මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.
දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
ට්‍රිගර් නොවී අගටම කියවන්න.
අනිවාර්‍යයෙන්ම ධර්මාශෝක බුද්ධාගම යොදාගන්නව එයාගෙ රාජ්‍ය පාලනයට. කාලිoගය කියන්නෙ බොහොම බලවත් රාජ්‍යයක්. ඒවගේ එකක් එක්ක කරපු යුද්ධය අශෝක දිනුවට වෙච්ච හානිය බොහොම විශාලයි. එතකොට මේක යටත් කරගත්ත රටවල් සහ අනික් ලගපාත තිබ්බ බලවත් රාජ්‍යයන්ට දැනුනොත් වෙන දේ අමුතුවෙන් අශෝකට විස්තර කරන්න ඕනි වෙන්න නැතුව ඇති එයාට තිබ්බ රාජ්‍ය පාලන දැනුම එක්ක. එතනින් එහාට වෙච්ච දේවල් කැමති විදියකට ලියල අලවල දෙන්න ධර්මාශෝකට පුළුවන් වෙනව එයාගෙ තිබ්බ බලයත් එක්ක.
බුද්ධාගම ලන්කාවට ගෙනාව කොටස අරගෙන බැලුවොත් ඒක අපි දන්න ඉතිහාස කතාවට වඩා ගොඩක් වෙනස් වෙනව රාජ්සෝමදේව මහත්තය කූරගල ආශ්‍රිතව හොයාගෙන තියන දේවල් එක්ක. ඒ කියන්නෙ මිහිදු මහ රහතන්වහන්සේගේ පැමිණීමට පෙර ඉදලම ලන්කාවෙ බුද්ධාගම තිබ්බ ඒ වෙනුවෙන් පුජා කරපු ප්‍රාදේශිය පාලකයන් ඉදල තියෙනව. ගිරිහඩු සෑය උනත් අපි අහල තියෙන දේවල්නෙ.
එතකොට මොකද්ද මිහිදු මහරහතන් වහන්සේ ලන්කාවට අරගෙන ආවෙ. ඒ අරගෙන ආවෙ බුද්ධාගමටත් වඩා රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයක්. ඉන්දියාවෙ අධිරාජ්‍යයෙක් විසින් තමන්ගෙ අධිරාජ්‍ය ආරක්ෂා කරගන්න එවපු දූත මෙහෙවරකට රෙස්පොන්ස් කරපු එක තමා දේවානම්පියතිස්ස රජතුමා කරන්නෙ. ඒ ලැබෙන අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ වෙනකොට රටේ පිරිසක් විශ්වාස කරගෙන පිළිපැදපු ධර්මය රාජ්‍ය ආගම බවට පත් කරගන්නව. අපිලග තිබ්බෙ නෑ ප්‍රධාන තැනක් බුද්ධාගම වෙනුවෙන් මහමෙව්නා උයන හදල ශ්‍රීමහා බෝධිය රෝපණය කරල සතර දිශාවන්වලට ධර්මය ප්‍රචාරය කරල දේවානම්පිය තිස්ස රජතුමත් රාජ්‍ය බලය තහවුරු කරගන්නව.
මේ වෙනකොට ලන්කාවෙ තත්වෙ මෙහෙමයි හෙළ කියන ලොකු කුලකය ඇතුලෙ යක්ක නාග දේව රාක්ෂ කියල කොටස් හතරක් තමා පාලනය කරගෙන ගියෙ. එතකොට පණ්ඩුකාභය රජතුමා යක්ෂ ගෝත්‍රික රජ කෙනෙක් සහ එයාට රාජ්‍ය අභාශය ඇවිත් තිබ්බෙ විජයගෙන් ආපු පරමපරාවෙන්. දෙවානම්පියතිස්ස එතකොට යක්ෂ ග්‍රෝත්‍රික රජ කෙනෙක් සහ ඔය කුරගල වගේ පැතිවල ඉන්නෙ රාක්ෂ, දේව ගෝත්‍රික අය. මේ වෙනකොට නාග ගෝත්‍රවල අය කැලණිය වගේ ගන්ගා අශ්‍රිතව ජීවත් වෙනව මේ කොටස් වල බහුතරයක් නොවුනත් යම් කොටසක් මේ වෙනකොට බුද්ධාගම පිළිඅරගෙන තිබ්බ. මේක දේවානම්පියතිස්ස රජතුමාටත් හොද අවස්තාවක් රටම එකට එකතු කරන්න.
