ට්‍රිගර් නොවී උත්තර දීපන්.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට තියන ප්‍රශ්නය නම් , දැන් මේකේ බුද්ධාගම ගැන ත්‍රෙඩ් දාන , ඒක තමයි පරම සත්‍ය, ඒක ප්‍රශ්න කරන්න එපා , ත්‍රිපිටකේ කියවල එන්න, වගේ ත්‍රෙඩ් දාන අය , ලබන භවයකදී වෙන ආගමක් අදහන පවුලක ඉපදිලා ඊට විරුද්ධ අදහස් තියන ත්‍රෙඩ් දාන්න ඉඩ තියනවා නේ කියලා හිතෙන එක. එදාටත් මේ වගේම තමන් ඒ වෙලේ විශ්වාස කරන ආගම තමයි පරම සත්‍ය කියලා ත්‍රෙඩ් වැටෙයි..වෙන්න පුලුවන් නේ ? :unsure:

    ත්‍රේඩ් දාපන්. . ප්‍රශ්න අහපන්. . මමත් බුදුදහම බොරුවක් වෙන්න පුලුවන් කොතනක හරි බොරුවක් ඇති කියලා හිතලා ත්‍රිපිටකය කියවපු කෙනෙක්. . කිසිම තැනක බුද්ද වචනය බොරු කරන්න මට ලැබුනෙ නෑ. . බුද්ද වචනය තියෙන්නෙ ත්‍රිපිටකයෙ නම් කියවන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනෙ ත්‍රිපිටකය. . ගහේ කදට ගහන්න ඕනා. . ඒක වටේ තියෙන වල් පැල වලට වත් ගහ වටේ එතිච්ච වැල් වලට ගහලා වැඩක් නෑ. .

    මමත් ආසයි සදාකාලිකව ස්වර්ගෙක සැප විද විද ජීවත් වෙන්න. .
    ඒක හිතලා කියෙව්වා ඒ අදාල ආගම් දෙකේ පොත් දෙකම. . ඒවල තියෙන බයිලා දැක්කම ස්වර්ග එපාවුනා. .
    මට තේරෙන පිලිගන්න පුලුවන් කියලා හිතුන බුදුදහම ත්‍රිපිටකය තව තවත් කියෙව්වා. . තවමත් බොරු කල හැකි බුද්ද වචනයක් මට හොයාගන්න ලැබුනෙ නෑ. .

    මොන ආගමක් වත් සදාකාලික නෑ. . ඔක්කොම අනිත්යයි බන්. . උබ උබෙ ආගමෙ විදියට ලබන ආත්මය එක්කො සදාකාලිකව ස්වර්ගේ නැත්තන් සදාකාලිකව අපායේ කියලා හිතපන්. . ප්‍රශ්නෙ ඉවරනෙ. .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,916
    113
    එකමත් එක රටක
    Then no need to worship buddha in that sense?
    මම කිව්වේ බන් ආගමක්/දර්ශනයක් ඇත්ත කියලා විශවාස කරගෙන යන එක හෙන සාපේක්ෂයි ඒ දර්ශනේ තියන දේවල් වලින්ම අරන් බැලුවොත් කියලා බන්. මේ භාවයේ එක දර්ශනයක් කරේ තියන් යන කෙනා ලබන භාවයේ මේ වගේම තව එකක් ගැන විශ්වාස තියාගෙන ඒක මයි හරි කියන්න පුලුවන්..
    උබ දැන් ඔහොම ටෝක් දුන්නට next life එකේ හෙන ධාර්මික ත්‍රෙඩ් දාන්න , ළමයි ගොඩක් හදන්න ඉඩ තියනවා ;)
    දැන් කියන්න එපා උබ අයිත් ඉපදෙන්නේ නෑ කියලා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    jkk.JPG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    මම කිව්වේ බන් ආගමක්/දර්ශනයක් ඇත්ත කියලා විශවාස කරගෙන යන එක හෙන සාපේක්ෂයි ඒ දර්ශනේ තියන දේවල් වලින්ම අරන් බැලුවොත් කියලා බන්. මේ භාවයේ එක දර්ශනයක් කරේ තියන් යන කෙනා ලබන භාවයේ මේ වගේම තව එකක් ගැන විශ්වාස තියාගෙන ඒක මයි හරි කියන්න පුලුවන්..
    උබ දැන් ඔහොම ටෝක් දුන්නට next life එකේ හෙන ධාර්මික ත්‍රෙඩ් දාන්න , ළමයි ගොඩක් හදන්න ඉඩ තියනවා ;)
    දැන් කියන්න එපා උබ අයිත් ඉපදෙන්නේ නෑ කියලා.
    දැන් කියන්න එපා උබ අයිත් ඉපදෙන්නේ නෑ කියලා. :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,916
    113
    එකමත් එක රටක
    ත්‍රේඩ් දාපන්. . ප්‍රශ්න අහපන්. . මමත් බුදුදහම බොරුවක් වෙන්න පුලුවන් කොතනක හරි බොරුවක් ඇති කියලා හිතලා ත්‍රිපිටකය කියවපු කෙනෙක්. . කිසිම තැනක බුද්ද වචනය බොරු කරන්න මට ලැබුනෙ නෑ. . බුද්ද වචනය තියෙන්නෙ ත්‍රිපිටකයෙ නම් කියවන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනෙ ත්‍රිපිටකය. . ගහේ කදට ගහන්න ඕනා. . ඒක වටේ තියෙන වල් පැල වලට වත් ගහ වටේ එතිච්ච වැල් වලට ගහලා වැඩක් නෑ. .

