අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...