එහෙම ගහන එක නම් හොදයි. ඒත් ඒකෙ revenue එක එනවද කියන එකේ ප්රශ්නයක් තියෙනව
කවුරුත් නැති හද්ද පිටිසර වන්නියේ කණුවක් ගහල ඕකේ ඉන්න කෙනෙක් දවසට කෝල් එකක් දෙකක් ගත්තට බං ඔය කණුවට වියදම් කරපු capital එකම හොයාගන්න කාලාන්තරයක් යයි.. long term plan එකකට ok උනාට ඒක උන්ට පාඩුයි.. ඉතින් උන් කරන්නේ මිනිස්සු විශාල වශයෙන් ඉන්න ඉන්න පැතිවලට විතරක් signal improve කරන එක.. අනිත් පැති වලට ඉතින් ඉල්ලුම අනූව තමයි ටික ටික..
මං මේ කාවවත් පහත් කරල කියනවා නෙවේ.. උදාහරණකෙට හිතපන් දඹානෙ වැදි නගරේ දානවා කණුවක්.. කෝල්/data ගන්නේ කවුද.. කණුවට වියදම් කරපු ගාන cover වෙන දවසක් උබට හිතාගන්න පුලුවන්ද ? අන්න ඒකයි ඕකට හේතුව
ඔය කණුවකට යන වියදම ගත්තොත් ඔය කණුව හදන්න යන වියදම ඉඩමේ රෙන්ට් එක විදුලි බිල, backup generators, batteries, 2G 3G modules, Fiber, Sector antenna, maintanance, microwave backhaul, software licence ඔක්කොම එකතු කරල ගත්තම අගට කෝටි ගානක වියදමක්