LG Dual Inverter eke 18000btu eka dawasata paya 15 wage use unoth kochchara wage bill weida?
Meeta wada aduwen yana ekak thibboth atapattamata kiyanna hondeindoor temp eka 28-30 --- > Unit 1.2-1.5 wage yanne A/C ekata 15h.
indoor temp eka 30-34 ---> Units 2 wage yanawa.
A/C temp eka 26 dala.
koi vidiya unath maseta units 35k wage thamai mata yanne max.
dan 3 months records walata anuwa.

Meeta wada aduwen yana ekak thibboth atapattamata kiyanna honde![]()
Na..matath oka tiyenne..12k btuHAHAHA!! viswasa nane.
Wait, usage screenshots tikak dannam.
Ithin harine bn.. 2units per 25C -->> 20+H sounds ok.Na..matath oka tiyenne..12k btu
Roughly 2 units yanewa dawesata (25 C and 20+ hours)
Umba energy savings mode pawichchi kerenewada?…mama 60 % eketa daala tiyenne..
Ela machn …. room eke 2+ innewanan energy savings mode yana eke therumak na mama hithanneIthin harine bn.. 2units per 25C -->> 20+H sounds ok.
mama daytime use karanne na machan. only night.
energy savings modes use karanne na.
mage room eke temp eka 30C uda aniwaryenma.
Hi'cool danawa 5mins wage, ethakota 27C walata enawa rata. ita passe 26C danawa. ita adu temp eke inna ba sithalai. cool wadi.
mata comfortable 26C machn.
Ela machn …. room eke 2+ innewanan energy savings mode yana eke therumak na mama hithanne
මේ උඹ නේද අර කලින් කිව්වෙ AC එකකට එච්චර අඩුවෙන් යන්නම බෑ කියල. මට ඒ වගේ මතකයි?indoor temp eka 28-30 --- > Unit 1.2-1.5 wage yanne A/C ekata 15h.
indoor temp eka 30-34 ---> Units 2 wage yanawa.
A/C temp eka 26 dala.
koi vidiya unath maseta units 35k wage thamai mata yanne max.
dan 3 months records walata anuwa.
මේ උඹ නේද අර කලින් කිව්වෙ AC එකකට එච්චර අඩුවෙන් යන්නම බෑ කියල. මට ඒ වගේ මතකයි?
Aluth R32 Gas model eke energy consumption eka wediy wageda ? puluwn ikmanta podi update ekak diyan e gena.!
Now it comes with Econavi+AI.may be it's still learning your room.give it a few days and see
Ow bn... mama dual cool ekata maru una april wala.
mage kalin thibuna whirlpool ekak eke giya mara vidiyata.
eth machan 24H dala thibunoth mata hithenne 3-3.5 wath evi kiyala. Ubalage 24h 2i neda awe?
mekai bn, oka wenas wenava godak dewal ekka.
room size / room eke inna count eka / BTU / room temp / outdoor temp / oparatinal time / saving mode
kiyanawa nam thawa 10k vithara kiyanna puluwan. Api owa kalpana karanne nane bn. ekai case eka.
Ube case ekedi uba kiuwa eka hari wenna puluwan.
Ado uba meter eka wenas karala kela vevida danne na. eka kiyanath ba.
නියමෙට විස්තර දාලා තියනව මචන් බොහොම ස්තුති.ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,
මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,
උන් කිව්ව සර්විස් 3ක් ෆ්‍රී දෙන්නම් කියල, හැබැයි අපි මතක ඇතුව මාස 3කින් උන්ට කතා කරල සර්විස් ටික කරගන්න ඕන ඒකත් අවුරුද්දක් ඇතුලත, ඊට පස්සෙ Service Agreement එකක් ගහන්න ඕන කිව්ව සර්විස් ටික කරන්න, ඒ ගැන නම් තාම මට ලොකු අවබෝධයක් නෑ, වොරන්ටි හම්බවුණා මුලු මැෂින් එකටම අවුරුද්දක්, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක්.
ඊට පස්සෙ දවසෙම එහෙන් දෙන්නෙක් ඇවිල්ල ඒ.සී එක කාමරේ හයිකරල ගියා, උන්ගෙ සර්විස් නම් හොඳයි වගේ කියල හිතෙනව.