    මමත් ආසයි සදාකාලිකව ස්වර්ගෙක සැප විද විද ජීවත් වෙන්න. .
    ඒක හිතලා කියෙව්වා ඒ අදාල ආගම් දෙකේ පොත් දෙකම. . ඒවල තියෙන බයිලා දැක්කම ස්වර්ග එපාවුනා. .
    මට තේරෙන පිලිගන්න පුලුවන් කියලා හිතුන බුදුදහම ත්‍රිපිටකය තව තවත් කියෙව්වා. . තවමත් බොරු කල හැකි බුද්ද වචනයක් මට හොයාගන්න ලැබුනෙ නෑ. .

    මොන ආගමක් වත් සදාකාලික නෑ. . ඔක්කොම අනිත්යයි බන්. . උබ උබෙ ආගමෙ විදියට ලබන ආත්මය එක්කො සදාකාලිකව ස්වර්ගේ නැත්තන් සදාකාලිකව අපායේ කියලා හිතපන්. . ප්‍රශ්නෙ ඉවරනෙ. .
    ඉතින් මමත් බෞද්ධ තමයි. ලබන බවයක උබයි මමයි ඔය දැන් ඉන්න මතේම නැතුව වෙන එකක ඉන්න පුලුවන්. උබ සමහරවිට මුස්ලිම් වෙලා ඉපදිලා අල්ලෙක් විශාවස කරන්න ඉඩ තියනව. නැත්නම් මොකක් හරි කතෝලික ආගමක ඉපදිලා ස්වර්ගයක් වගේ දෙයක් දෙයියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරගෙන යන්න ඉඩ තියනව.
    මම කියන්නේ තනියම හිතන්න . එක එක ආගම් , ජාති වලට ඕනවට වඩා කඩේ යන්න එපා.. එහෙම කරපු නැති නිසයි සිදුහත් උනත් ඒ තැනට ආවේ. නැත්නම් දන්නෙම නැතුව මොකක් හරි දෙයක් ඇත්ත කියලමයි පේන්නේ .
     
    • Like
    Reactions: BadBlueGenius

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    සිදුහත් කුමාරයා බුදුවෙන්න ගියේ බිරිද අත් හැරලා.. වාද කරන්නත් සුදුසු පුද්ගලයො ඉන්නවා... සොරි කියලා ඒක අමතක කරන්න කියලා වෙනදා වගේ ඉදහන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    ඕක තමා ඉතිං කෙල වෙලා තියෙන්නෙ

    ගනං ඉගෙනගන්න ගිහින් ගණිතයෙ ඉතිහාසය ඉගෙනගෙන වැඩක් නෑනෙ?

    අන්න ඒ වගේ මේකත්
     
    • Like
    Reactions: S_M_S and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එහෙමනම් නොදන්නා බුද්ධාගම විවේචනය කරන්න එපා ඉතාසුලු කරැනක් අල්ලාගෙන
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉතින් මමත් බෞද්ධ තමයි. ලබන බවයක උබයි මමයි ඔය දැන් ඉන්න මතේම නැතුව වෙන එකක ඉන්න පුලුවන්. උබ සමහරවිට මුස්ලිම් වෙලා ඉපදිලා අල්ලෙක් විශාවස කරන්න ඉඩ තියනව. නැත්නම් මොකක් හරි කතෝලික ආගමක ඉපදිලා ස්වර්ගයක් වගේ දෙයක් දෙයියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරගෙන යන්න ඉඩ තියනව.
    මම කියන්නේ තනියම හිතන්න . එක එක ආගම් , ජාති වලට ඕනවට වඩා කඩේ යන්න එපා.. එහෙම කරපු නැති නිසයි සිදුහත් උනත් ඒ තැනට ආවේ. නැත්නම් දන්නෙම නැතුව මොකක් හරි දෙයක් ඇත්ත කියලමයි පේන්නේ .

