දැන් ඔය පර්මිට් එකක් ඇත්තෙම නැතුව වාහනේ වටිනාකම වගේ 5 ගුණයකටත් වඩා ගෙවලා අනිත් මිනිස්සු වාහන ගන්නෙ කොහොමද ඔයිට වඩා අඩු පඩිත් ලැබිලා?
stress වෙන්නෙ මොකටද ?
දීපු වැඩේ නොකල කියලා, කියපු දේ කරේ නෑ කියල දඬුවම් විඳපු එකම එක දේශපාලකයෙක් පෙන්නන්න.

දඬුවමක් නැති තැන කවුද බය වෙන්නෙ? ලොල්. බනිනවලු. කවුරුවත් ඇවිත් මූනට බනිනවද? ගහනවද? ඔය අනිත් ජොබ් කරන හැම එකාම බැනුම් අහන්නෙ. එතකොට උන් හොරකම් කරත් සාධාරණයිද?
දඬුවමක් විදියට චන්දෙන් පරාද වෙන්නෙත් නෑ ගොඩක් උන්. පරාද උනත් සුපිරි වාහනයක් තියෙනවා පෙන්ෂන් එකක් තියෙනවා. ලංකාවෙ වැඩිම වියදමක් යන්නෙ වාහනයක් ගන්නයි, ගෙයක් හදන්නයි. වාහනේ තියෙනවා උන්ට. ඒකත් පරණ මරුටි ලඩියක්, රජ කාලෙ ජපන් වාහනයක් නෙවෙයි. සුපිරිම සුපිරි රටේ 98% ක් මිනිස්සුන්ට ගන්න හිතන්නවත් බැරි එකක්. පෙන්ෂන් එක හම්බවෙන්නෙ අවුරුදු 5ක් හිටියම. වෙන මිනිස්සුන්ට පෙන්ෂන් හම්බවෙන්නෙ අවුරුදු 60 ත් පැන්නට පස්සෙ. අවුරුදු 30 දි පාර්ලිමේන්තු යන එකෙක්ට 35 වෙද්දි සුපිරි වාහනේකුයි පෙන්ෂන් එකකකුයි තියෙනවා. මොකටද stress?
ලංකාවෙ අනිත් මිනිස්සුන්ට පවුල එක්ක ඉන්න වෙලාවක් තියෙනවද? දොස්තර කෙනෙක්ට, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ට එහෙම වෙලාවක් තියෙනවද? අඩුගානෙ රජයෙ නිවාඩු දවසකවත් නිවාඩු නෑ කියල දන්නවද? (තව ගොඩක් ඔහොම ජොබ් තියෙනවා. මම හොඳටම දන්න ප්‍රායෝගික අත්දැකීම් තියෙන දෙක කිව්වෙ.) එතකොට ඒක හොරකම් කරන්න, හොරකම දිහා "මානුෂීය ඇහෙන් බලන්න වගේ එකක් නොකියා කියන්න" සාධාරණ හේතුවක් ද?
ඔයිට වඩා 100 ක් අඩු පහසුකම් යටතෙ මිනිස්සු වැඩ කරන හැටි කිව්වා. කවුරුවත් උන්ව බලෙන් ඕකට දාන්නෙ නෑ. පඩි ඒ ගාන තියෙන්නෙ කියල දැනගෙනනෙ යන්නෙ. එතකොට අර අනිත් අයට කියන එකම තමයි කියන්න තියෙන්නෙ. පඩි අඩු නම් වෙන එකක් කරන්න. ඕකට ඒ ගානට එන්න කැමති අය ඒවි. ඔයාල ගුරුවරුන්ට කිව්වෙත් ඒකම නේද? මෙතන විතරක් ඒක වෙනස් වෙන්නෙ කොහොමද?
පඩි වැඩි කරාම හොරකම අඩු වෙන්නෙ නම් නැහැ තමයි. තියෙන පඩිය තව 3 ගුණේකින් වැඩි කරත් ඔය හොරු හොරකම් කරනවා කරනවාමයි. පඩිය නිසා නෙවෙයි හොරකම් නැති නොවෙන්නෙ. රටේ හරි නීතියක් නැති නිසා. තියෙන නීතිය වත් හමෝටම එක වගේ ක්‍රියාත්මක නොවෙන නිසා. රටේ නීති හදන්න ඕන උන්. උන් හොරු උනාම හොරුන්ව අල්ලන්න නීති හදනවද? නෑ. මේ රටේ මොලේ ගූ තියෙන මෝඩ හැත්තට ඕක නොතේරෙන්නෙ ඇයි කියන එක තමයි මට තේරෙන්නෙ නැත්තෙ. වරදක් කරාම දඬුවමක් තියෙනව කියන එක තහවුරු වෙලා තියෙන්න ඕන ඒක නොකර ඉන්න. ඒ ඇර වෙන වැල් බයිල ගහන්න පුලුවන්. වැඩක් වෙන්නෙ නෑ. අන්න ඒක තමයි "කාටවත් නටන්න බෑ" කියල පොන්**යෙක් ගෙනෙල්ලා බල්ලෙක්වත් ඌව ගනන් ගන්නෙ නැත්තෙ.