හරි මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න කාලය දෙන්න.Minkowski spacetime කියන්නෙ (t, x, y, z) බේසිස් හතරක් තියෙන අවකාශය. ඒකෙ තමයි මින්කොව්ස්කි, ලෝරන්ස්, අයින්ස්ටයින් වගේ අය විශේෂ සාපේක්ෂතාවාදයෙන් ෆ්‍රේම්වර්ක් එක හදන්න පදනම් කරගත්තෙ. F = ma යුක්ලිඩ් ස්පේස් එකේ ලියවෙනව වගේ ලෝරන්ස් න්‍යාස සමීකරණ වගේ සාපේක්ෂතාවාදී ප්‍රකාශන ලියවෙන්නෙ මින්කොව්ස්කි අවකාශයෙදි.
යුක්ලීඩ් අවකාශය අපිට හුරුපුරුදු නිසා මින්කොව්ස්කි අවකාශයත් ඒ වගේ කියල හිතුවට කමක් නෑ. නමුත් ඒ දෙකේ වෙනස දැනගෙන. ඒ අවකාශ දෙකම flat අවකාශ දෙකක් (flat කියන්නෙ ද්විමාන කියන එක නෙමේ). අසමාන කම වෙන්නෙ මින්කොව්ස්කි අවකාශයෙ ලක්ෂ්‍ය දෙකක් අතර දුර මැනෙන "ක්‍රමය" (හෙවත් metric එක) ටිකක් වෙනස්. යුක්ලීඩිය දුර මැනෙන්නෙ සියලුම පද ධන වන පෛතගරස් සවරූපයෙන් උනාට මින්කොව්ස්කි මෙට්‍රික් එකේ ඍණ පදත් තියෙනව.
"මිනිස්සු කියන උත්තර" කියල මන් අදහස් කලේ ඇඟට පතට දැනෙන විදිහෙන් කියන heuristic උත්තර ගැන. කමක් නෑ ඒව කිව්වට.
මන් කියන්න හැදුවෙ මේකයි. සාපේක්ෂතාවාදයෙ ගොඩක් පොප් ලෙවල් එකෙන් සිත්ගන්නාසුලු ප්‍රශ්න මතුවෙනවනෙ. මේ අහල තියෙන ආලෝකයෙ වේගය සම්බන්ධව ගැටලු, කාල සංකෝචනය ගැන විසංවාද වගේ දේවල්. ඒ ප්‍රශ්න බොහෝමයක් සාපේක්ෂතාවාදය පලවෙලා පළවෙලා මුල් අවුරුදු කීපයෙ ඇහිල විසඳුන ඒව. නිදසුනක් විදිහට twin paradox එක වගේ විරුද්ධාභාසයක් ගත්තත් ඒ ප්‍රශ්නය එන්නෙ විශේෂ සාපේක්ෂතාවාදයෙ ත්වරණ ගැන කතා වෙනව කියල මිනිස්සු නොදන්න නිසා (මං හිතන්නෙ තාමත් ගොඩක් අය වි/සා තියෙන්නෙ ඒකීය චලිත වලට සා/සා හැදුනෙ තවරණ විස්තර කරන්න කියන දුර්මතයෙ ඉන්නව) ත්වරණය වෙන රාමුවක මෙට්‍රික් එක යාවත්කාලීන වෙන නිසා ඒ විරුද්ධාභාසය අහෝසි වෙලා යනව. විශේෂ සාපේක්ෂතාවාදයෙ අපි ක්ලැසිකල් මිකැනික්ස් වල කතා කරන හැම දෙයක් වගේම අඩංගු කරන්න පුලුවන් එකම දේ ගතික සමීකරණ සංකීර්ණ වෙන එක විතරයි.
හැබැයි සාපේක්ෂතාවාදී ෆ්‍රේම්වර්ක් එකේ මූලධාර්මික ප්‍රශ්න තවමත් තියෙනව. ඒව බොහෝ විට mathematical physics ඒරියා එකේ කතා වෙන දේවල් හැබැයි. අර උඩ කිව්ව ගැටලු නෙමෙයි.
ඊට පස්සේ ඔයාට රිප්ලයි කරන්නම්
ඔව් තව උත්තරයක් තියනවා සැහෙන හොයන්න. එකෙන් පස්සේ අයිම මේ ත්‍රෙඩ් එක ඇදල ගමුඑන්ට්රොපි එකකත් එක්ක ඕක ටිකක් සම්බන්දයි වගේ නේද ?කාලය කියනදේ පවතින්න මොකක් හරි දෙයක් වෙන්න ඕන මචන්,දවසක මේ ඔක්කොම ශක්තිය ශුන්‍ය වෙලා හැමදේම නවතිනවා,එතකොට කාලය කියලා දෙයක් නැ.මන් ඕක ගැන සැහෙන කලෙකෙට කලින් හොද විඩියෝ එකක් බැලුව,චැනල් එක මතක නැ,
බිග් බෑන් එකෙන් පස්සේ අපි එක්තරා විදිහක එක්ස්පෑන්ඩ් එකක්නේ ඉන්නේ,මමත් මේවා තියරි ගැන දන්නේ නැ,රෑ වෙලා පොඩ්ඩක් හොයල බලල අර ලින්ක් එක දැන්නම්.පොඩ්ඩක් එන්ට්‍රොපි එක ගැන හොයලා බලන්න,
------ Post added on Jul 14, 2021 at 3:13 PM