    අනිත් ආගම් ඔක්කොම වගේ දේවවාදි ආගම්නේ. . බුදු දහමත්, අනිත් ආගමුත් සියල්ල සදාකලිකව තියෙන්නේ නෑ. .

    බුදු දහමත් එහෙමයි. . ඒක නිසයි කිව්වේ මේ සසර ගමන අවසන් කරන්න හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ උත්සහ කරන්න කියලා. . බුද්ද ශාසනයක් ඇතිනම් විතරයි සෝවාන් හරි වෙන්න පුලුවන්. . මේක නැතිවුනාම බෑ. . ආයෙ බුද්ද ශාසනයක් එනකන් පවතින විවිදාකාර ආගම් වල තමයි අපිටත් ඉන්න වෙන්නේ. . උබට මට කාටත් එහෙමයි. . අපි එදාට ඒ ඒ ආගම් වෙනුවෙන් යුද්ද කරයි, මිනිස්සු මරයි, මිත්යාදෘශ්ටියට යයි. . අපායවල ගිහින් දුක්විදියි. . සසර ගමන කෙලවරකර ගන්න තමයි මහන්සිවෙන්න ඕනේ. . ඒකට හරිම විදිය ත්‍රිපිටකයම කියවලා එහි කරුනු තමන්ම තේරුම් ගන්න එක. . අන්න එහෙම හොයද්දි වරදක් තිබ්බොත් බොරුවක් තිබ්බොත් මටත් කියපන්. . අන්න එදාට මටත් පුලුවන් සදාකාලික ස්වර්ගයක් ඇති කියලා හිතන්න. . ඇත්තම කතාව බුදුදහම බොරු වෙනවනම් මිනිස්සු ගොඩක් කැමති. . ආගමේ නාමෙන් කියලා මිනියක් මරලා සදාකාලික ස්වර්ගෙ යන්න මිනිස්සු කැමති. . ඕක ඇත්ත කියලා පිලිගන්න පුලුවන් වුනානම් මමත් දැන් ස්වර්ගෙකට ගිහින්. .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,916
    113
    එකමත් එක රටක
    බුදු දහමත් එහෙමයි. . ඒක නිසයි කිව්වේ මේ සසර ගමන අවසන් කරන්න හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ උත්සහ කරන්න කියලා. . බුද්ද ශාසනයක් ඇතිනම් විතරයි සෝවාන් හරි වෙන්න පුලුවන්. . මේක නැතිවුනාම බෑ. . ආයෙ බුද්ද ශාසනයක් එනකන් පවතින විවිදාකාර ආගම් වල තමයි අපිටත් ඉන්න වෙන්නේ. .
    මේක උබ මේ භවයේ විශ්වාස කරන එක බන්. ඔය වගේම උබ ලබන භවයක මුස්ලිම් එකෙක් වෙලා මේ කිසි දෙයක් නැතුව වෙනම දෙයක් ඔය විදියටම විශ්වාස කරන්න ඉඩ තියනව.
    මේ ආත්මේ දෙමළට බනින, සිංහලුන්ට තමයි මේ රට අයිති වගේ ටෝක් දෙන උන් ගිය ආත්මෙක දෙමළෙක් වෙන්න පුලුවන්
    මේ ආත්මේ හෙන දේශප්‍රේමී එකෙක් ගිය ආත්මේ මේ රට අල්ලගන්න ආපු සුද්දෙක් වෙන්න පුලුවන්. ඔය හැම එකම සාපේක්ෂයි.

    මම කියලා නෑ බුදු දහම් බොරු වගේ කතාවක් කොහේවත් . බුදු දහමේ ම එන ඊලග භවයක් තියනව කියන එක අරන් බලල තමයි මම ඕක කිව්වේ. උබ දැන් ඔය ත්‍රිපිටකයක් ගැන කියවන්නේ උබ මේ ලංකාවේ ඉපදුන නිසා නේ. උබ අරාබියේ වගේ ඉපදුනා නම් කුරානේ ගැන ඔය විදියටම තර්ක කරයි . උබට එහෙම නෑ කියන්න පුලුවන් ද ? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.

    ට්‍රිගර් නොවී අගටම කියවන්න.

