අපි දන්නෑ උබයි වයිෆුයි අතරෙ මොන මොන ප්රශ්ණ තියෙනවද කියලා. ඒ ප්රශ්ණ කොච්චර දුර දිග ගිහින්ද කියලා අපි දන්නෙත් නෑ. ඒවට කවුන්සලින් පලයන්.
ඩිප්රෙශන් තත්වෙ ගැන කතා කරොත්, පොසිටිව් විදිහට මේ ප්රශ්නෙ දිහා බලපන් මචන්. උබේ වයිෆ් උබේ වැරදිම දකින්නෙ නැතුව ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් තමන්ට ඩිප්රෙශන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවේ, උබේ වයිෆ් තමන්ට ඩිප්රෙශන් කියලා පිලිඅරගෙනත් තියෙනවා. එතනින් නතර නොවී උබේ වයිෆ් බෙහෙත් ගන්න හොස්පිට්ල් යන්නත් ලෑස්තියි.
ඩිවෝර්ස් වෙන්න ලේසියි බන්. එකට ඉන්න එකයි අමාරු. මිනිස්සු සතුටින් ඉන්නවා වගේ හිටියට, හැම පවුලකම පොඩි පොඩි ප්රශ්ණ නැතුව නෙවේ. හැබැයි ගොඩක් දෙනා ප්රශ්ණ මග හැරගෙන/විසඳගෙන එකට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට දෙන්නම කැපකිරීම් කරන්න වෙනවා.
උබ දැන් දන්නවා උබලා වලි දාගන්නකොට උබේ වයිෆ්ට මොකද වෙන්නෙ කියලා. මීට පස්සෙ වයිෆ්ව ඒ තැනට යවන්නෙ නැති වෙන්න ප්රශ්ණ විසඳගන්න බලන්න.