දෙතිස්පල බෝධි රෝපණය වෙලා තියෙන තැන් ටික අරගෙන බැලුවොත් පෙනෙයි රටේ හැම පැත්තක්ම කවර් වෙන්න දේවානම්පියතිස්ස රජතුමා දෙතිස්පල බෝධි රෝපණය කරනව
https://mahamegha.lk/2017/12/17/jaya-sri-maha-bodhin-wahanse/
මෙතනින් පස්සෙ බුද්ධ ධර්මය සින්හල බුද්ධාගම බවට ටික ටික පත් වෙන්න පටන් ගන්නව. යක්ක නාග දේව රාක්ෂ කොටස් කිසිම වෙනසක් නැතුව තම තමන්ගෙ විශ්වාස ඇදහිලි වල අදහපු දෙවිවරුන්ට වඩා ඉහල තැනක් බුදුහාමුදුරුවන්ට දෙන්න පටන් ගන්නව. ශාන්තිකර්ම වගේ දේවල් ඔය කොටස් වල ආභාශවලින් එකතු වෙච්ච දේවල්. දුටුගැමුණු රජතුමා සහ වළගම්බා රජතුමා ලොකු වැඩ කොටසක් කරනව බුද්ධාගම සින්හල ජාතිය එක්ක බද්ධ කරන්න. ඒක කොච්චර ප්‍රබලව සිද්ධවෙලාද කියන එක අපිට බලාගන්න පුළුවන් ගාල්ල මාතර වගේ පැතිවලට ගිහින් බැලුවොත්. සුද්ද අවුරුදු 500ක් ඒ පැතිවල ඉදලත් ලොකු වෙනසක් ආගමට කරන්න බැරි උනා.
එතකොට දැන් අපි ලග තියෙන්නෙ ඉන්දියාවෙන් ආපු සංස්කෘතියක් නෙවෙයි අපි ලග දැන් තියෙන්නෙ බුද්ධාගම සමග එකතු වෙච්ච අර ග්‍රෝත්‍ර හතරෙ තිබ්බ සංස්කෘතිය සහ ඒක අවුරුදු ගාණක් තිස්සෙ එකතු වෙච්ච අපේම දෙයක්.
අපි තාම වදින්නෙ ගස්වලට සහ ගඩොල්වලට නෙවෙයි. අපි බෝධියට වදින්නෙ තේරුමක් ඇතුව. අපි වදින්නෙ අපේ ශ්‍රාසතෲන් වහන්සේට බුද්ධත්වය ලබාගන්න කරපු උපකාරය නිසා. බොධිපුජාවකින් ඉල්ලන්නෙ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට පිහිට උනාවගේ අපේ මේ කරදර වලටත් පිගිට වෙන්න කියල.
වෙහෙරට වදින්නෙ වෙහෙර හදනකොට තැන්පත් කරපු ධාතු නිසා.
බුද්ධ ධර්මය කියන්නෙ සදාකාලික සත්‍යක් විදියට තමා බෞද්ධ අපි පිළිගන්නෙ. එතකොට ඒක සින්හල බුද්ධාගම උනා කියල වෙනස් වෙන්නෙ නෑ වෙනස් වෙන්නෙ ඒක තියෙන ඇසුරුම විතරයි. (
http://www.budusarana.lk/budusarana/2014/10/31/tmp.asp?ID=vision04)
බුදුහාමුදුරුවන් දේශනාකරපු විදියට බුද්ධ ධර්මය තේරුම් ගන්න පුළුවන් තමන්ගෙ නුවණින් විමසල කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා කියලයි බුද්ධ දේශනාව. සින්හලු ඒක නොකෙරුවට වෙන රටවල ඉදල බුද්ධ ධර්මය අහන අය නන් ඒක කරගන්නව.
සින්හලු ගොඩක් අය අමූලික ශ්‍රද්ධාවෙ හිරවෙලා ඉන්නෙ මේ වෙනකොට. (
https://www.budusarana.lk/budusarana/2010/07/11/tmp.asp?ID=vision03) ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාවට යන්න බෑ. ප්‍රඥාවට යන්න බැරි පින් මදි අයට ශ්‍රද්ධාව වැඩි කරගන්න තමා ඔය බෝධිය, වෙහෙර විහාර බුදුපිළිම වගේ දේවල් තියෙන්නෙ. ශ්‍රද්ධාව තියෙන අය ප්‍රඥාවට යන අයට යන්න බුද්ධාගම ආරක්ශා කරල දෙනව හැම කෙනාටම ඒ පින නැති නිසා එක ජෙනරේශන් එකකින් 1%කට අඩු ප්‍රමාණයක් එහෙම වෙනව ඇත්තෙ. ඒත් ඒ 1% වෙනුවෙන් අනික් අය යුද්ධ කරල මේක ආරක්ශා කරල දෙනව. ඕක දැනගෙන කරන දෙයක් නෙවෙයි ඉබේම වෙන දෙයක් කලින් කිව්ව වගේ දුටුගැමුණු රජතුමා ඒක ඒ විදියට වෙන්න හැදුව.
ගොඩක් දේවල් කෙටි කරල ලිව්වෙ අහල දැකල කියවල තියෙන දේවල් එක්ක. මේක 100% හරිම කියල මම තර්ක කරන්නෙ නෑ මම ඒ කාල වල ජීවත් වෙලා නැති නිසා. තිබ්බ දත්ත එක උනා කියල හිතන දේ තමා ලිව්වෙ.
@හෙළයෙක් ඔයාගෙ අදහස දැම්ම නම් වටිනවා
@Sathira529