දැන් ඒ.සී එක ගැන කතාන්දරෙ ඉවරයි, දැන් බහිමු කරන්ට් බිල ගැන,
මේකෙ ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ කට්ටිය කරන්ට් බිල ගැන අහල ඒත් කවුරුවත් හරියට උත්තරයක් දීල තිබ්බෙ නෑ, ඇත්තටම මමත් මේ ඒ.සී එක ගන්න කළින් මේකෙ ත්‍රෙඩ් පීර පීර හෙව්ව කරන්ට් බිල ගැන කවුරුවත් හරියට කියල තියේද කියලා, සමහරු කියනව 15,000ක් විතර යයිලු, තවත් සමහරු කියනව 2,000ක් යයිලු, එක එක දේවල්, ඒ නිසා මම මේක අරගෙන හැමදාම ඔන් එකේ තියලම බැලුව, මාසයක් හොඳ අවදානයෙන් හිටිය බිල ගැන, මමත් ෆ්‍රීලාන්ස් කරන නිසා ගෙදරටම වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට, ඒ නිසා මේක පැය 24ම වගේ ඔන් එකේ තමයි තියෙන්නෙ, මට මේ බිල ආව මාසෙම වැඩිම වුණොත් පැය 8ක් වගේ ඒ.සී එක ඔෆ් එකේ තියෙන්න ඇති(හිතාගන්න පුලුවන්නෙ පාවිච්චිය ගැන). ඒ නිසා මේ බිල් එකෙන් හොඳ අදහසක් ඔය කට්ටියට ගන්න පුලුවන් මොකද ඒ.සී එක මාසෙම වගේ දාලා තිබ්බ නිසා,
බිල් එකට බහින්න කළින් කියන්න ඕන මගේ කාමරෙ සයිස් එකයි තියෙන බඩු මුට්ටු ගැනයි, නැතුව තව කෙනෙක්ට අදහසක් ගන්න අමාරුයිනෙ,
කාමරෙ නම් ටිකක් පොඩි එකක්, පළල අඩි 8යි, දිග අඩි 11.3
ලැප්ටොප් දෙකක් තියෙනව, තව ඇඳක් තියෙනව, මේස දෙකක් තියෙනව, ඔන්න ඔච්චරයි කාමරෙ තියෙන්නෙ.
තව ඒ.සී එක නිසාම ඇලුමිනියම් දොරක් හදවල ගැහුව Door Closer එකක් එක්කම,
Heat generate කරන Device එකකට තියෙන්නෙ ලැප් දෙක විතරයි, බල්බ් එකත් LED ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං,
ඒ.සී එක අරගෙන දවස් 2ක් ගියාම මට බිල් එක ආව, ඒ නිසා ඊළඟට එන බිල ඒ.සී එක නිසාම තමයි වැඩි වෙන්නෙමම කළින් මාසෙ බිලයි මේ මාසෙ බිලයි දෙකම දාන්නම්,
කළින් මාසෙ බිල 2,178.00ක් ඇවිල්ල තියෙනව(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ දවස් 24කින් ඒ මාසෙ) - යුනිට් 109ක් පාවිච්චි කරල තියෙනව(දින ගාණ අඩු නිසා මේක ටිකක් කචල් හරිනම් මීට වඩා වැඩි වෙන්න ඕන, සාමාන්‍යයෙන් 160කට කිට්ටු ගාණක් එනව),
මේ මාසෙ බිල ආව(ඒ.සී එක දැම්මයින් පස්සෙ) ගාණ 5,253.00(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ ගොඩක් පරක්කු වෙලා, දවස් 36කින්) යුනිට් 220ක් තියෙනව.