    අනිවාර්‍යයෙන්ම ධර්මාශෝක බුද්ධාගම යොදාගන්නව එයාගෙ රාජ්‍ය පාලනයට. කාලිoගය කියන්නෙ බොහොම බලවත් රාජ්‍ය‍යක්. ඒවගේ එකක් එක්ක කරපු යුද්ධය අශෝක දිනුවට වෙච්ච හානිය බොහොම විශාලයි. එතකොට මේක යටත් කරගත්ත රටවල් සහ අනික් ලගපාත තිබ්බ බලවත් රාජ්‍ය‍යන්ට දැනුනොත් වෙන දේ අමුතුවෙන් අශෝකට විස්තර කරන්න ඕනි වෙන්න නැතුව ඇති එයාට තිබ්බ රාජ්‍ය පාලන දැනුම එක්ක. එතනින් එහාට වෙච්ච දේවල් කැමති විදියකට ලියල අලවල දෙන්න ධර්මාශෝකට පුළුවන් වෙනව එයාගෙ තිබ්බ බලයත් එක්ක.

    බුද්ධාගම ලන්කාවට ගෙනාව කොටස අරගෙන බැලුවොත් ඒක අපි දන්න ඉතිහාස කතාවට වඩා ගොඩක් වෙනස් වෙනව රාජ්සෝමදේව මහත්තය කූරගල ආශ්‍රිතව හොයාගෙන තියන දේවල් එක්ක. ඒ කියන්නෙ මිහිදු මහ රහතන්වහන්සේගේ පැමිණීමට පෙර ඉදලම ලන්කාවෙ බුද්ධාගම තිබ්බ ඒ වෙනුවෙන් පුජා කරපු ප්‍රාදේශිය පාලකයන් ඉදල තියෙනව. ගිරිහඩු සෑය උනත් අපි අහල තියෙන දේවල්නෙ.

    එතකොට මොකද්ද මිහිදු මහරහතන් වහන්සේ ලන්කාවට අරගෙන ආවෙ. ඒ අරගෙන ආවෙ බුද්ධාගමටත් වඩා රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයක්. ඉන්දියාවෙ අධිරාජ්‍ය‍යෙක් විසින් තමන්ගෙ අධිරාජ්‍ය ආරක්ෂා කරගන්න එවපු දූත මෙහෙවරකට රෙස්පොන්ස් කරපු එක තමා දේවානම්පියතිස්ස රජතුමා කරන්නෙ. ඒ ලැබෙන අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ වෙනකොට රටේ පිරිසක් විශ්වාස කරගෙන පිළිපැදපු ධර්මය රාජ්‍ය ආගම බවට පත් කරගන්නව. අපිලග තිබ්බෙ නෑ ප්‍රධාන තැනක් බුද්ධාගම වෙනුවෙන් මහමෙව්නා උයන හදල ශ්‍රීමහා බෝධිය රෝපණය කරල සතර දිශාවන්වලට ධර්මය ප්‍රචාරය කරල දේවානම්පිය තිස්ස රජතුමත් රාජ්‍ය බලය තහවුරු කරගන්නව.

    මේ වෙනකොට ලන්කාවෙ තත්වෙ මෙහෙමයි හෙළ කියන ලොකු කුලකය ඇතුලෙ යක්ක නාග දේව රාක්ෂ කියල කොටස් හතරක් තමා පාලනය කරගෙන ගියෙ. එතකොට පණ්ඩුකාභය රජතුමා යක්ෂ ගෝත්‍රික රජ කෙනෙක් සහ එයාට රාජ්‍ය අභාශය ඇවිත් තිබ්බෙ විජයගෙන් ආපු පරමපරාවෙන්. දෙවානම්පියතිස්ස එතකොට යක්ෂ ග්‍රෝත්‍රික රජ කෙනෙක් සහ ඔය කුරගල වගේ පැතිවල ඉන්නෙ රාක්ෂ, දේව ගෝත්‍රික අය. මේ වෙනකොට නාග ගෝත්‍රවල අය කැලණිය වගේ ගන්ගා අශ්‍රිතව ජීවත් වෙනව මේ කොටස් වල බහුතරයක් නොවුනත් යම් කොටසක් මේ වෙනකොට බුද්ධාගම පිළිඅරගෙන තිබ්බ. මේක දේවානම්පියතිස්ස රජතුමාටත් හොද අවස්තාවක් රටම එකට එකතු කරන්න.

