උබ ඔය කියන විදිහට තමයි මාත් හැමදේම ලබාගත්තේ. අද මට අවශ්‍යයි කියන හැමදේම තියෙනවා ඒත් වෙලාවකට කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් දැනෙනවා. ඉස්සර මීටවඩා සතුටෙන් හිටියා වගේ දැනෙනවා. තව ලබාගන්න ටාගට් නෑ.ඒත් තේරෙන්නේ නෑ බං. කොයි දේත් සතුට තියෙන්නේ අත්පත් කරගන්නකම් විතරයි කියලයි මට හිතෙන්නේ. අනිත්මට දැනෙන්නේ හිස් බවක් විතරයි වගේ.
උබල කියන කතාව පට්ට ඇත්ත. දැන්නම් මටත් ගොඩක් වෙලාවට ලොකු හිස්කමක් තමයි දැනෙන්නෙ.
ඉස්සර මේ වීඩියෝ එක බලද්දි පට්ට ගැම්මක් ආවා. ඒත් දැන් නම් කිසි හැගීමක් එන්නෙ නෑ.
ඒත් ජොබ් කරන කාලේ අපේ ජීවිත අනික් එවුන්ගෙ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ. අනික බස්වල වැඩට යන්න ගියාම, විශේෂයෙන් මේ වගේ කාලේක. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි ගොඩ ගියාම තියෙන ලොකුම වාසිය සල්ලි හම්බ කරද්දි විදින්න වෙන දුක නැති වෙන එක කියලා. එතනින් එහාට නම් ලොකු දෙයක් නෑ.
ඔය වගෙ ෆීලිං එන්නෙ ලංකාව වගෙ රටක හිටියොත් බන් .
මන් කියන්නෙ නැහැ අපෙ රට බොග කියාලා .
එත් පිට රටකට පලයන් .
මටත් ලංකාවෙ ඉන්න කාලෙ ලබාගන්න දෙවල් තිබ්බා .
එව්වා ලැබුණහම ඔය කියන හිස් බව තිබ්බා.
එත් මන් ඉන්න තැන වෙනස් කරා මන් .
රටකට ගියා .එතනදි ලබාගනන් තියෙන දෙවල් ලැබුණත් එපා වීමක් තිබ්බෙ නැහැ .
මම කියන්නෙ මෙ මම හිටිය රටෙ.
කටාර් වාල.
තම්බින්ගෙ ඇතැම් ක්‍රියාවන් වලට මන් එකඟ නැහැ .
එත් උන්ගෙ ආගමික පරිසරයෙන් නිර්මාණය කරන සාමුහිකත්වයට මන් ගරු කරනවා.
මට මතකයි කටාර් ඉද්දි (මට ජොබක් නැති කාලෙ )
මගෙ රූම් එකෙ හිටියෙ එක දෙමළ කොල්ලයි අනික් සෙරොම මුස්ලිම් .
මම තමා එකම සිංහල එකා.
උන් මට වෙනස් කම් කරෙ නැහැ .
ඩවුන් වෙලා ඉන්න කාලෙ මාර මොටිවේෂන්ස් දුන්නෙ.
ඒ වගෙම හැම සිකුරාදාම උන් පල්ලි ගිහින් ඇවිත් කනවා මචං සවාන් එකක් ගෙනල්ලා.
මට උන් කතා කරනවා කන්න .
ඒ කන ගමන් උන් එක එක දෙවල් කතා කර්නාවා උන්ගෙ ප්‍රශ්න ගැන කියනවා.
අන්න ඒ සාමුහිකත්වය ඇතුලෙ මට කිසි තනිකමක් දැනුනෙ නැහැ.
මන් මුස්ලිම් නොවුනත් ආගම කියන දේ අමතක කරලා උන්ගෙ සංස්කෘතිය ඇතුලෙ පට්ට සන්තොසෙයක් තිබ්බා.
මන් හිතන්නෙ ආගම් තියෙන්න ඔනි ඔය වගෙ දෙවල් වලට.
ඔන්න ඔය වගෙ දෙවල් නිසා වෙන්න ඇති ලොකෙ සිය දිවි හානි කරගැනීම අඩුම මුස්ලිම් රටවල් වල.
උන්ගෙ ආගමෙන් ඇති කරපු පට්ට එකමුතු කමක් බැඳියාවක් තියෙනවා.
එකනෙ උන් කොච්චර හම්බ කරත් එපා නොවී තව හම්බ කරන්නෙ ?
අපෙ ආගම් වල ඔය අඩුව තියෙනවා .
මොකද හම්බ කරන එකම දුකක් කියලානෙ කියන්නෙ ?
ඔව් සමහරු ඒකට එක එක අර්ථ කතන දෙවි .බුදුන් සැපය ගැන කියනවා ,ධනය රැස් කර්නා හැටි කියනව අරකයි මෙකයි කියලා .
එත් ධර්මයෙන් නෙමෙ අපෙ සංස්කෘතියෙන් ඇති වෙලා තියෙන අවුලක් .