කොහොමහරි බිල රුපියල් 3000කින් වගේ වැඩි වෙලා, හැබැයි කළින් මාසෙ බිල හරි විදියට ආවනම් රුපියල් 3000ක් අනිව කලින් මාසෙ එනව, එහෙම වුණා නම් රුපියල් 2000කින් වගේ තමයි යන්නෙ,
කොහොමහරි සමස්ථයක් විදියට බැලුවොත් ඒ.සී එකට මාසෙටම යුනිට් 50-80ත් අතර වගේ යනව,
දැන් කියන්නම් මගේ පාවිච්චිය ගැන,
මම කිව්ව වගේ පැය 24ම දාල තියෙන්නෙ(බිල් එක ආව මාසෙත්), සතියටම උපරිම වුණොත් පැය4ක් වගේ ඔෆ් කරල තියන්න ඇති, මේකෙ ECO Mode එකක් තියෙනව, ඒක දැම්මම Outdoor Unit එක ටිකක් වෙලාවක් ගිහිල්ල තමයි ඔන් වෙන්නෙ, හැබැයි කාමරෙත් පොඩ්ඩක් රත් වුණාම ඔන් වෙන්නෙ(ඒක එච්චරටම දැනෙන්නෙත් නෑ හැබැයි) ගොඩක් රස්නෙ දවසක්නම් ECO Mode එක අයින් කරනව, මම දාගෙන ඉන්නෙම 26ට, රෑට නිදාගනිද්දි අනිවා ECO Mode අයින් කරල 26ට දාල තමයි නිදාගන්නෙ, හිටපු ගමන් 25ටත් දාගෙන ඉන්නව හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ සීතල වැඩියි,
මේක කාමරේට ගොඩක් ලොකු ඒ.සී එකක් නිසා මුලු කාමරේම හොඳටම සීතල වෙන්න යන්නෙ විනාඩි 3යි වගේ(මටත් හිතාගන්න බෑ, මාර ඉක්මණට කූල් වෙනව)
කොහොමහරි දළ වශයෙන් අපේ ගෙදර කළින් ආව 2500ක වගේ බිල දැන් මේක නිසා 5000කට කිට්ටු ගාණක් එනව, කළින් යුනිට් 130-160ත් අතර වගේ ආව බිල දැන් 210-230ක් වගේ එනව,
හැබැයි මේ විදියට එන්නෙ ඒ.සී එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන, මාසෙම කූල් එකේ ඉඳලඅනිත් එක මේක 12,000BTU එකක්, එයිට අඩු එකක් නම් තව කරන්ට් එක අඩුවෙන් යයි,
මම හිතනව කට්ටියම හොඳ අදහසක් ගන්න ඇති කියල, ප්‍රශ්න තියේනම් අහපං මේ ගැන,
පල්ලෙහායින් බිල් එකේ ෆොටෝ එකයි, ඒසී එකයි, ඒකෙ රිමෝට් එකයි දාන්නම්, බිල් එකේ කළින් මාසෙ බිල ආව විදියත් ඇති,
මේක තමයි භාණ්ඩෙ,
![]()
![]()
![]()
![]()
බිල් එක-කළින් මාසෙ එකත් ඕකෙම තියෙනව,
![]()
![]()
![]()
රිමෝට් එක
View attachment 72841
අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න,
එලකිරි!
Lg dual cool 12000 btu model number eka mokadda ?
With wi fi
Meka kohomada
https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb
Thailand lg eka mita wada efficient da
අබාන්ස් සර්විස් හරි නෑ. ඔයා මේකෙම ත්‍රෙඩ් එකක් දාල අහල බලන්න ඕන තරම් කට්ටිය කියයි.Meka kohomada
https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb
Thailand lg eka mita wada efficient da
මචං උඹ අලවපු PVC කොල වල දැන් තත්වය කොහොමද ? තවම හොඳට තියෙනවද ? ඩබල් සයිඩ් ටේප් එක ගැලඋනේ නැද්ද ?සිවිලිම සීල් කරේ නෑ මචෝ, ආව අයත් කිව්ව සිවිලිම සීල් කරන එක තේරුමක් නෑ කියල, මාත් ඒ ගැන එච්චර හෙව්වෙ නෑ බං, ඒත් සීල් කරා නම් මෙයිට වඩා ටිකක් හරි හොඳයි කියල හිතෙනව බං,
ජනෙල් වලට නම් කඩේ තියෙනව PVC කොල කියල එකක්(නම නම් ෂුවර් නෑ බං), අන්න එයින් රෝලක් ගත්ත, රුපියල් 1000කට කිට්ටු ගානක් ගියෙ, ඒකත් එක්ක ඩබල් ටේප් රෝලක් ගත්ත, ඒවයින් තමයි කොල ඇලෙව්වෙ, ගොඩක් සරළ දෙයක් මචං