    දෙතිස්පල බෝධි රෝපණය වෙලා තියෙන තැන් ටික අරගෙන බැලුවොත් පෙනෙයි රටේ හැම පැත්තක්ම කවර් වෙන්න දේවානම්පියතිස්ස රජතුමා දෙතිස්පල බෝධි රෝපණය කරනව
    https://mahamegha.lk/2017/12/17/jaya-sri-maha-bodhin-wahanse/

    මෙතනින් පස්සෙ බුද්ධ ධර්මය සින්හල බුද්ධාගම බවට ටික ටික පත් වෙන්න පටන් ගන්නව. යක්ක නාග දේව රාක්ෂ කොටස් කිසිම වෙනසක් නැතුව තම තමන්ගෙ විශ්වාස ඇදහිලි වල අදහපු දෙවිවරුන්ට වඩා ඉහල තැනක් බුදුහාමුදුරුවන්ට දෙන්න පටන් ගන්නව. ශාන්තිකර්ම වගේ දේවල් ඔය කොටස් වල ආභාශවලින් එකතු වෙච්ච දේවල්. දුටුගැමුණු රජතුමා සහ වළගම්බා රජතුමා ලොකු වැඩ කොටසක් කරනව බුද්ධාගම සින්හල ජාතිය එක්ක බද්ධ කරන්න. ඒක කොච්චර ප්‍රබලව සිද්ධවෙලාද කියන එක අපිට බලාගන්න පුළුවන් ගාල්ල මාතර වගේ පැතිවලට ගිහින් බැලුවොත්. සුද්ද අවුරුදු 500ක් ඒ පැතිවල ඉදලත් ලොකු වෙනසක් ආගමට කරන්න බැරි උනා.

    එතකොට දැන් අපි ලග තියෙන්නෙ ඉන්දියාවෙන් ආපු සංස්කෘතියක් නෙවෙයි අපි ලග දැන් තියෙන්නෙ බුද්ධාගම සමග එකතු වෙච්ච අර ග්‍රෝත්‍ර හතරෙ තිබ්බ සංස්කෘතිය සහ ඒක අවුරුදු ගාණක් තිස්සෙ එකතු වෙච්ච අපේම දෙයක්.

    අපි තාම වදින්නෙ ගස්වලට සහ ගඩොල්වලට නෙවෙයි. අපි බෝධියට වදින්නෙ තේරුමක් ඇතුව. අපි වදින්නෙ අපේ ශ්‍රාසතෲන් වහන්සේට බුද්ධත්වය ලබාගන්න කරපු උපකාරය නිසා. බොධිපුජාවකින් ඉල්ලන්නෙ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට පිහිට උනාවගේ අපේ මේ කරදර වලටත් පිගිට වෙන්න කියල.
    වෙහෙරට වදින්නෙ වෙහෙර හදනකොට තැන්පත් කරපු ධාතු නිසා.

    බුද්ධ ධර්මය කියන්නෙ සදාකාලික සත්‍යක් විදියට තමා බෞද්ධ අපි පිළිගන්නෙ. එතකොට ඒක සින්හල බුද්ධාගම උනා කියල වෙනස් වෙන්නෙ නෑ වෙනස් වෙන්නෙ ඒක තියෙන ඇසුරුම විතරයි. (http://www.budusarana.lk/budusarana/2014/10/31/tmp.asp?ID=vision04)

    බුදුහාමුදුරුවන් දේශනාකරපු විදියට බුද්ධ ධර්මය තේරුම් ගන්න පුළුවන් තමන්ගෙ නුවණින් විමසල කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා කියලයි බුද්ධ දේශනාව. සින්හලු ඒක නොකෙරුවට වෙන රටවල ඉදල බුද්ධ ධර්මය අහන අය නන් ඒක කරගන්නව.

    සින්හලු ගොඩක් අය අමූලික ශ්‍රද්ධාවෙ හිරවෙලා ඉන්නෙ මේ වෙනකොට. ( https://www.budusarana.lk/budusarana/2010/07/11/tmp.asp?ID=vision03) ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාවට යන්න බෑ. ප්‍රඥාවට යන්න බැරි පින් මදි අයට ශ්‍රද්ධාව වැඩි කරගන්න තමා ඔය බෝධිය, වෙහෙර විහාර බුදුපිළිම වගේ දේවල් තියෙන්නෙ. ශ්‍රද්ධාව තියෙන අය ප්‍රඥාවට යන අයට යන්න බුද්ධාගම ආරක්ශා කරල දෙනව හැම කෙනාටම ඒ පින නැති නිසා එක ජෙනරේශන් එකකින් 1%කට අඩු ප්‍රමාණයක් එහෙම වෙනව ඇත්තෙ. ඒත් ඒ 1% වෙනුවෙන් අනික් අය යුද්ධ කරල මේක ආරක්ශා කරල දෙනව. ඕක දැනගෙන කරන දෙයක් නෙවෙයි ඉබේම වෙන දෙයක් කලින් කිව්ව වගේ දුටුගැමුණු රජතුමා ඒක ඒ විදියට වෙන්න හැදුව.

