශ්‍රී ලංකාව රටවල් රැසකින් එන්නත් සොයයි​




    කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
    කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ලබාදුන් පළමු මාත්‍රාවම, දෙවන මාත්‍රාව ලෙස ද ලබාදිය යුතු බවයි.
    මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු කොරේානා මර්ධන මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයින්ට ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.
    එය මෙරටට රැගෙන ආවේ ඉන්දියාවෙන්. එහෙත්, මේවනවිට ඉන්දියාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම එන්නත් ලබාගැනීම දැඩි දුෂ්කර වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පවතින තත්ත්වය සලකා එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීම කෙරෙහි පරීක්ෂණ සිදුකරන බවයි.
    ------ Post added on Apr 30, 2021 at 12:54 PM
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශිවීම් සති 02කට තහනම්​


    ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා,
    වත්මන් කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.


    ------ Post added on Apr 30, 2021 at 1:35 PM

    ----------------------------------------------
    දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුල ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුලු සියළු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
    ------ Post added on Apr 30, 2021 at 2:57 PM
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පවතින තත්ත්වය සලකා එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීම කෙරෙහි පරීක්ෂණ සිදුකරන බවයි.
    ------ Post added on Apr 30, 2021 at 12:54 PM

    Can I have the second dose with a different vaccine than the first dose?

    Clinical trials in some countries are looking at whether you can have a first dose from one vaccine and a second dose from a different vaccine. There isn't enough data yet to recommend this type of combination.

    Source: https://www.who.int/news-room/q-a-detail/coronavirus-disease-(covid-19)-vaccines
     
    • Like
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    එල එල ඔන් එහෙනම් මේකට සෙට් උනා.

    මොකක්ද බන් වේන්නේ දැන්නම් අයේ බය හොදටම වැඩි උනා. ලබන සතියේ ඉදලා දවසට දේන්නා ගානේ ඇන්ටිජේන් කරන්න යන්න වෙනවා. Office එකේ අපේ 14 විතර ඉන්න සෙට් එකකට. ඔක්කොම දවසට 40 ක් කරනවා. ඒ කියන්නේ අපිට සතියකට සැරයක් අර පත කූර නහය දිගට ඇරගන්න වෙනවා 😢😢😢😢

    වැඩි සති ගානක් අදින්න වෙන එකක් නෑ මේ කියන විදිහට අපිටත් හැදේයි වගේ. ඒවා කියද්දි නිකම්ම රෝග ලක්ශන පහල වෙනවා. 😢😢😢
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    සුදත් සමරවීරට ගහමුද වැක්සීන් ඉන්ජෙක්ස්ජන් දෙකක් ටෙස්ට් කරන්න මොකද වෙන්නේ බලන්න :lol:
    හිනා වේන්න බෑ බන් ඇඩිලා ඉන්නේ. මේ පාරනම් ලේසි වෙන්නේ නෑ වගේ ඔය කියන විදිහට 😢😢😢
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    • Like
    Reactions: Stimulus mind

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව සිටින බවට හෙළිවෙයි​


    ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (30) වන දින සවස 4.00 පමණ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න ප්‍රකාශ කර සිටිනවා.
    ඒ අතර අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311දෙනෙකු සිටින බවයි වෛද්‍ය නලීන් ආරියරත්න පැවසුවේ.

    අද දින දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් කොරෝනා ආසාදිතයන් 215 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් කොරෝනා ආසාදිතයන් 96 දෙනෙකු ද සොයාගෙන තිබුණා.
    එමෙන්ම අද දින කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 2,461 ක් ද සිදු කර තිබූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
    මිට අමතරව අද දින කොරෝනා රෝගී තත්වය සදහා ප්‍රතිකාර ගැනීමට දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නව රෝගීන් 280 දෙනෙකු ඇතුළත් වී තිබු බව ද වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කළේ.
     

    tangoz

    Junior member
  • Jan 6, 2021
    9
    27
    13
    181028910_3919894518124052_1920284223988774649_n.jpg