රජයේ රස්සා ගන්නව නම් පුද්ගලිකව තව රස්සා කරන එක තහනම් කරන්න ඕනේ.
අපේ ඉස්කෝලේ අපිට උගන්නපු ගුරුවරු හිටියා එයාලගේ ටියුෂන් වලට යන්නෙ නැති ළමයින්ට පංතියෙදි ලකුණු අඩු කරපු. පුදුම කාලකන්නි. සල්ලි කාර ළමයින්ව උඩ දාගන හිටපු ගුරුවරු හිටියා. ටිකක් හරි දුර්වල ලමයව ගොඩ ගන්න බලපු ගුරුවරු ජීවිතේටම දෙතුන් දෙනෙක් දැකලා ඇති. ඊට වැඩිය ටියුෂන් විතරක් කරන කේසිරි වගේ සර්ලා ජීවිතේට දෙයක් කරා. කේසිරි, අමිත් පුස්සැල්ල නැත්තන් අපිට කැම්පස් එකක් දකින්නවත් වෙන්නෙ නෑ. ඒ තරම් හොදට ඉස්කෝලවල වැඩ කරා.
ටියුෂන් ගුරාල නැත්තම් අපිත් සොරි තමා .
ටියුශන් ගුරාලා ඉගැන්නුවහම තමා සමහරක් ඕ ලෙවල් වල පවා ගණිත සංකල්ප අපෙ ඔළුවට හරියටම ගියෙ.
නැත්තම් ඕ ලෙවල් වලදි ඉස්කොලෙ නිකන් ඔහෙ කරලා දැම්මා.
ඕ ලෙවල් වලදි හරියටම ඉගැන්නුව ගුරුවරු මට සෙට් උනෙ ඉස්කොලෙ 10 වසරෙ පන්තියෙ ඉතිහාසය ගුරුතුමා සහ ඉස්කොලෙ ඕ ලෙවල් පන්තියෙ කොමර්ස් ගුරා.
කොමර්ස් ගුරා අපෙ ඉස්කොලෙ ආදිසිසුවෙක් .
අපෙ ඉස්කොලෙ නම් විෂයන් හරියට උගන්වපු ගුරුවරු අහු වෙලාම නැහැ මට නම්.
අපෙ හොඳම ගුරුවරු හිටියෙ කොමර්ස් සෙක්ෂන් එකෙ.
ගොඩක් ඒ ගුරුවරු අපෙ ඉස්කොලෙන්ම කොමර්ස් කරලා කැම්පස් ගිහින්
ගුරුවරු වෙච්ච අය.
ඉතිං ආදි ශිෂ්‍යයො නිසා පොඩි හැඟීමකින් වැඩ කරන නිසාත් කොමර්ස් සෙක්ෂන් එක ලස්සනට ගියා .
එත් බයො ,මැත්ස් ,ආර්ට්ස් නම් කතා කරන්න එපා.
රොයල් ආනන්ද නාලන්ද වගෙ තැන වල ගුරුවරු බයටම වැඩ කරනවා.
මොකද ඒ වායෙ රටෙ ලොකු තැන් වල ඉන්න අයගෙ ළමයි වැඩිපුර ඉන්නෙ.
එත් අනික් ඉස්කොල වල නම් සොරි ඩොට් කොම් තමා.
ඉස්කොලෙම ඉගෙන ගෙන ඒ ඉස්කොලෙම පත්වීම අරගෙන ආපු ආදිසිසුවෙක් වගෙ බුවෙක් නම් ඔන්න ටිකක් හොඳට කරනවා .
ඩිසිප්ලින් එහෙම නියමෙට හදනවා ඒ ගොල්ලො.
මොකද තමන් උගත් පාසල ගැන හැඟීමකින් වැඩ කරන නිසා .
එහෙම ගුරුවරු හිටියොත් නම් සිරා .