ලොකු ගේමක් ගැහුවා මුල් කාලේ.. කට්ටිය ඔක්කොම ඇදිලා ගියා..
ඒ උනාට උන් බලාපොරොත්තු උන පරිදි ලොකුවට සිග්නල් කවරේජ් එකක් දී ගන්න බැරි උනා..
අනිත් නෙට්වර්ක් ඔක්කොම 4G පස්සේ යනකොට මුන් 3G පස්සේ ගියා.

දැන් අනිත් නෙට්වර්ක් 5G පස්සේ යනකොට මුන් 4G දෙනවා..
මුන් හිතේ හැටියට ආතල් එකේ පෑකේජ් වාසී දීගෙන කස්ටර්මර් බේස් එක වැඩි කරගෙන එනකොට විදුලි සන්දේශ එකෙන් කෙලියා , ඔක්කොම නෙට්වර්ක් වල ගාස්තු එක සමාන කරලා , සර්විස් එක අතින් විතරක් තරගයක් දෙන්න පුලුවන් වටපිටාවක් හැදුවා..

ඕක කරේ මොබිටෙල් එවුන් මම හිතන විදිහට..
ඔය සීන් එක නිසා ඔක්කොම නෙට්වර්ක් එදා ඉදන් හිටපු තැන් වලම තවම ඉන්නවා ස්ථාන ගත වෙලා.
එයාර්ටෙල් කියන්නේ ලංකාවේ දැනට තියෙන චාටර්ම නෙට්වර්ක් එක කිව්වොත් නිවැරදියි..

කස්ටමර් කෙයාර් කෝල් කරොත් මොකක් හරි බොරුවක් කියලා උන් ලිස්සලා යනවා..

උදව්වක් ගන්න එයාර්ටෙල් බ්‍රාන්ච් එකක් නෑ , තිබ්බොත් ඒකත් පෙට්ටි කඩයක් වගේ අකුලන් ඉන්නේ..
කාඩ් එකක් දාගත්තම සල්ලි එකස්පයර් වෙන්නේ නැති සීන් එකක් තිබ්බා..

ඕක නිසා ගොඩක් එවුන් රු.20 ක් දාලා සිම් එක නිකන් තියන් ඉන්නේ..

ෆීඩම් පැක් එකෙන් ඕකට කෙලියා දැන් එක්ස්පයර් වෙනවා නැවත නැවත කාඩ් රීලෝඩ් දැම්මේ නැත්තම්.
හැබැයි උන්ට ලොකු තරගයක් දෙන්න බෑ තවම අනිත් නෙට්වර්ක් එක්ක..
ඒකයි සීන් එක..