    ගොඩක් දේවල් කෙටි කරල ලිව්වෙ අහල දැකල කියවල තියෙන දේවල් එක්ක. මේක 100% හරිම කියල මම තර්ක කරන්නෙ නෑ මම ඒ කාල වල ජීවත් වෙලා නැති නිසා. තිබ්බ දත්ත එක උනා කියල හිතන දේ තමා ලිව්වෙ.

    @හෙළයෙක් ඔයාගෙ අදහස දැම්ම නම් වටිනවා

    @Sathira529
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    IKL,

    *shared a document that related to Buddha written by a nigger, because im bored :dull: . the logic behind that document is some monkey shit,
    "මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ" it is true. :),

    the wake of "BLM" :lol:, "burn loot murder", 2013 - 202?. according to them everything black. :lol:,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක උබ මේ භවයේ විශ්වාස කරන එක බන්. ඔය වගේම උබ ලබන භවයක මුස්ලිම් එකෙක් වෙලා මේ කිසි දෙයක් නැතුව වෙනම දෙයක් ඔය විදියටම විශ්වාස කරන්න ඉඩ තියනව.
    මේ ආත්මේ දෙමළට බනින, සිංහලුන්ට තමයි මේ රට අයිති වගේ ටෝක් දෙන උන් ගිය ආත්මෙක දෙමළෙක් වෙන්න පුලුවන්
    මේ ආත්මේ හෙන දේශප්‍රේමී එකෙක් ගිය ආත්මේ මේ රට අල්ලගන්න ආපු සුද්දෙක් වෙන්න පුලුවන්. ඔය හැම එකම සාපේක්ෂයි.

    මම කියලා නෑ බුදු දහම් බොරු වගේ කතාවක් කොහේවත් . බුදු දහමේ ම එන ඊලග භවයක් තියනව කියන එක අරන් බලල තමයි මම ඕක කිව්වේ. උබ දැන් ඔය ත්‍රිපිටකයක් ගැන කියවන්නේ උබ මේ ලංකාවේ ඉපදුන නිසා නේ. උබ අරාබියේ වගේ ඉපදුනා නම් කුරානේ ගැන ඔය විදියටම තර්ක කරයි . උබට එහෙම නෑ කියන්න පුලුවන් ද ? :rofl:

    උබට සින්හල තෙරෙන් නැද්ද? උබ ප්‍රශ්නෙ ඇහුවෙ බුදුදහම ඇතුලෙ ඉදන්නෙ. . ලබන ආත්මයක් තියෙනවා ඒකෙදි වෙන ආගමිකයෙක් වෙන්න පුලුවන් කිව්වා. . එකෙදි ඒ ආගම් වෙනුවෙන් සටන් කරයි කිව්වා. . මම කිව්වා ඔව් ඒක ඇත්ත මේ සසර ගමනේ එහෙම වෙනවා විවිද ආගම් වල ඉපදෙනවා කියලා. .

    මට ආයේ ආයේ එකම එක ටයිප් කරන්න බෑ. . උබ පොට්ටද කියපන් මුලින්. .
    දැන් මම කිව්වේ මම ලන්කාවේ ආගම් තුනේම ප්‍රදාන පොත් කියෙව්වා කියලා. . ස්වර්ගෙට ගිහින් සදාකාලික සැප විදින්න මමත් ආසයි ඒ අදහසින් කියෙව්වා පොත් දෙකක් ඒ පොත් දෙකේම බොරු තිබුනා. . ඒ නිසා ඒ එකක් වත් විශ්වාස කරන්න බෑ. . ත්‍රිපිටකයත් කියෙව්වා තාම මට බොරුවක් හොයාගන්න බැරිවුනා. . උබ මොකක්ද දැන් මට කියන්නේ බොරු තිබුන එක විශ්වාස කරන්න කියලද දැනට බොරුවක් නොතිබුන එක විශ්වාස කරන්න කියලද?

    උබ මට පැහැදිලිව ප්‍රශ්නෙ කියපන් උබ බවුද්දයෙක් කියපු නිසා උත්තරයක් දෙන්න. .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ත්‍රෙඩ් එකේ කට්ටිය කතාකරනවා ඕපී ඇහුවෙ මොකද්ද, කට්ටිය කතාවෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ.

