අද උබලට අරන් ආවේ පට්ට deodorant , antiperspirant එකක් නම Dove Go fresh cucumber and green tea. උබලා කොච්චර perfume ගැහුවත් වැඩක් නෑ දාඩිය ගඳ එක්ක මික්ස් උනහම අවුල්. ඒකට තමයි මන් මේක ගැන කියන්න හිතුවේ.
මේකේ වාසි..
48hrs effect එක තියනවා කිව්වට ටෙස්ට් කරන්න නොනා හිටියේ පහුවදා වෙනකල් විතරයි (පැය 24යි) ඉතින් මම ඒ වෙනකොටත් මේකේ effect එක තිබ්බා
මේක spray එකක් නිසා කිහිල්ලට ගහපු ගමන් වේලිලා යනවා ඉතින් වේලෙනකල් කියලා අත උස්සන් බලන් ඉන්න ඕනි නෑ
ශර්ට් එකේ පැල්ලම් හිටින්නේ නෑ
perfume එක overpower කරන්නේ නැ. දවසම ෆ්රෙශ් පිට ඉන්න පුලුවන්.
මේක women's deodorant එකක්. උබලා දන්නවනේ පිරිමින්ට හදන deodorant වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ ඒත් මේක එහෙම නෑ. හැබැයි මේක ගෑණුන්ට විතරයි කියලා නිකන් අමුත්තක් හිතන්න එපා.
මිල? මන් මේක daraz එකෙන් ගත්තේ 650කට (මතක ඇතුව UK version එකම ගනිල්ලා)
යූස් කරලා රිසාල්ට්ස් කියහල්ලා....