    මේක උබ මේ භවයේ විශ්වාස කරන එක බන්. ඔය වගේම උබ ලබන භවයක මුස්ලිම් එකෙක් වෙලා මේ කිසි දෙයක් නැතුව වෙනම දෙයක් ඔය විදියටම විශ්වාස කරන්න ඉඩ තියනව.
    මේ ආත්මේ දෙමළට බනින, සිංහලුන්ට තමයි මේ රට අයිති වගේ ටෝක් දෙන උන් ගිය ආත්මෙක දෙමළෙක් වෙන්න පුලුවන්
    මේ ආත්මේ හෙන දේශප්‍රේමී එකෙක් ගිය ආත්මේ මේ රට අල්ලගන්න ආපු සුද්දෙක් වෙන්න පුලුවන්. ඔය හැම එකම සාපේක්ෂයි.

    මම කියලා නෑ බුදු දහම් බොරු වගේ කතාවක් කොහේවත් . බුදු දහමේ ම එන ඊලග භවයක් තියනව කියන එක අරන් බලල තමයි මම ඕක කිව්වේ. උබ දැන් ඔය ත්‍රිපිටකයක් ගැන කියවන්නේ උබ මේ ලංකාවේ ඉපදුන නිසා නේ. උබ අරාබියේ වගේ ඉපදුනා නම් කුරානේ ගැන ඔය විදියටම තර්ක කරයි . උබට එහෙම නෑ කියන්න පුලුවන් ද ? :rofl:

    ඉතින් මොකද්ද ඕකෙ වැරැද්ද? බුදුහම එක්ක තියන නොගැලපීම හෝ ඒක බුදුදහම පිලිගන්න කෙනෙක්ගෙ ක්‍රිටීක් එකක් වෙන්නෙ කොහොමද?

    සාපේක්ෂ බව ඉතින් බුදුදහම ඉහලින්ම පිලිගන්නවනෙ. ඒකනෙ ඔය සේරම ප්‍රපංච ගොඩට දාන්නෙ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ත්‍රේඩ් දාපන්. . ප්‍රශ්න අහපන්. . මමත් බුදුදහම බොරුවක් වෙන්න පුලුවන් කොතනක හරි බොරුවක් ඇති කියලා හිතලා ත්‍රිපිටකය කියවපු කෙනෙක්. . කිසිම තැනක බුද්ද වචනය බොරු කරන්න මට ලැබුනෙ නෑ. . බුද්ද වචනය තියෙන්නෙ ත්‍රිපිටකයෙ නම් කියවන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනෙ ත්‍රිපිටකය. . ගහේ කදට ගහන්න ඕනා. . ඒක වටේ තියෙන වල් පැල වලට වත් ගහ වටේ එතිච්ච වැල් වලට ගහලා වැඩක් නෑ. .

    මමත් ආසයි සදාකාලිකව ස්වර්ගෙක සැප විද විද ජීවත් වෙන්න. .
    ඒක හිතලා කියෙව්වා ඒ අදාල ආගම් දෙකේ පොත් දෙකම. . ඒවල තියෙන බයිලා දැක්කම ස්වර්ග එපාවුනා. .
    මට තේරෙන පිලිගන්න පුලුවන් කියලා හිතුන බුදුදහම ත්‍රිපිටකය තව තවත් කියෙව්වා. . තවමත් බොරු කල හැකි බුද්ද වචනයක් මට හොයාගන්න ලැබුනෙ නෑ. .

    මොන ආගමක් වත් සදාකාලික නෑ. . ඔක්කොම අනිත්යයි බන්. . උබ උබෙ ආගමෙ විදියට ලබන ආත්මය එක්කො සදාකාලිකව ස්වර්ගේ නැත්තන් සදාකාලිකව අපායේ කියලා හිතපන්. . ප්‍රශ්නෙ ඉවරනෙ. .
    මම ඇත්තටම මේක දැනගන්න අහන්නේ.ඔයා ත්‍රිපිටකය කියවල තියෙන නිසා මට මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්න.
    සංයුත්ත නිකායේ ඛන්ද වර්ගයේ තියෙනවා වැස්ස වලාහක,සීත වලාහක,වාත වලාහක ආදී වශයෙන් සූත්‍ර.මේවගෙන් වැස්ස වලාහක සූත්‍රයේ තියෙන විදියට වැස්ස ඇති වෙන්නේ වැස්ස වලාහක දෙවිවරු "අපි දැන් පංචකාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි" කියලා හිතනකොට කියලා.ඒත් අපි ඉස්කෝලෙ හය වසරෙදි වගේ ඉගෙන ගන්නවා වැස්ස ඇති වෙන්නෙ ජල චක්‍රයේ අංගයක් විදියට කියලා.එතකොට බුදුහාමුදුරුවො මේකෙන් අදහස් කරන්න ඇත්තෙ මොකද්ද?මට ඇත්තටම නොතේරෙන නිසයි අහන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,916
    113
    එකමත් එක රටක
    උබට සින්හල තෙරෙන් නැද්ද? උබ ප්‍රශ්නෙ ඇහුවෙ බුදුදහම ඇතුලෙ ඉදන්නෙ. . ලබන ආත්මයක් තියෙනවා ඒකෙදි වෙන ආගමිකයෙක් වෙන්න පුලුවන් කිව්වා. . එකෙදි ඒ ආගම් වෙනුවෙන් සටන් කරයි කිව්වා. . මම කිව්වා ඔව් ඒක ඇත්ත මේ සසර ගමනේ එහෙම වෙනවා විවිද ආගම් වල ඉපදෙනවා කියලා. .

    මට ආයේ ආයේ එකම එක ටයිප් කරන්න බෑ. . උබ පොට්ටද කියපන් මුලින්. .
    දැන් මම කිව්වේ මම ලන්කාවේ ආගම් තුනේම ප්‍රදාන පොත් කියෙව්වා කියලා. . ස්වර්ගෙට ගිහින් සදාකාලික සැප විදින්න මමත් ආසයි ඒ අදහසින් කියෙව්වා පොත් දෙකක් ඒ පොත් දෙකේම බොරු තිබුනා. . ඒ නිසා ඒ එකක් වත් විශ්වාස කරන්න බෑ. . ත්‍රිපිටකයත් කියෙව්වා තාම මට බොරුවක් හොයාගන්න බැරිවුනා. . උබ මොකක්ද දැන් මට කියන්නේ බොරු තිබුන එක විශ්වාස කරන්න කියලද දැනට බොරුවක් නොතිබුන එක විශ්වාස කරන්න කියලද?

    උබ මට පැහැදිලිව ප්‍රශ්නෙ කියපන් උබ බවුද්දයෙක් කියපු නිසා උත්තරයක් දෙන්න. .
    උබ පොත් කියවල තියනව වගේ දෙයක් අදාළ නෑ බන් . ඒක උබ කොහොම තේරුම් ගත්තද නැද්ද කියල ඒකින් කියවෙන්නේ නෑ .
    හැම ආගමක වගේ බුද්දාගම කියන එකෙත් ඕන තරම් අතිශෝක්ති තියන ඒවා තියනව උබට කොච්චර කිව්වත් ඇත්ත කියලා ඔප්පු කරගන්න බැරි. දේව සංකල්ප ,දිව්‍යලෝක, අපාය ,අපායේ තියන දඩුවම් , බෞද්ධ කතා වල එන හාස්කම වගේ දේවල් කිසි දෙයක් උබට ඒ විදියටම ඇත්ත කියලා ඔප්පු කරගන්න බෑ තව බුද්දාමට සම්බද කොහේ හරි දෙයක් reference එකක් විදියට දෙන්නේ නැතුව. මේ බණ අහපන් කියයි. මේ පොත කියවන්න කියයි. ඒ ඇරෙන්න ඔය වගේ ඕන තරම් දේවල් තියනව හැම ආගමකම.ඔය දැන් තියන හැම ආගමක් ම ඔය වගේ යම් කාලයකට සාපේක්ෂව හදුන ඒවා කියල හිතන්න පුලුවන් ඒවාට සම්බන්ද කතා එක්ක. මොකක් හරි දර්ශනයක් නිසා තමයි ලෝකේ පවතින්නේ නැත්නම් හැම එකාම මරා ගන්නවා වගේ මෝඩ තර්ක ලෝකේ කෑල්ලකට විතරක් සීමා උන හුදකලා අදහස්. එහෙම එකක් නැති උනා කියල මුකුත් වෙන්නේ නෑ .
     
    • Love
    Reactions: BadBlueGenius

    tourbochathu

    Member
    Jan 10, 2009
    20
    24
    3
    මචන්, උඹ මේගැන අහන්නෙ just curious හින්දද ?, wife එක්ක වාද කරන්නද ? නැත්තන් මෙතන වැටෙන comment වලින් සත්‍ය අසත්‍යතාව තීරණය කරල, ධර්මය පිලිගැනිම හෝ නොපිලිගැනීම තීරණය කරන්නද ?